ඉන්දිකා රාමනායක
දඩ පති‍්‍රකා නොමැති බව පවසා රියදුරන් අපහසුතාවට පත්කරමින් රථවාහන නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව වින්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්යක්ෂ සහ අධීවේගී සංචාරක කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
රථවාහන දඩ පොත් පොලිස් ස්ථානවල අවශ්‍ය ප්‍රමාණයට ඇති බවත් ඇතැම් නිලධාරීන් එම පති‍්‍රකා රැගෙන නොයා රියදුරන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවට පත්වන අවස්ථා මාධ්‍ය මගින් ද වාර්තා කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ඉකුත් දා මාතලේ රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා රියදුරකුට දඩපති්රකා නොමැති බවට දන්වා නීතිය කි‍්‍රයාත්මක කර රියදුරකු අපහසුතාවට පත්කර ඇති තිබු බවත් එම සිද්ධිය විද්‍යුත් මාධ්‍ය හරහා වාර්තා වීමෙන් පසු අදාළ ස්ථානාධිපතිවරයා වහාම රථවාහන පොලිස් මුලස්ථානයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔහු රථවාහන රාජකාරියෙන් ඉවත් කළ බවද හපුගොඩ මහතා කියා සිටියේය.
එම නිලධාරියාට එරෙහිව වින්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගන්නා බවද ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවෙන් බැහැරවත් නිල ඇදුම් ඇදගෙන පාර අයිනේ ඉන්නවා, රියදුරෙක් මොකක් හරි වරදක් කරනවා දැක්කහම පගාවක් ගන්න උත්සහ කරනවා උත්සාහය අසාර්ථක වුනොත් , පොලිසියට ගිහින් දඩ කොළයක් ඉල්ලගන්න කියල මාරු වෙලා යනවා , එහෙම වුණහම රියැදුර පොලිසියට ගිහින් දඩකොළය අරන් තැපැල් කන්තෝරුවට ගිහින් එක ගෙවල , රිසිට් එක අරන් ආපසු පොලිසියට ගිහින් එක ඉන්දිරිපත් කරලා රියදුරු බලපත්‍රය ගන්න ඕනේ , මේක අනවශ්‍ය රස්තියාදුවක්
දැන් නම් මේ ප්රශ්නය විසඳෙයි . ට්‍රැෆික් රාලහාමිට කියන්න පුළුවන්නේ අපි ළඟ දඩ පත්‍රිකා ඕනෑ තරම් තියනවා . එකක් දෙකක් නොවෙයි දුසිමක් උනත් දෙන්න පුළුවන්, මොකද කියන්නේ ?ගොඩින් බේරා ගන්නවාද ?
සමාජ මාධ්‍ය නිසා දැන් වැරදි කරද්දී පොඩ්ඩක් හිතන්න වෙනවා
නීති-රීති-සැලසුම් ගොඩයි ඒත් එකක්වත් හරියට වෙන්නේ නැහැ. අදවනවිට මේ රටේ සියලුම රාජ්‍ය ආයතන කෙරෙහි ඇති ජනතා විශ්වාසය බින්දුවටම වැටිලා ඉවරයි. මේ රට අද පත්වෙලා ඇති මේ තත්වෙන් දවසක් ගානේ ගෙවන්නේ කොහොමද කියන එකයි පුදුමේ.
වසර 70ක් තිස්සේ හිටපු දේශපාලනඥයින් මේ රට විනාස කරලා නැති කරලා ඉවරයි. ආයේ ගොඩ එන්න බෑ.