( ඉන්දිකා රාමනායක)
ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ කොවිලම් තුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 15 ක පමණ දුරකදී දියේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් බේරාගත් බව නාවික හමුදාව කියයි.
උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22) සවස මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිස නිරීක්ෂණය වී ඇති අතර ඔවුන් වහාම කි‍්‍රයාත්මක වී මෙම පිරිස බේරාගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.
නාවික හමුදාව එම ධීවරයින් බේරා ගැනීමෙන් පසු එම ප‍්‍රදේශයේ සංචාරයේ යෙදි සිටි වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙත බාර දී මෙන් පසු ඔවුන් එම ධීවරයින් ආරක්ෂාකාරී ලෙස කන්කසන්තුරයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ආ බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මොවුන් ධිවර කටයුතු සදහා පැමිණි සිටියදී පැමිණි යාත‍්‍රාව අනතුරට ලක්වීමෙන් මොවුන් අනතුරට ලක්ව සිටි බවද නාවික හමුදාව කියයි.
බේරාගත් එම ධිවර පිරිසට අවහ්‍ය ප්‍රථමාධාර ඇතුලූ පහසුකම් සැපයිමට පසු ඔවුන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගිහිල්ලා කියාවි ලංකා නෙවි එක අපිට කන්න දුන්නෙත් නැහැ. තිබුන දේවල් උදුරා ගත්තා කියලා
මොනවා වුනත් මිනිහගේ බැල්මට පව් කියලා හිතෙනවා. හැබැයි මෙතනට ජයලලිතාගේ හෝ අනික් ගොයියාගේ ෆොටෝ එකක් ගෙනාවොත් මේ ගොල්ලෝ තරම් වීරයෝ නැහැ.