වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියාව සමඟ ඵලදායී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ලබන මස 12 වැනිදා සිංගප්පූරුවේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග හමුව නොපැවැත්වෙන බව ප්‍රකාශ කර දිනකට පසු ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.
සැලැසුම් කළ පරිදි උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ හමුව නොපැවැත්වෙන බව ට්‍රම්ප් විසින්ම බ්‍රහස්පතින්දා (24) නිවේදනය කරනු ලැබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් තමන් ඕනෑම අවස්ථාවක ඕනෑම අයුරින් ප්‍රශ්න විසඳා ගැනීමට කැමැති බව උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදයට පැවැසීය.
එම සිදුවීම් දාමයෙන් පසු නැවතත් දෙරටට අතර සාකච්ඡා පැවැත්වී ඇතැයි වාර්තා වන අතර ට්ම්ප් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඵලදායී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණු බව ප්‍රකාශ කළේ ඉන් අනතුරුවය.
“සැලැසුම් කළ පරිදිම ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදීම හමුව පැවැත්වීම සම්බන්ධයෙන් පලදායී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණා. එදිනට හමුව පවත්වන්න බැරි වුණොත් අපි වෙනත් දිනයක් යොදා ගන්නවා” ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ තවදුරටත් දැක්විණි.
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කොහොම කලත් අපිට කමක් නැත ලෝකෙට හොඳක් සිද්ද වෙනවානම්.
කවදත් දවල් මිගෙල් රෑ දනියෙල් නේ