(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක වතුර රැගෙන පැමිණි බවුසරයක් ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම යානය A-320 එයා බස් වර්ගයට අයත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානයකි.
එම යානය පාකිස්තානයේ ලාහෝර් සිට යූ.එල්.-186 දරණ ගුවන් ගමන නිමවා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි .
එම යානයට වතුර රැගෙන පැමිණි බවුසරයක් එම යානයේ පිටුපස කොටසේ ගැටී ඇති අතර, එමගින් රුපියල් කෝටි එකහමාරක පමණ අලාභයක් සිදු වී ඇතැයි ගුවන් තොටුපොළ ප්‍රකාශකවරයකු පැවසීය.
මෙම බවුසරය පැදවූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රියදුරුවරයාගේ වැඩ තහනම් කර ඇති අතර , මෙම අනතුර එදින අලුයම සිදු වූ ලිස්සා යාමක් නිසා ද , නැතිනම් රියදුරු අතින් සිදු වූ වරදක් ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපාරේ වෙට්ටු දමමින් ත්රීවිලර් රථය පැදවූ පුරුද්දට එවැනි වෙට්ටුවක් ගුවන් තොටුපොළේ දැමීමට ගොස් සිදුවූ අනතුරක් වෙන්න බැරිද?
මෙය කා අතිනුත් සිදුවිය හැකි වැරද්දක් විය හැකියි.
ගුවන් තොටුපලේ සමහර විට නිකන් හම්බුවෙන ජරාවක් එහෙම බීලා හිටියාද දන්නේ නෑ.
දැන් තියෙන අලුත් වාහනවල ඔටෝ බ්රේක් තියෙන නිසා මේවගේ අනතුරු සිද්ධ වෙන්නේ නැහැ. එයාර්පෝර්ට් එකේ බව්සර් වලටත් ඔටෝ බ්රේක් සවිකලානම් හොඳයි.