නාලක සංජිව දහනායක
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා මෙම වසරට විමධ්‍යගත ප්‍රතිපාදන වශයෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ 100ක මුදල මේ වනතුරු ලැබී නැතැයි ඒකාබද්ධ විපක්ෂය සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබාදිය නොහැකි ආණ්ඩුවක් ගම්පෙරලිය වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද පැවසීය.
ආර්ථික කළමණාකරණයේ අසමත්බව හේතුවෙන් ආණ්ඩුවට මුදල් නැති බවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ තමන් අත මුදල් ගැවසේයැයි මිනිසුන් සිතුවත් එය මිත්‍යාවක් බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොල්ලම මැදගෙන ඉන්නේ ජනතා හිතවාදී හින්දා වෙන්නැති. එහෙම නැතිනම් එකෙන් කියක් හරි කඩාගන්නද නැතිනම් තම හිතවාදීන්ට බෙදා දෙන්නද?
පසුගිය කාලේ උපයාගත් එහෙත් උපයාගත් හැටි පෙන්නන්න බැරි ධනස්කන්ධයෙන් සොච්චමක් දැන් ජනතාව වෙනුවෙන් වියදම් කලොත් නරකද?
ලංකාවේ පළාත් සභා, මහ නගර, නගර හෝ ප්‍රාදේශීය සභා කියලා බිම් මට්ටමට දේශපාලකයින් බෙදී ගියාට ඒවාට අරමුදල් වෙන් වූවාට වෙලා තියෙන සංවර්ධනයක් නැතිම තරම්. ගම් පෙරළිය හෝ පෙම් පෙරළිය කියලා මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් බිම් මට්ටමේ සංවර්ධන කටයුතු වෙන කොට ඒවායින් කලින් වගේ සල්ලි ගසා කන්න අසීරුයි. මොකද ඒවායේ යෙදෙන්නේ ඉදිකිරීම් ප්‍රතීතනයක් සහිත සමාගම්, එහෙම නැතුව නිකං බාස්ලා නෙවෙයි.
මෙයා කෑගහන්නේ තව ටික කාලයයි.
මෙතුමාගේ අතේ වියදමට කීයක් වත් නැතුවද මේ දවස්වල ?
ලක්ෂ සීයෙන් කොමිස් කුට්ටිය කීයද? හරි හිතේ අමාරුවෙන් ඉන්නවා ඇත්තේ සංවර්දනය කරගන්න බැරුව, නේද?
බය වෙන්න එපා, තවම නොවෙයි, “කොහෙත්ම නැහැ“.