(දයාරත්න ඇඹෝගම)
ගොවිබිම් වල සවිකර තිබූ වටිනා ජල පොම්ප සොරා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනාකමකින් යුතු සොරා ගත් ජල පොම්ප 08 ක් සමඟ අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකි. සෙසු සිව් දෙනා අවුරුදු 23-33 වයසේ පසු වන විජිතපුර, කළාකරඹෑව, ඉපලෝගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සොරාගෙන අලෙවි කර තිබූ භූමිතෙල් හා විදුලිය මගින් ක්‍රියා කරන රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ජල පොම්ප 8 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.
ඉපලෝගම ප්‍රදේශයේ ගොවි මහතකු තම වගා බිමේ සවිකර තිබූ වටිනා ජල පොම්පය සොරා ගෙන ඇති බවට ඉපලෝගම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරික්ෂණයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර නඩු විභාගය ජුනි 5 වැනි දා පැවැත්විමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර හිත තියෙන පුද්ගලයෝ රටේ ලොක්කගේ ඉඳන් සොක්කා දක්වාම ඉන්න අපේ රට වලපල්ලට තමා ගමන් කරන්නේ....
කට්ටිය පුරුදු වැඩ අල්ලලා තියෙන්නේ..............
පොහොට්ටුවට මිනිස්සු සොයාගත්තේ ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ සොයන්නේ බලන්නේ නැතුව වටේට පෙනෙන්න ඉන්න අයි ආර් සී කාරයෙක් වුනත් ලැයිස්තුවට දාගත්ත. ඕක වුණා 1987 පළාත්සභා මැතිවරණෙදීත් එදා ජේ වී පී කාරයින්ගේ මරණ තර්ජන නිසා ඡන්දෙට අපේක්ෂකයෝ සොයා ගන්න අමාරු වුණා. ඒ වෙලාවෙත් වැඩිපුර ඉදිරිපත් වුනේ පළාතේ හිටිය මැරවරයෝ තමයි.
එක අත්තෙ වහන්නෙ එක ජාතියෙ කුරුල්ලෝ
මහ පිරිස ප්‍රකෝටි ගණන් හොරකම් කරලා යහතින් වැජඹෙනකොට මේවා නිකන් කජු අට වගේ වැඩ.
ලොක්කාගෙන් පටන් සොක්කා දක්වා හොරුන් තමා
පොහොට්ටුවට මිනිස්සු එකතු කලේ ලාහෙන් නොවෙයි බුසලෙන්. ප්රශ්නය එක නොවෙයි.ලෝකයේ දුෂිතම රටවල් හතරෙන් එකක්, ලෝකයේ ලොකුම කැබිනට් එක තිබෙන රටක්. මහා බැංකුව මහා දවල් බිඳින රටක්. මහජන නියෝජිතයින් වැඩි දෙනෙක් ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි ගන්න රටක්, ඉතින් එහෙව් රටක වතුර පොම්ප නොවෙයි පරාක්‍රම සමුද්‍රය හොරකම් කලත් ගණන් නොගෙන සිටිමු.