(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා හා සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර තිබේ.
රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන එම විශේෂ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එස්.රනුග්ගේ මහතා පත් කර තිබෙන අතර එස්.ජී.සුමනසිංහ මහතා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
එම කොමිෂන් සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 15 දෙනෙකු වන අතර සෙසු සාමාජිකයින් ලෙස ටී.වී කොල්ලුරේ , සී.පී.සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න,ජනක සුගතදාස, ධරණී එස්.විජේතිලක,ලලිත් ආර්.ද සිල්වා, ජී.එස්.එදිරිසිංහ,ඒ.ආර්.දේශප්‍රිය,බි.ජී.පී.එස් අබේගුණරත්න,වෛද්‍ය පාලිත අබේකෝන් , පී.තංගමයිල්, එස්.ඩි ජයකොඩි සහ එම්.සී වික්‍රමරත්න යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුප් විෂමතාවට කලින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගැන සොයා බලන්න. පුද්ගලික අංශයේ සේවකයෙක් දවසකට කරන වැඩ සම්භාරයෙන් සීයට පණහක් වත් කරන්නේ නැති , උදවියගේ වැටුප් විෂමතාව ගැන කතා කරනකොට හිනා යනවා.
රාජ්‍ය සේවක වැටුප වැඩිකරන්න ඔය කොමිසම දැන්ම ඕන නැහැ. ඉස්සරවෙලා කරන්න තියෙන්නේ 2020 දක්වා හදල තියෙන වැටුප් වැඩිවීම 2019 අයවැයෙන් සම්පූර්ණයෙන් ගෙවා දැමීමයි. එයිනුත් වැටුප් විෂමතාවයක් ඇතිවුනොත් එය නිවැරදි කිරීමට කොමිසමක් අවශ්‍යවෙයි.
මමද රජයේ ජ්‍යේෂ්ඨ සේවකයෙක් වෙමි. වැටුප් ව්‍යුහය බලෙන්ම විශමතාවයකට පත්කර එය නිවරදි කිරීමට යාම රටේ ආර්ථිකයට, මහජනතාවට, රුපියලේ අගයට ඉතාමත් නරක විධියට බලපානවා. එකම සේවාවන්තුල වැටුප් විශමතාවක් ඇතිවී තිබේනම් එය නිරවුල් කිරීම යෝග්‍යයි. රජයේ සේවකයින් දැනට ලබන වැටුප ප්‍රමාණවත්. රට ගැන හිතලා කරුණාකර තීන්දු ගන්න. බඩජාරිකම තිබුනටම කන්න පුලුවන් සීමාවක් තියනවා කියලා හිතන්න පුරුදු වෙනවලා. දියුණු රටවල් මෙන්ම ළගදී පකිස්තානය කැබිනට් මණ්ඩලය ගැන ගත් තීරණය දිහා බලල හැදෙනවාලා. මේ අධ්‍යාපනයක් නැති චර්යාධර්ම නැති කොටින්ම කීවොත් විලිසංගෙ නැති එවුන්පා ලනය කරන්න පුලුවන් එකෙක් බිහිවේවා!
කිව්වත් වගේ දැන් තිබෙන පඩියටවත් සාධාරණ රාජකාරියක් කරනවාදැයි ඉස්සෙල්ල සොයා බලන්න. බැලුවොත් ඇත්නම් පරක්කු වෙලා වැඩට ඇවිත් රාජකාරි වෙලාවේ අයිස් ගහලා වෙලාවට කලින් කාර්යාලයෙන් පිටවෙන බහුතරයක් ඉන්නේ.
වැටුප් වැඩි කරා කියලා කිසිම කෙනෙකුට හරි ප්‍රතිඵලයක් ගන්න බෑ. මීට අවුරුදු හය හතකට කලින් තිබුන වැටුප වගේ හතර ගුණයක වැටුපක් දැන් රාජ්‍ය පෞද්ගලික කොයි ආයතනයේත් දෙනවා. ඒ වගේම බඩු මිලත් හතර ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වැටුප් වැඩි වීමේ වැඩක් තියෙනවද? දැන් කැගහල වැඩ වර්ජන කරලා වැටුප වැඩි කරා ගත්තම ඒ වැඩි වෙන මුදල කොහෙන්ද හොයන්නේ? අයෙත් බදූ වැඩියෙන් ගහන්න වෙනවා. එක්කෝ දඩ වැඩි කරන්න වෙනවා. කොහොම හරි වැඩි උන මුදල රජයටම දෙන්න වෙනවා. ඒ නිසා වැටුප් තියෙන ගානම තිබිල බඩු මිල අඩු වෙන්න ඕන. වියදම අඩු වෙන්න ඕන. ඒකට රටේ නිෂ්පාදන වැඩි කරලා ආනයන අඩු කරන්න ඕන. මුලින්ම තමන් වැඩ කරන ආයතනයේ වාර්ෂික අදායම කියද, වියදම කියද කියලා හොයලා බලන්න. නිෂ්පාදන වැඩි කරන්න කලින් ආයතනය දුවන්නේ ලාබෙටද පාඩුවටද කියලා හොයලා බලලා ඉන්න ඕන නේ.
රාජ්‍ය සේවයේ ලැබෙන සුළු වැටුපෙන් ජීවත්වීම අමාරුයි. උපාධිධාරීන්ට ලැබෙන්නෙ රු 35000 වගේ වැටුපක්. මේක 65000 දක්වා වත් වැඩිවිය යුතුයි.