(ඉන්දිකා රාමනායක)
හොරොයින් පැකට් 57 ක් සිය යට ඇදුමේ සඟවාගෙන රැගෙන යමින් සිටි කාන්තාවක් අලූත්කඬේ 95 වත්තේ දී අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වත්තේ පදිංචිකාරියක් වු 24 හැවිරිදි විවාහක කාන්තාවකි.මෙම කාන්තාව මත්කුඩු තොගයක් රැගෙන එන බවට දුෂණ මර්දන ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් කාන්තාවන් යොදවා සිදුකළ පරීක්ෂාවෙදී මෙම මත්කුඩු පැකට් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාරිය සතුව රුපියල් 60,000 ට ආසන්න වටිනා මත්කුඩු තිබු බවද පොලිසිය පවසයි.
කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසිත තොටගොඩවත්ත මහතාගේ උපදෙස් මත, වැඩබලන පොලිස් ස්ථානාධිපති (මෙහෙයුම්) පොලිස් පරීක්ෂක සේනානායක යන මහත්වරුන් ගේ මෙහෙයවීමෙන්, දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතාගේ උපදෙස් මත, පොලිස් සැරයන් (23631) ජයවික‍්‍රම, කොස්තාපල්වරුන් වන සුරංග (67946), දයානන්ද (75934) , චාමර (86858),කාන්තා පොලිස් කොස්තාපලවරියන් වන ඉන්දීවරී (8006), මධුභාෂිනි (10156) යන මහත්ම මහත්මීහු සැකකාරි අත්අඩංගුවට ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd