(ලහිරු හර්ෂණ සහ මනෝප්‍රිය ගුණසේකර )
ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට පෙනී සිටින එම ආයතනයහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට සිය ප්‍රකාශ ලබා දෙමින් සිටී.
මෙම ආයතනයන්හි සිදු බව කියන විවිධ අක්‍රමිකතා දුෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් විවිධ ප්‍රකාශ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබු අතර ඒ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය දැනගැනීම සඳහා කොමිසම මගින් ඔවුන් කැඳවා තිබේ.
උදෑසන 8.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සාක්කි ලබා දීම සඳහා පැමිණ ඇති අතර මේ වන විටත් ඔවුන්ගෙන් සාක්කි සටහන් කරගනිමින් පවතී.
2006 ජනවාරී මස පළමුවැනිදාත් 2008 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.



(ඡායාරූප - ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕ ලෙවල් වත් හරියකට නැති සභාපතිතුමා මේ තරමට කලා මදිද ??
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගේ ගමන අතරමග කඩා කප්පල් කර ගන්න එක ප්‍රධාන හේතුවක් වුනේ මෙන්න මේ වගේ අදාල බාරධුර රාජකාරියට කොහෙත්ම නොගැලපෙන කිසිම අදාල කුසලතාවයක් නැති තමන්ගේ නෑ හිතවතුන් පත් කරපු නිසයි.
කරුණාකර මොහුව අත්අඩංගුවට ගන්න නැත්නම් මොහුත් කොමිසමේ වාර්තා එනකොට මහේන්ද්‍රන් වගේ රට පනිවි .
මේ අයට දඩුවම් ලැබේවිද නැතිනම 2020 වෙන ආණ්ඩුවක් එනතුරු මේවා දිගට ගෙනයාවිද.?
කෝ අර වාස් මල්ලි ඇවිල්ලා නැද්ද? ඒ තමා මහම මාෆියා රජා.
මේ කොමිසම පත්කරන්නම අවුරුදු තුනහමාර ගත වුනා නං, මේකේ තේරුම 2020 වෙනකං අදිනඑක තමයි.
මෙයට හොඳට ඉංග්‍රීසි කතාකරන පුළුවන් කම තමා එකම සුදුසුකම
ඕක තව අව්රුද්දක් විතර ඇදගෙන ගිහින් තව කෝටි 4-5 විතර කාබාසිනියා කරලා දමල අන්තිමට කියාවි මොහුට දඩුවම් දෙන්න කොමිසමට බලයක් නැහැ කියල , එතකොට මේක අධිකරණයට දැම්මහම සැකකරු රටපනිවී , සැකකරුට අවරුදු 3-4 තිබෙනවා දේපල විකුණලා හරි පවරලා හරි එකලාසයක් කරලා , සල්ලිත් රට පටවල කිසිම කරදරයක් නැතුව පිට රට ගිහින් සේටල් වෙන්න , මේවා අපිව මුලාකරන්න කරන නාඩගම් ,