නිමල කොඩිතුවක්කු
ලක්ෂ 05ක පමණ ප‍්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය සඳහා ඉල්ලූම් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ප‍්‍රදේශීය ලේකම් කාර්‍යාල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල වලින් ලබාගත් දත්ත අනුව මෙම කරුණු අනාවරණය වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයකු පැවසීය.
ඉන් සමෘද්ධි සහනාධාරය හිමිවිය යුතු ලක්ෂ දෙකක පිරිසක් සඳහා මේ වසර අවසන් වීමට පෙර සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල මහතා පැවසීය.
එමෙන්ම සමෘද්ධි සහනාධාරයේ අගය තුන් ගුණයකින් පමණ වැඩිකිරීමට හැකිවි ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පින් පඩි ගන්න මිනිස්සු පුරුදු වුනාම ඒක කිසිම දවසක නවත්වන්න බැහැ. අනික මේ පින් පඩිය තුන් ගුණයකින් වැඩි කලොත් ඉල්ලුම් කරන සංඛ්‍යාවත් ඒවගේම වැඩිවෙයි.
හිගන්නන් බෝ කරන එක නතර කලේ නැත්නම් හැමදාම අපේ රට වලේ තමයි.