(ක්‍රිෂාන්ජීවක ජයරුක් සහ කඹුරුපිටිය රසුන් දහනායක)
“ආණ්ඩුවේ රස්සා දැන් නැහැ. අපි ඒවා දෙන එකත් එක්තරා විදියක පාප කර්මයක්. මොකද ආණ්ඩුවට දරා
ගන්න බැරි තරමට රජයේ සේවකයින් හැම ආයතනයකම පුරවලා ඉන්නවා. දාහකට පඩි ගෙවන්න පුළුවන් තැන තුන්දාහක් ඉන්නවා. මමත් එක යුගයක ඒ පාප කර්මයේ කොටස්කරුවකු බවට පත්වුණා” යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සෙනසුරාදා (18) මාතරදී පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතර නගරයේ රාජ්‍ය බැංකුවල නව ණය නිකුත් කිරීමේ කාර්යාල විවෘත කිරීම සඳහා පැවති උත්සව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා
මෙසේද කීවේය.
“අට පාස්, දහය පාස් අයට ආණ්ඩුවේ කම්කරු රස්සාවක් කරන්නත් ඉදිරියේදී සුදුසුකම් මදිවෙනවා. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් අයත් ආණ්ඩුවේ රස්සාවක්ම බලාපොරොත්තුවෙන් හිටියොත් දිවිනසා ගන්නයි වෙන්නේ. ආණ්ඩුවේ රැකී රක්ෂා දැන් නැහැ.
අපි ඒවා දෙන එකත් එක්තරා විදියක පාප කර්මයක්. මොකද ඒ තරම් ආණ්ඩුවට දරා ගන්න බැරි තරමට රජයේ සේවකයන් හැම ආයතනයකම පුරවලා තිබෙනවා. දාහකට පඩි ගෙවන්න පුළුවන් ආයතනයක තුන්දාහක් ඉන්නවා. මමත් එක් යුගයක ඒ පාපකර්මයේ කොටස්කරුවකු බවට පත්වුණා. අපි ඇමැතිවරුන් වුණාම පාර්ලිමේන්තුවට ආවම කරන්නේ නැති වේකන්සිවලටත් පුරවනවා, පුරවනවා, පුරවනවා. එතකොට ඒ ආයතන කඩා ගෙන වැටෙනවා. අලාභ ලබන ආයතන බවට පරිවර්තනය වෙනවා. අද රජයේ හැම ආයතනයක්ම අලාභ ලබන තත්ත්වයට පත්වෙලා තියෙන හේතුව ඒකයි.
නමුත් අද රස්සාවල් ඕනෑ තරම් තියෙනවා. රස්සාවල් නැහැ කියන්නේ බොරුවක්. රස්සාවල් නැත්තේ රජයේ රස්සාවල්. නමුත් පෞද්ගලික අංශයේ රස්සාවල් ඕනෑ තරම් තියෙනවා. රජයටත් වඩා වැඩි පඩි ගෙවන රස්සාවල් තියෙනවා. ඒ විතරක් නොවෙයි අද තරුණයන්ට මම කියන්නේ මැද පෙරදිග යන්න නොවේ. කම්කරු රස්සාවක් කරන්න. මේ රට තුළ තිබෙනවා මැද පෙරදිගටත් වඩා හොඳට ගෙවන කම්කරු රස්සා. නමුත් ඒවා පිටරට ගිහින් කරනවා.
පිටරට ගිහින් කුලී වැඩ කරන අපේ කම්කරුවා තමන්ගේ රටේ ඊටත් වඩා වැඩි වැටුපකට වැඩ කරන්න ලැජ්ජයි. වැඩ කරන්නේ නැහැ. මේ යන විදියට මිත්‍රවරුනි, අපේ රටේ ඉන්න තරුණයන් අපේ රටේ රස්සා කරන්නේ නැත්නම් අපට පිටරටින් කම්කරුවන් ගේන්න සිද්ධ වෙනවා. දැනටමත් බොහෝ ආයතන කියනවා අපට මිනිස්සු නැහැ, අපේ බිල්ඩින් සයිට්වල වැඩට මිනිස්සු නැහැ කියලා. නමුත් පඩි දිහා බැලුවම ඩුබායි සවුදිවල සමහර තැන්වලට වඩා ගෙවනවා. ඒ අය අපට කියනවා චීනය, ඉන්දියාව, මියන්මාරය වැනි රටවලින් සේවකයන් ගේන්න ඉඩ දෙන්න කියලා.
ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය ඇති වුවහොත් රට දියුණු කරන්නට අපේ තරුණයින්ගේ දායකත්වය දෙන්නේ නැත්නම් පිටරටින් හරි ඒක කර ගන්න ඔවුන් ගේන්න වෙනවා. ඔන්න ඊට පස්සේ කෑගහන්න එපා පිටරටවලින් ඇවිත් මෙහේ රස්සා කරනවා කියලා. නමුත් මේකයි ඇත්ත තත්ත්වය. මෙහේ රස්සාවල හිඟයක් නැහැ. ඇත්ත වශයෙන්ම ලංකාවේ විරැකියාවේ ප්‍රතිශතය අවුරුදු 12කට පෙර තිබුණාට වඩා මේ වෙනකොට අඩුවී ඇති බව නවතම මහ බැංකු වාර්තාවලින් පවා හෙළිවී තිබෙනවා” යැයි ද ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව ඇත්ත.
කතාව සම්පුර්ණ ඇත්ත. ඔය කොච්චර හිටියත් කෙරෙන වැඩක් නැහැ. උදාහරණයක් විදිහට බලන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මොනවද කරන්නේ කියලා. ඔය හැම කෙනාගේම වැඩේ ජංගම දුරකතනයේ එල්ලිලා ඉන්න එක තමා.
මෙතන මෙතුමා ඇත්ත කතා කරනවා. නමුත් පෙරේදා අගමැතිවරයා කිව්වෙ වෙන කතාවක්.
හැමදේටම ආණ්ඩුවට බැන්නත් මේ කියන කතාවේ ඇත්තක් තියෙනවා. අපේ ගොඩක් තරුණ පිරිස ඩුබායි සෞදි වගේ මැද පෙරදිග රටවල ගිහින් ඉතාම අඩු මුදල් වලට තමන්ගේ ශ්‍රමය වැය කරනවා. ඊටත් වඩා විදින දුක. ගිනි අව්ව. හරියට නිදාගන්න නැහැ. තමන්ගේ පවුල් වලින් දරුවන්ගෙන් වෙන් වෙලා. ලොකු දුකක්. ඒ ගන්න වැටුපට වඩා ලංකාවේ කුලී වැඩක් කරලා ගන්න මුදල් වැඩියි. අපේ මිනිස්සුන්ගේ තියෙන මෝඩ අහංකාරකම මේකට එක හේතුවක්.
රාජ්‍ය සේවය ශක්කිමත් කරනවා කියලා පසුගිය කාලේ නිකමු පිරිසක් රාජ්‍ය සේවයට එක්කලා..ඒ අය ණය මුදල ගන්න විතරයි බලන්නේ..ඒ බව ඔප්පු වෙන ප්‍රධානත කරුණ මැතිවරණ කොමසාරිස්ට සිදු වුණා අලුත රාජ්‍ය සේවයට ඇතුළු වූ සේවකයින් මැතිවරණ රාජකාරි සඳහා මග අරින විට අවවාධාත්මක ලිපි සපයන්න..බහුතරය රාජ්‍ය සේවය විනාශ කලා. සංවර්ධන නිලධාරින් අති බහුතරයක් වැඩ කරන්නේ නෑ..ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල නිකම්මයි ඉන්නේ..දුන්න වැඩක් හරියට කරන්නේ නෑ කියලා ලේකම්වරු දොස් කියනවා
අපෝ නවත්තන්න එපා. තව පුරවන්න. පුද්ගලික අයගෙන් බදු ගහල නිකමුන්ට පඩි ගෙවන්න.
