ඉන්දිකා රාමනායක
මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව දකුණ ගල්වල ප්රදේශයේ සැඩ පහරකට හසුව ගසා ගෙන යමින් සිටි තිදෙනෙකු දිවි බේරා ගැනීමට ගොස් සැඩ පහරකට හසුව මියගොස් සිටි මාදම්පේ පොලිසියේ කොස්තාපල් දසනායක පතිරැන්නැලාගේ ඩිලාන් සම්පත් (29) නැමැති කොස්තාපල්වරයා පොලිස්පතිවරයා විසින් පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම නිලධාරියා සිය ජීවිතය ද නොතකා සිදුකරන ලද වික්රමාන්විත කි්රයාව සැළකිල්ලට ගෙන පොලිස්පතිවරයා මෙම උසස්වීම කර ඇත.
ඉකුත් (25) වැනි දා පෙරවරු 11.30 පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර සැඩ පහරට හසුව අතුරුදන්ව සිටි කොස්තාපල්වරයාගේ සිරුර දින දෙකකට පසු අද (27) පෙරවරු 7.00 පමණ සිද්ධිය වු ස්ථානයට මීටර් 200 ක් පමණ දුරින් උඩුවෙල ප්රදේශයේ තිබී නාවික හමුදා හා පොලිස් කණ්ඩාම් විසින් සොයාගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වීර පොලිස් නිලධාරියාට කළ ගෞරවයට පොලිස්පති තුමාට ස්තුතියි. තවද, සැරයන් තනතුරේ වැටුප විශ්රාම යන වයස වනතෙක්ම ගෙවීමටත්, ඉන්පසුව විශ්රාම වැටුප ලබාදීමත්, ඉතාම වැදගත්.
මෙන්න නියම වීරයෙක්!
අපේ කාලයේ වීරවරයෙක්....
පනින්න පෙර සිතාබලනු කියල අපේ මුතුන්මිත්තෝ කියල තියෙන්නේ ආවට ගියාට නෙමෙයි. මොනම හේතුවකටවත් සැඩ පහරකට පනින්න ඉස්සර ඉනේ කඹයක් බැඳගෙන එකේ කොන උදව් කාරයෙකුට අල්ලගන්න දීලා නැත්නම් ආධාරකයක ගැටගහලා ඉන්න ඕන. නැත්නම් මේ වගේ ඉරණමක් තමයි කාටත් අත්වෙන්නේ.
පොලිස් පුහුණුවට පිහිනීම ඇතුලත් නැද්ද? පිහිනන්න නොදන්නා මරණ විශාලය. සෑම නගර සභාවකම පිහිනුම් තටාක ඉදිකිරීම රජය ආරම්භ කල යුතුය. මෙයට හැකි පමණින් හැමෝම සහය ලැබෙනවා.මගෙන් රුපියල් 25000 ආධාරයක් පාසල් දරුවන්ට සෙනසුරාදා ඉරිදා. දියුණු රටවල පිහිනීම අනිවාර්යයි