( දිල්රුක්ෂි ග්‍රේරු )
වැලිකඩ බන්ධනාගාරයේ අද (20) සවස බන්ධනාගාර නිලධාරීන් සහ උද්ඝෝෂණයේ නියැලි සිටි රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් තිදෙනෙකු සහ නිලධාරීන් අටදෙනකු තුවාල ලබා තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කලහකාරි ලෙස හැසිරුණු 52 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද සිද්ධියෙන් පැය භාගයක් ඇතුළත ඇති වූ කැරැල්ල ඉතා සාර්ථක අයුරින් මැඩ පැවැත්වීමට හැකි වූ බවද බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා සඳහන් කළේය.
සිය මූලික අයිතිවාසිකම් ඉටු කර දෙන ලෙස හා බන්ධනාගාර ජේලර්වරියක් මාරු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා කාන්තා රැඳවියන් පිරිසක් දින දෙකක් උද්ඝෝෂණයක් කළ අතර බන්ධනාගාර ඇමැති තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔවුහු උද්ඝෝෂණය නතර කළහ.
නමුත් එකගතාවකට පැමිණිමෙන් පසුවද තෙවැනි වරටත් අද (20) දහවල් යළි බන්ධනාගාර වහලය මත නැග ඇරැඹු උද්ඝෝණය අතරතුරදි එය පාලනය කිරීමට යාමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම හටගෙන තිබිණි.
මේ වන විට බන්ධනාගාරය තුළ ඉතා සාමකාමී තත්ත්වයක් පවතින බවත් බන්ධනාගාර වෛද්‍යවරුන් ගැටුමට මැදිවුවන් පරික්ෂා කර ප්‍රතිකාර ලබා දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පනස් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට මාරු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඡායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් ගෙම්බන් ගස් නගින්නමයි හදන්නේ...
අර පොඩි එකා දැක්කම ගොඩක් දුක හිතුණා...
පොඩි ළමයි උස්සගෙන කරන මෙවැනි වැඩ නින්දා සහගතයි.. කුඩු ගහලා, කුඩු විකුණලා ඇතුළට ගිය අය මිසක් රට වෙනුවෙන් යමක් කරන්න හදලා රාජ්‍ය උදහසට ලක්වෙලා හිරේ ගියා නෙමෙයිනේ මේ අයත්..
සිරකරුවන්ට වෙනම ඇඳුමක් නැත්ද අප්පා...? මෙයාලා මේ ගෙවල්වල ඉන්න සාමාන්‍ය කාන්තාවන් වගේනේ...
මේ දිගහැරෙන්නේ ශ්‍රී ලංකා මාතෘත්වයේ නවමු පැතිකඩද?
කෑමයි වතුරයි නවත්වන්න.
මේ අය මෙතනට ඇවිත් තියෙන්නේ සිල් ගන්න ගිහින් එන ගමන් හෝ බණ භාවන කරන්න ගිහින් එන ගමන් නෙමේ .ඉතින් මොවුන්ගේ ජීවන රටාව වෙනස් කරන්න හිරගෙදර දඩුවම් හොද මදි වගේ පෙනෙන්නේ
මේ ගෑණුන්ට විලිලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැද්ද? නොදකිං විතරක්.
නීතිය නම් වැඩක්ම නැහැ . පණක් ඇත්තෙම නැහැ
සමහර ධර්මරාජ බන්ධනාගාර කොමසාරිස්වරු කරන්නේ තමන්ගේ ෆේස්බුක් එක නඩත්තු කරන්න මහන්සිවෙන එක විතරයි. ඒ අයව යොදවන්න මේ ප්‍රශ්න නිරාකරණය කරන්න.
නිලධාරීන් ගුටිකන්නේ කාගේ වරදින්ද? මංගල කීව කොන්දක් නැති ආණ්ඩුව නිසා.
ලෝකයේ දියුණු රටවල සිරගෙවල් නගරයට කිට්ටුව හෝ නගරයේ තබා ගන්නේ නැත. වැලිකඩ බන්ධනාගාරය කොළඹ නගරයෙන් වෙනත් තැනකට නොගෙන යන්නේ මන්ද. බන්ධනාගාරය කොළඹින්පිට හුදකලා තැනකට ගෙන ගොස් නිසි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යනවා නම් දැනට පවතින ප්‍රශ්නවලට, කුඩු ඇතුලට පිටතින් විසි කිරීම්, වලය මතට සිරකරුවන් පැමිණ ලොවට පෙනෙන්නට කරන සියලු රගපෑම් වැනි ගොන් පාර්ට් නැවතීමට හැකිය. බන්ධනාගාරය නගරය මැද තබාගෙන නිසි විසදුම් දීමට නොහැකි බව වගකිවයුත්තන් තේරුම් නොගන්නේ මන්ද ? නිතර නිතර බන්ධනාගාරයේ සිදුවන සිදුවිඉම්වලින් පෙනීයන්නේ සමස්ථයක් වශයෙන් රජය බන්ධනාගාරය තුළ සිදුවන සිදුවීම් පාලනය කිරීමට අපොහොසත්වී ඇති බවය. විදෙස් මාධ්‍ය මගින් මුළු ලෝකයටම මෙවැනි දේ ප්‍රචාරය කිරීම ලංකාව ලෝකයේ ජිවත් වීමට සුදුසු 130 වන තැන නොව ලබන වසරේ අගින් එක වීමට පවා ඉඩ තිබේ.
මේ අය දේපල අලාභ හානි කරලා තවත් අයට තුවාල සිදු කරලා නම් ඒවාට වහාම නඩු පැවරිය යුතුයි.
හොඳ වැඩේ. දැන් NGO වලට කියන්න ඇවිල්ලා මෙයාලට බහින්න කියන්න කියල