මේ මනුස්සයට දෙවියන්ගේ හාල් කැවිලද කොහෙද විකාර දොඩවන්නේ, ඇමතිවරු නියෝජය ඇමතිවරු හා මන්ත්‍රිවරු ලග පෞද්ගලික ලේකම් සම්බන්ධිකරන ලේකම් මාධය ලේකම් හා උපදේශක වැනි තනතුරු දරමින් ඉහළ වැටුප් හා වරප්‍රසාද භුක්ති විදිමින් රටට ඵලදායි සේවයක් නොකරන නිකමුන් පිරිසක් නඩත්තු කරණ ගමන් ඔවුන් රටේ පුරප්පාඩු පවතින රැකියාවලට යොමු නොකර විදේශ ගතව සේවය කර මේ රටට විදේශ විනිමය උපයාදෙන පිරිස් වලට බොරු චෝදනා කරමින් වීරයෙක් වෙන්න දගලන්නේ.
2018 වෙද්දිත් අපි ගැලපෙන ආර්ථික ක්‍රමය මොකක්ද කියල තර්ක කරකර ඉන්න මෝඩ රටක්.ලෝකෙ රටවල් වලින් 99%ක්ම පෞද්ගලික ව්‍යවසායකත්වයට ඉඩ දීල තමයි දියුණු වෙලා තියෙන්නෙ.නොබැඳි පිළිවෙත කියල එකක් හදාගෙන ශ්රීලනිපය තමයි මේ රට විකාර රූපී ආර්ථික මාවතකට ඇදල දැම්මෙ. ශ්‍රිලනිප දේශපාලකයො කවදාවත් රස්සාවල් දෙන්න,ආයතන ප්‍රධානීන් පත් කරන්න වෘත්තීයමය භාවය කියන දේ බැලුවෙ නෑ.ඔවුන් ආර්ථිකය සහ ආගම එකට අනාගත්ත පිරිසක්.අතීතයේ පුරුද්දට තාමත් හැම මගුලටම පන්සලෙන් උපදෙස් ගන්නෙ ඒකයි.ඔවුන් භික්ෂූන් වහන්සේලාගේ විවේකයත් නැති කළා. එක්කො අපි පෞද්ගලික ව්‍යවසායට ඉඩ දෙන්න ඕන.නැත්නම් චීනය වගේ පූර්ණ රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක කරන්න ඕන.අපි වැඩකරන්න කම්මැලි ජාතියක් වුණේ ශ්‍රිලනිපය අපේ ඔළු වලට දාපු දූපත් මානසිකත්වය මහන්තත්වය නිසා.අපි මුලු ගැන්වුණු බියගුලු ජාතියක් වුණා.පිරිමි දුර්වල වුණා.අරක්කු සිගරැට් නෙමෙයි අපිට කුඩු ගංජත් මදි.විරහ ගීත රජ වෙලා.ජාතියම අඳෝනා කියන තත්වෙට පත්වෙලා.ඉතිං වැඩ නොකර සල්ලි හොයන්න අපි ඉල්ලන්නෙ ආණ්ඩුවෙ රස්සා.
පුද්ගලික අංශයේ රස්සාවල් කරනකොට පගාව ගහන්න බැහැනේ , නිකන් ඉඳන් පඩිගන්නත් බැහැනේ , වැඩවර්ජන කරමින් ජනතාව ප්‍රාණ ඇපයට ගන්නත් බැහැනේ ? නිකන් ඉදන් කන්න බලාගෙන ඉන්න අපිට ඒවා එපා ,
ඔබගේ කතාවට වැඩ වලට එකඟ වෙන්න වෙනවා රනිල් වගේ බොරු පූච්චානම් නොකිය කෙලින්ම කතා කිරීම ගැන මගේ ස්තුතිය!