පෝරුතොටින් නාඳුනන මළ සිරුරක් මීගමුව කොච්චිකඩේ පෝරුතොට මුහුදු තීරයේ තිබී හඳුනා නොගත් මළ සිරුරක් මීට සුළු මොහොතකට පෙර සොයාගත් බව කොච්චිකඩේ පොලිසිය පවසයි. 10 September 2017
කැනියොන් ජලාශයේ වාන් දොරටු 2ක් අරියි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (10) උදෑසන සිට විවෘත කර ඇතැයි මස්කෙළිය පොලිසිය පවසයි. 10 September 2017
කොටි තෙල් ගබඩාවක් කිලිනොච්චියෙන් මතු වෙයි කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක තිබූ යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළැයි කියන තෙල් ගබඩාවක් සොයාගත් බව ගුවන් හමුදාව කියයි. 10 September 2017
අර්ජුන් ඇලෝසියස් ඉරිදාත් බැඳුම්කර කොමිසමේ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා හතරවැනි දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) උදෑසන 10.30ට පමණ බැඳුම්කර කොමිසමට පැමිණි බව වාර්තා වේ. 10 September 2017
රිය අනතුරක් හේතුවෙන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවේ පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්රඥාරත්න සිරිසේන නම් මෙම ව්‍යාපාරිකයා වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි. 09 September 2017
ආඳැල්ලේ නායයෑමකින් රත්නපුර - වේවැල්වත්ත මාර්ගය අවහිර වෙයි ආඳැල්ල ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් 09දා සවස සිට රත්නපුර සිට මල්වල හරහා වේවැල්වත්ත මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බව රත්නපුර පොලීසිය පවසයි. 09 September 2017
දඹුල්ලේ තරුණයාගේ ඝාතකයා හමුවෙයි දඹුල්ල නගර මධ්‍යයේදී පසුගියදා පොලුවලින් පහරදී ඝාතනය කර තිබූ තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලීසිය කියයි. මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සේවය කළ කම්කරුවෙක් බවද පොලිසිය කියයි. 09 September 2017
උතුරු මහ ඇමැති මල්වතු මහා නා හිමියන් බැහැදකී උතුරු පැළාත් ප්‍රධාන අමාත්‍ය හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු උතුරු පළාතේ අමාත්‍යවරු කීප දෙනෙක්, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනා නායක හිමියන් අද බැහැදැක්හ. 09 September 2017
රාජ්‍ය නිලධාරීන් මින්පසු බලපෑම්වලට යට නොවි හරි දේ කරවි රජයේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකු හට ලැබී ඇති දඬුවම හේතුවෙන් මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන් දේශපාලනාඥයින්ගේ බලපෑම් වලට කටයුතු නොකොට හරිදේ පමණක් සිදු කරමින් රාජකාරීන් නිසියාකාරයෙන් ඉටු කරනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගම්පහ පිළිකුත්තුව විහාරස්ථානයේ අද (9) දහවල් පැවති මුල්ගල් තැබීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නෑ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. 09 September 2017
කැබ්රථයේ ගැටී වතුරට විසිවූ මවත් පුතාත් මරුට අඟුරුවාතොට නාර්තුපාන හේන්ගොඩ දී කැබ්රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 24 හැවිරිදි තරුණයක් හා ඔහුගේ 48 හැවිරිදි මව මියගොස් ඇතැයි තෙබුවන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ පැලැනේ පදිංචි කරුවන් දෙදෙනෙකි. 09 September 2017
කරාපිටිය රෝහලේ පල්දෝරු පද්ධතිය කැඩීයයි. ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ පල්දෝරු පද්ධතිය අද (09) දහවල් කැඩී යාමෙන් වැසිකිළි අපද්‍රව්‍ය රෝහල් භූමියේ විශාල ප්‍රදේශයක පැතිරී තිබිණි. මේ හේතුවෙන් රෝහල පුරා විෂ බීජ පැතිරී යනු ඇතැයි ද රෝහල් සේවක සේවිකාවෝ මෙන් ම රෝහලට පැමිණෙන රෝගීහු ද චෝදනා කරති. 09 September 2017
බස් - වෑන් අනතුරෙන් 13ක් රෝහලේ දඹුල්ල - කුරුණැගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේ ප්‍රදේශයේදි බස් රථ දෙකක් හා වෑන් රථයක් අද (09) අලුයම එකිනෙක ගැටී පුද්ගලයින් පෙර පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 13 දෙනකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 09 September 2017
අර්ජුන් ඇලෝසියස් අදත් බැඳුම්කර කොමිසමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අද (09) උදෑසන බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය. 09 September 2017
ඇතුමල්පිටියේ අනතුරකින් දෙන්නෙක් මරුට පොලොන්නරුව - හිඟුරක්ගොඩ මාර්ගයේ පොලොන්නරුව සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් අද (09) අලුයම වාහනයක ගැටී යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 09 September 2017
හැලඹගේ ඝාතන පරීක්ෂණ වසරකට පසු සීඅයිඩියට ගාල්ල ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ප්‍රේමසිරි හැලඹගේ මහතා වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ පරීක්ෂණ සිද්ධියෙන් වසරකට පසු රහස් පොලිසියට බාර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 08 September 2017
ජාතික විගණන පනත ජවිපෙන් පාර්ලිමේන්තුවට ජාතික විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 08 September 2017
නියඟෙට වැසූ විල්පත්තුව හෙට යළි විවෘත කරයි නියඟය හේතුවෙන් මාස එකහමාරකට ආසන්න කාලයක් තාවකාලිකව වසා දමා තිබූ විල්පත්තුව ජාතික උද්‍යානය හෙට සිට දේස් විදෙස් සංචාරකයන් සදහා විවෘත කෙරෙන බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි. 08 September 2017
සාජාහි දිවිනසාගැනීම ගැන වාර්තාවක් කැඳවයි එකම පවුලේ ශ්‍රී ලාංකිකයින් පස්දෙනෙකු සාජාහිදී සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයේදී තිදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 08 September 2017
නිතී විරෝධී පලිබෝධනාශක ටොන් 41ක් අල්ලලා කල් ඉකුත් වූ හා නීතිවිරෝධී පලිබෝධනාශක ටොන් 41 ක් මේ වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් මහතා පැවැසීය. 08 September 2017
විදේශ ඇමැති හෙට මෝදි හමුවෙයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සිය ප්‍රථම විදෙස් සංචාරය අරඹමින් දෙදින නිල සංචාරයක් සඳහා අද (08) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. 08 September 2017
සීතාවක විෂ වතුර කුඩුගම ඇළට - මසුන් 5000ක් මැරිලා දැඩි වර්ෂාවක් පැවැති ඉකුත් දින කිහිපයේදී සීතාවක ආයෝජන කළාපයෙහි කර්මාන්තශාලා මගින් පිට කර ඇතැයි කියන ලබන විෂ රසායනක් මිශ්‍රිත අප ජලය නිසාවෙන් අවිස්සාවේල්ල කුඩුගම ඇල මාර්ගයෙහි ජීවත් වූ මසුන් රැසක් මිය ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 08 September 2017
20 ගැන අධිකරණ තීන්දුව කතානායකට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්යවස්ථානුකූද නැත්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කතානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. 08 September 2017
බත්තරමුල්ලේ රාජ්‍ය ආයතන උදේ 7.30 සිට වැඩ අගනුවර හා ජනාකීර්න පෙදෙස්වල උදෑසන පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලබන 18 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. 08 September 2017
සෙනසුරාදා සහ ඉරිදාත් ඇලෝසියස්ගෙන් ප්‍රශ්න කරන්න යයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අද(08) දිනයේදී පැය 08ක කාලයක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් කොමිසමේ විමර්ශන නිලධාරීන් හෙට සහ අනිද්දා (09-10) දිනවලදී ද ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ. 08 September 2017
අර්ජුන් ඇලෝසියස් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න සැරසෙයි බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු අනුසාරයෙන් දිව්රුම් ප්‍රකාශයක් සකස් කොට ඉදිරි සතියේ කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා බැඳුම්කර කොමිසමට අද (08) දැනුම් දුන්නේය. 08 September 2017
තිනියාවල පාලිත හිමිගෙ පෙත්සම කල්යයි මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් ) අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18 ) තීන්දු කළේය. 08 September 2017
බණ්ඩාරවෙල ගම් රැසක නායයෑමේ තර්ජන උමා ඔය ව්‍යාපෘතියේ බලපෑමට ලක්ව ඇති දික් අරාව ඇතුළු බණ්ඩාරවල ගම්මාන රැසක් විශාල නායයාමකට ආසන්නව පවතිතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 08 September 2017
ගම්පහ වෙළඳුන් 20කට දඩ මිල ප්‍රදර්ශණය නොකර වැඩි මිලට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර විකිණීම සහ කල්ඉකුත් වු ආහාර හොඳ තත්ත්වයේ ආහාර සමඟ තැබීම යන චෝදනාවන්ට වරදකරු වු වෙළඳුන් 20 කට රුපියල් 60000ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (8) නියම කළේය. 08 September 2017
සිල් රෙදි නඩු තීන්දුවෙන් රාජ්‍ය දේපල අවභාවිතය සීමාවෙයි - පැෆරල් ඉකුත් රජය සමයේ සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය ගැන පැවැති නඩු විභාගයේ තීන්දුව හරහා ඉදිරියේදී රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සීමා වනු ඇතැයි විශ්වාස කරන බව පැෆරල් සංවිධානය කියයි. 08 September 2017
කොළඹ නුවර අධිවේගී මාර්ගය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක් - අගමැති කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (8) වැනිදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය 08 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026