(ජේ.කේ.එල් චාමින්ද)
ඉන්ෆලුවෙන්සා වෛරස් උණ වැළදීමෙන් ඉකුත් දෙදින තුළ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
අද (26) අලුයම හා ඊයේ (25) රාත්‍රී මෙම කුඩා දරුවන් දෙදෙනා මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
මියගොස් ඇත්තේ මාස හයක හා අවුරුදු එකහමාරක පමණ වියැති කුඩා දරුවන් දෙදෙනෙකු බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
එම කුඩා දරුවන් රන්න හා මාතර යන ප්‍රදේශවල පදිංචි අය බව පවසන රෝහල් අධ්‍යක්ෂකවරයා මේ වනවිට වෛරස් උණ රෝගී තත්වයෙන් කුඩා දරුවන් 10 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් දරුවන් නම දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆලුවන්සා හා ඇඩිනෝ හා තවත් වෛරස් කිහිපයක් නිසා ඇතිවු සංකුලතාවයෙන් බව පරික්ෂණ වලදී අනාවරණය වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලට තවමත් ලෙඩේ ගැන වැටහීමක් නැහැ වගෙයි. දේශපාලනයයි, පෞද්ගකික බෙහෙත් කඩවල බිස්නස් එකයි හැරුණු විට මේ අයට කොහෙද ලෙඩ ගැන පරීක්ෂණ කිරීමට කාලයක්. පිටරටවල් වලින් විශේෂඥ වෛද්‍යවරු මේ රටට ගෙන්විය යුතුයි.
රටේ පාපය මුහුකුරා ගිහිල්ලා, අහිංසක දරුවන් වන්දිගෙවනවා
වයිරස් උණ වලින් රෝහල් උතුරනවා. මේ උණ බෝවීම වැලැක් වීමටයි කටයුතු කළ යුත්තේ. ඒ සදහා එන්නත් දියුණු රටවල භාවිතා කරනවා. මෙහි අදහස් පලකරන අය බොහොමයක් නියුමෝනියාවටත් වඩා දරැණු පපුව කුණුවීමේ රෝගය කින් පෙලෙන බව දැනෙනවා. තව සුමාන තුන හතරකින් ඩෙංගු වසංගතය පැමිණීමට නියමිතය. ඊට පෙර වත්ත පිටිය පිරිසිඳු කරගන්න. ඩෙංගු මරණ ගණන වැඩි වුනොත් ඔබගේ පපුවේ ආසාදනය හොඳකරගන්න බැරි ගානටම වැඩි වෙයි.