(රොමේෂ් මධුෂංඛ)
යාපනය, චාවකච්චේරි, සංගතානෙයි ප්‍රදේශයේදී සිදුවු දුම්රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.
යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියට සංගත්තානෙයි අරසඩි මන්සන්ධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ යතුරුපැදිය ගැටීමෙන් ඊයේ (22) රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම දුම්රිය හරස් මාර්ගය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් වන අතර අනතුරින් වයස අවුරුදු 22 ක් වු මාර්කන්ඩු සුලක්ෂන් නමැති තරුණයෙකු හා වයස අවුරුදු 23 ක් වු මහාදේවන් සුජීවන් නමැති තරුණයෙකු මෙලෙස මිය ගොස් ඇති බවට හඳුනාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd