ගැබිණි ගුරුවරියන්ට පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙමින් ඊයේ නිකුත් කෙරුණු 21/2018 චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට අද නියෝග කර ඇත.
ඒ වෙනුවට ඕනෑම පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙන පරිදි චක්‍රලේඛය නිකුත් කරන ලෙස ද අගමැතිවරයා නියෝග කර ඇත.
අදාල චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණේ ගැබිණි ගුරුවරියන්ට සාරිය වෙනුවට ඇඳිය හැකි පහසු ගවුමක් හඳුන්වා දෙමිනි.
එහෙත් ඒ හඳුන්වා දුන් ගවුමේ ඇති අපහසුතා පිළිබඳව ගුරුවරියන් පිරිසක් අද පෙරවරුවේ අගමැතිතුමන් හමුවී කල අදහස් දැක්වීමකින් පසු අගමැතිවරයා මෙම පියවර ගනු ලැබීය.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ඇඳුමේ සැලසුම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නොදන්නා අතර එය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරියක් විසින් සැලසුම් කරන ලද එකක් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැබිණි මවට සුව පහසු, එහෙත් රටට ගැලපෙන ඇඳුමක් වියයුතුයි. රනිල් කියන විදිහට ඕනෑම ඇඳුමක් ඇඳගෙන ආවොත් කොහොම හිටියිද?
මේක ඉතා හොඳ යෝජනාවක්...
දරුෙවා නැති ගැණු කෙනක් තමයි අැදුම සැලසුම් කරන්න අැත්තෙ. ඒ් අය දන්නේ ෙකාෙහාමද ගැබිණි බව ගැන
ගුරුවරියන්ගේ රෙදි ගැනයි, ළමයින්ගේ රෙදි වවුචර් ගැනයි, දෙමාපිය රැස්වීමට යන අම්මලාගේ රෙදි ගැනයි, සැලසුම් සකස් කරනවා මිසක්, ගස් යට පන්ති පවත්වන පුංචි ඉස්කෝල වලට සම්පත් ලබාදෙන ක්‍රමවේදයක් නැහැ.හේතුව නම්- රෙදි ගැන කතාකිරීම ලේසියි. අනික් සැලසුම් අමාරුයි.
මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දී මෙයාට පෙනිලා තිබෙන්නේ ගැබිණි ටීචර්ලාගේ ඇඳුම.
"ඔන්න බොලේ ආවා අලුත් තාලේ ඇඟේ නැ ඇඳුම්" ඩෙස්මන් සිල්වා මතක්වෙනවා.
දරුවන් ලැබෙන්න ඉන්න ගුරු මෑණිවරු චිරාත් කාලයක් හොඳට ඇඳුම් ඇඳගෙන ආවනේ ඉතින් එයාලට ඒ විධියටම අඳින්න කියන්න. කොහොම උනත් ඔය ප්‍රශ්නේ තියෙන්නේ අන්තිම මාස තුනේ නැත්නම් හතරෙනේ.
බඩ පේන්න රෙද්දයි-හැට්ටෙයි අඳින්ට නියම කලානම් කව්රුත් කැමති වේවි.
අකිල මොකුත්ම දන්නෙ නෑ.... එයා බබා...
ඉතාම හොද යෝජනාවක්.. බුර්කාව ඉතාමත්ම සුදුසු ඇදුමක් ගැබිනි මාතාවන්ට..
මේ ආණ්ඩුවට මොනම දෙයක්වත් හරියට කරන්න පුලුවන්ද බැංකු කොල්ල කන එක හැර.
මම හිතනවා හොඳ දෙයක් කියල.
ඇඳුමෙන් මිනිස්සු මනින ලින් ගෙඹි මානසිකත්ව රටක අන්දුමටත් චක්‍රලේක දානවා, කවුරු මොනා ඇන්දත් ඒක දකින කෙනා මනසින් උසස් පරිනත නම් එයින් ඇති බලපෑමක් නැත .ලංකාවේ පාසල් තුල ආගමක් උගන් වන්නේ ඇයි? එහෙම උගන්නන්නේ නැති රටවල උසස් මනසකින් යුතු නීති ගරුක පුරවැසියන් බිහිවෙන්නේ ඇයි? වරද ඇත්තේ අපේ අධ්‍යාපන ක්‍රමයෙයි . විද්‍යාව සමග නිතිය සමග යායුතු අප සමාජය ආගමක් සංකෘතියක් එක්ක මන් මුලාවෙලා
බණ්ඩාර මහත්මය, ඔබ තුමා කියන්නේ අපේ ගුරුතුමියන් රටට ගැලපෙන ඇඳුමක් අදින්නවත් දන්නේ නැති තරම් නුගත් කියලද?
