ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය. 07 September 2017
පර්පචුවල් නීතිඥවරයා ඉවත් වීමට තීරණය කරයි බැඳුම්කර කොමිසමේදී පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මින් ඉදිරියට එම ආයතනය වෙනුවෙන් පෙනී නොසිටින බව බැඳුම්කර කොමිසමට අද (07) දැනුම් දුන්නේය. 07 September 2017
රත්නපුරයේ මාර්ග යටවෙයි පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පහත්බිම් සහ අතුරු මාර්ග රැසක් අද (07) දහවල් වනවිට ජලයෙන් යටවිය. 07 September 2017
කොළඹටත් තද වැසි - මාර්ග රැසක් යටවෙයි කොළඹ නගරයේ මාර්ග රැසක තද වැසි හේතුවෙන් රථ වාහන තදබදයක් පවතී. එමෙන්ම මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ. 07 September 2017
හෙරොයින් සමඟ 8 ක් පොලිස් දැලේ නයිනමඩම සිරිගම්පල තෝප්පුව හා කොච්චිකඩේ ප්‍රදේශයේ සිදුකළ වැටලීම් 4 කදි හෙරොයින් හා ගංජා සමඟ සැකපිට කාන්තාවක් හා පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව සුරාබදු කාර්යාලය පවසයි. 07 September 2017
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට පැමිණියේය. 07 September 2017
පළාත් සභා ඡන්දයට සූදානම් වෙන්න - ජනපති පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත. 06 September 2017
පාකිස්තානය ලංකාවට කළ උදව් ආරක්ෂක රාජ්‍ය ඇමැති සිහි කරයි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී පාකිස්තානය ලබාදුන් සහයෝගය දැඩි සේ අගය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (6) පස්වරුවේ පැවැසීය. 06 September 2017
විධායක ජනපති ක්‍රමය ගැන බොරු පොරොන්දු දීලා - හිටපු ජනපති ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා ඡන්දෙ අරගෙන දැන් කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පකෂයත් කියනවා විධායක ජනාධිපති ක්‍රමය ඕනෑ කියලා. බොරු පොරොන්දු දීලා ඡන්දෙ ගන්න එපා කියලා මම කියනවා.‘ යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපකෂ මහතා කොලොන්න කළුගල දී පැවසීය. 06 September 2017
සරණ ගුණවර්ධන බන්ධනාගාර රෝහලේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ගෙන්වූ රුපියල් අසූ ලක්ෂ අනූ දහසක් වටිනා වාහනයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාර රෝහලේ පසුවන බව එහි ආරංචි මාර්ග කියයි. 06 September 2017
මධ්‍යම අධිවේගයේ හානිය ගැන මානව හිමිකම් පැමිණිල්ලක් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටද ඉදි කරද්දී කණු මතින් ඉදි නොකිරීම නිසා දැඩි පාරිසරික බලපෑමක් සිදුවන බව හා ඉඩම් අත්පත් කර ගැනීමේදී හරිආකාරව වන්දි පිරි නොනැමූ බව කියමින් කුරුණෑගල ප්‍රදේශවාසීහු පිරිසක් අද (06) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළහ. 06 September 2017
සරසවි සිසුන් දඩමීමා කර නොගන්නැයි සයිටම් දෙමාපිය සංගමය කියයි රජයේ විශ්ව විද්‍යාලවල සිටින ශිෂ්‍යයන් දඩමීමා කරගනිමින් ඇතැම් වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ සිදුකරන ක්‍රියාවන්ට එරෙහිව මහජනතාව නැගී සිටිය යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය (සයිටම්) දෙමාපිය සංගමය අවධාරණය කරයි. 06 September 2017
පනත් කෙටුම්පත් තුනකට කැබිනට් අනුමැතිය පළාත් පාලන මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද(6) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත. 06 September 2017
කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව වාර්තා වේ. 06 September 2017
පළාත් මැතිවරණයත් මිශ්‍ර ක්‍රමයට පළාත් සභා මැතිවරණයද පළාත් පාලන මැතිවරණය මෙන් කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත. 06 September 2017
විස්සට සංශෝධන ඇතැයි නීතිපති කියයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව නීතීපති ජයන්ත ජයසූරිය මහතා අද (6) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 06 September 2017
වාස් ඇතුළු 6කගේ අභියාචනා පෙත්සම කල් යයි බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම ලබන දෙසැම්බ්ර් 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) තීන්දු කළේය. 06 September 2017
