මනෝප්රිය ගුණසේකර
බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට සිංගප්පුරුවේ සිටින බව එරට ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ලසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය ක්‍රියාමර්ග ගනිමින් සිටින බවද කෝදාගොඩ මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න හින්දනේ අර සමාජ මාධ්‍ය වල පින්තුර දාල තිබුණේ .මේකට වගේ කිව යුත්තෝ ලොකු පුටු වල තම රෙදි ඇදගෙන ඉන්නවනේ. මහා ලොකුවට පිටරටවල උදාහරණ අපිට පෙන්වනවා නමුත් ඇතුම දන්නේ නැහැ පිටරටවල මෙහෙම උනානම් මෙලහකට වගකිවයුත්තෝ ඉල්ලා අස්වෙලා. අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු මේ වගේ අය පස්සේ යනවා.
මන් හිතුවේ එතුමා මඟුල් ගේකට සිංගප්පූරුවට ගියා කියලයි.
මොහුව හැකි ඉක්මනින් ගෙන්වා රිමාන්ඩ් භාරයේ තබන්න නඩුව ඉවරවන තෙක්. කොහෙද ඉඳලා ඇවිල්ලා රටේ මහා බැංකුවට වැඩේ දීලා අපිට නයා පෙන්නලා රටිනුත් පැන්නා. මට දුක අර පහළම පෙලේ පක්ෂේ වෙනුවෙන් මැරෙන යුඇන්පී මහත්වරු ගැන. මදැයි හොරු අල්ලන්න එකතුකරගත්ත මිනිහා.
එයා හොරෙක් නෙමෙයි එයා හොද මහත්තයෙක්. බලන්නකෝ මූණේ තියන පින් පාට.
අනේ පව්.......... මේ දවස්වල හරියට කනවාද දන්නේ නෑ..........
උත්තල දර්පන නීතිය නැත්තම් අවතල දර්පන නීතිය හරි ගෙනල්ල වැරදි කරපු මිනිස්සුන්ට ඉක්මනට දඩුවම් දෙන්න, නැත්තම් රටේ මිනිස්සුන්ට මේ නීති පද්ධතිය එපා වෙන දවස වැඩි ඈතක නෙමේ.
නව අධිකරණ වල කටයුතු ආරම්භ වූ පසු අධිකරණ තුනකින් නඩු ඇසෙනා බැවින්, මෙයාට වැඩිකල් මෙහෙම ඉන්නට බැහැ. දැනට වත්කම් තහනම් කර තියෙන නිසා පාඩුව අයකර ගන්නත් පුළුවන් වේවි. ඊළඟ ඡන්දයට පෙර මොහුට දඬුවම් දී පාඩුව පියවා නොගතහොත්, එය එජාපයට විශාල පසුබෑමක් වෙන නිසා ඒ අය මේ ප්රශ්නය ඒකාන්තයෙන්ම විසදනවාමයි. නැතහොත් එජාපයට පැවැත්මක් නැහැ. නව අධිකරණ පටන් ගැනීමේදී ප්‍රථමයෙන්ම අසන්නේ, බැඳුම්කර නඩුව බව එජාපය දැනටමත් පවසා තිබෙනවා. අධිකරණ කිහිපය දිනපතාම නඩු අසනා නිසා ඉක්මනින්ම ප්රශ්නය නිමාවක් දකීවි. ඒත්, සමහර දෙනා සත්‍ය යටපත් කිරීමට තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස කිසිම ලැජ්ජාවක් නැතිව අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.මේ බයවීමෙන්ම ඔවුන්ගේ නිදොස් බව ගැන සැක සිතෙනවා. කෙසේ උවත්,නීතියේ ආධිපත්‍යට කැළැල් වන මෙවන් දේ වහා නවතා නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි.සියලු හොරුන්ට දඬුවම් දී රටේ මුදල් අයකර ගත යුතුයි.
අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා හිතනවා ඇති මෙහෙම "අල්ලයි මගේ නැට්ට" .
රනිල් ඉල්ලා අස්වෙන්න ඕනේ. මෙයාව පත්කළේ රනිල්. මෙය රනිල් ගේ යාළුවා. නෑදෑයන්ට තනතුරු දෙනවා කියල දැන් යාළුවන්ට තනතුරු දුන්න. දෙකම එකයි. මෙයාව ඕන වෙලාවක ගෙන්නන්න පුළුවන් කියල පාර්ලිමේන්තුවේදී කිව්වේ රනිල්. ඉතින් ඒක බැරිනම් වහාම ඉල්ලා අස්වෙන්න. ලජ්ජය් ඔබතුම ගැන. හිතන් හිටියේ හොද දේශපනක්නයෙක් කියල. දැන් බලනකොට අන්තිමයි.
අගමැතිතුමා පාර්ලිමේනතුවේදී කිව්වානේ ආයෙ ගෙන්න ගන්න පුළුවන්කියල