ලබන සතියේ ජනාධිපතිතුමා ඕක පත්තරෙන් දැක්ක ගමන් දිනේ නැති අලුත් චක්‍රෙල්ඛයක් ගහනවා තියෙන එක අවලංගු කරලා..
ලංකාවේ ඉදිරි ගමනට බාධාවක්ව තිබු මෙවන් ජාතික ප්‍රශ්නයකට විසඳුමක් ලැබීම ගැන යහපාලන රජයට ජාතියේ ප්‍රණාමය හිමිවේවා . සමහර ගුරුවරියෝ සාරි අදින්න බැරි හින්ද දරුවන් හදන්නේ නැතිව හිටිය .
ගැබිනියක්වූ පසුව සාරිය ඇඳගෙන රාජකාරියේ යෙදීමේ අපහසුතා දන්නේ ඒ තත්වයට පත් වූ කාන්තාවක්ම පමණයි. පොත් මිටියකුත් උස්සාගෙන පඩි පෙළක් නගින්න ගිය මගේ ඥාති ගැබිණි ගුරුවරියක් සාරියට පය පැටලී කරණමක් ගැහුවා. වාසනාවට ලැබෙන්න සිටිය දරුවා බේරුනේ ඇගේ කකුල උළුක්කු වී නැවතීමෙන්. දේශපාලක මහතුනට මේවා නොතේරෙන්නේ ඔවුන්ගේ බිරිඳ වරුන්ගෙන් බහුතරයක් කිසිම රැකියාවක් නොකර සැමියාගේ දේශපාලන මුදලින් යැපෙන නිසා. මේක අගමැති තුමාගේ මැතිනියට අදාළ නොවුනුනත් , රටේ බහුතරයක් කාන්තාවන් රැකියා කරමින් රජයට බදු ගෙවමින් දුක් වින්දිනවිට ඔවුන්ගේ සුභ සාධනයට යමක් සිදු නොවීම කනගාටුයි.
ගුරුවරියක් අපේ රටේ අනාගත පරපුර යහ මගට ගෙන ඒමේ කාර්යේ ප්‍රධාන නියමුවන්ගෙන් කෙනෙක්. ඇඳුමට සීමා පැනවිය යුතුය. ගුරු පරපුරටම ඔවුන්ගේ ඇඳුම සඳහා යම් සීමා පැනවිය යුතු කාලය ඇවිත්. ශරීරයේ වැසී පැවතිය යුතු කොටස් නිරාවරණය කරගන දරුවන් ඉදිරියේ රංග දක්වන ගුරුවරියන් දහස් ගණනක් ලංකාවේ ඉන්නවා. විශේෂයෙන්ම තරුණ දරුවන්ට උගන්වන ගුරුවරියන්. ලෝකේ කිසිම රටක නොදකින දෙයක්. බටහිර රටවල්වල පවා ගුරුවරියන් ඉතාම සංවර ඇඳුමක් අඳිනවා. අපේ ජාතික ඇඳුමේ සංවරබව තියෙන්නේ එය අඳින ආකාරය මත. සාරිය හෝ ඔසරිය අඳින්න නියම කර තිබුණට සංවරව එය අදින්න ඕනා. දරුවන් පාසල් යන්නේ දිනපතා වෛවර්ණ සාරිවලින් සැරසී ශරීරයේ කොටස් ප්‍රදර්ශනය කරමින් පන්තිය ඉදිරියේ රංග දක්වන ගුරුවරියන් සඳහා සීමා හඳුන්වා දිය යුතුය.
හිරු එළියත්, මව් කිරිත් ලෝකය නිර්මාණය කළේය..... යයි මැක්සිම් ගෝර්කි ලියා තැබුවේය. තම කිරිකැටියාගේ මුහුණ දෙස බලමින් කිරි දෙන එකම සත්වයා මානව ගැහැනියයි. එසේම සදාචාරවත්, දැනුම්වත්, ලෝකයක් නිර්මාණය කරන්නේ ගුරුවරයාය. ගර්භිණී මාතාවකට සුදුසු පහසු ඇඳුමක් යෝජනා කිරීම අගය කල යුතුය. එහෙත් එය ගුරු මව්වරුන්ගේ කැමැත්ත මත තීරණය විය යුතුය. තොටිල්ල පදවන ඇත ලෝකය පාලනය කරයි යන්න සැබෑවක් නම් සුදුසු ඇඳුමක් තෝරා ගැනීම ඔවුන්ටම ඉඩදිය යුතුය. නාගරික සහ ගැමි පරිසරයටත් ගැලපෙන ලෙස තෝරා ගැනීම කල යුතුය.