වැස්ස හෙටින් පසු අඩුවන ලකුණු දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 September 2017
’අධිකරණ ඇමැති වුණාට හැමදේම කරන්න බැහැ’ - තලතා ‘මම අධිකරණ ඇමැති විතරයි. ඇමැතිට බැහැ වැරදි කරපු අය හොය හොය දඬුවම් දෙන්න. අධිකරණ ඇමැති වුණාට එම කටයුතු මම බාරයේ තියෙන දෙයක් නොවේ’යැයි අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය. 06 September 2017
දේශීය ආදායම් පනතේ ඡන්දය හෙට දේශීය ආදායම් පනත් කෙටුම්පත හෙට (07) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත ය. 06 September 2017
දේශීය ආදායම් සේවකයෝ වර්ජනයක නව දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට සිය යෝජනා ඇතුළත්කර නොමැති බවට චෝදනා කරමින් ඊට එරෙහිව අද(6) දහවල් 12 සිට පස්වරු 4 දක්වා සහ හෙට දවස මුළුල්ලේ සේවයෙන් බැහැරව විරෝධය පළ කරන ව දේශීය ආදායම් සේවා සංගමය පවසයි. 06 September 2017
මිනිස් වෙළඳාම අතින් ලංකාව දෙවැනි පෙළට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මිනිස් වෙළඳාම බහුලව සිදුවන රටවල් අතර ආසියාවේ ප්රමුඛ රට ලෙස මෙතෙක් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට එම තත්ත්වයෙන් මුදවා එහි දෙවැනි තැනට පත්ව ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි. 06 September 2017
මන්ත්‍රී ප්‍රසන්න රණවීර එෆ්සීඅයිඩීයට කැලණිය ප්‍රදේශිය සභාවේ සභාපතිව සිටියදී කිරිබත්ගොඩ නගරයේ ඉඩම් හා කඩ කාමර බෙදා දීමේදී සිදුව ඇතැයි කියන අක්රමිකතවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ගම්පහ දිස්ති‍්‍රක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ති‍්‍ර ප්‍රසන්න රණවිර මහතා අද (6) පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාස හමුවට පැමිණි ඇත. 06 September 2017
වකුගඩු රෝගයෙන් මිය ගිය ගණන සොයයි හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් ඉකුත් වසර දෙකේ දී උතුරු මැද පළාතේ මිය ගිය සංඛ්‍යාව සොයා අධ්‍යයනයක් සිදු කිරීමට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් පියවර ගෙන ඇත. 06 September 2017
ඉන්දියානු මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කෙරේ ප්‍රසිද්ධ ඉන්දියානු පත්‍රකලාවේදිනියක වන ගෞරි ලන්කේෂ් මහත්මිය කර්ණාටක ප්‍රාන්තයේදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 06 September 2017
එජාප සංවත්සරයේදී අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දී කරන්නට යන වැඩ ගැන පක්ෂ සංවත්සර උත්සවයේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(6) පැවසීය. 06 September 2017
අර්ජුන් ඇලෝසියස්ගෙන් තොරතුරක් නෑ ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට කොමිසමේ විමර්ශන නිලධාරීන් දින කිහිපයක සිට උත්සහ ගත් බවත් ඔහුගේ කාර්යාලයට සහ නිවසට ගියත් ඔහු සම්බන්ධ කරගැනීමට හැකියාවක් ලැබී නැති බවත් අතිරේක සොලිස්ටර් ජනාරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝඳාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (06) දැනුම් දුන්නේය. 06 September 2017
පර්පචුවල් ප්‍රධාන ගැණූම්කරුට විශේෂ ආරක්ෂාවක් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම අද (06) නියම කළේය. 06 September 2017
ඉන්දීය ක්‍රීඩකයෙක් පමුණුගම හෝටලයකදී මරුට අවුරුදු 17 පහළ පාසල් කි‍්‍රකට් තරඟාවලියකට සහභාගි වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි සිටි 12 හැවිරිදි ඉන්දීය කී‍්‍රඩකයකු පමුණුගම ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක ගිලී මියගොස් ඇති බව පමුණුව පොලිසිය කියයි. 06 September 2017
පල්ලියෙදි පහර දුන් හමුදා සාමාජිකයන් සොයයි රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියේ දී වැලිවේරිය කිතුණු දේවස්ථානය තුළදී නිලන්ත පුෂ්පකුමාර නම් තරුණයාට පහර දී මරා දැමූ බව කියන යුද හමුදා සාමාජිකයන් සඳුනාගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාම්තක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැන්වීය. 06 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026