අමදෝරු අමරජීව
ශ්‍රිලංකාවේ තෙදින නිල සංචාරයකට පැමිණි ජපාන ආරක්ෂක ඇමති ඉට් සුනෝරි ඔනඩෙරා මහතා අද (22) දෙවැනි ලෝක යුද්ධයේදි වරායට බෝම්බ දැමිමට පැමිණ ප්‍රති ප්‍රහාරවලින් කඩා වැටුණු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ පිහිටි ජපන් ගුවන් යානය විනාශ වු ස්ථානය දැකබලා ගත්තේය.
දෙවැනි ලෝක යුධ සමයේදි 1942 අප්‍රේල් මස 09 වන දින ජපාන ගුවන් යානයකින් ත්‍රිකුණාමලය වරායට බෝම්බ හෙලු අවස්ථාවේ එල්ල වු ප්‍රති ප්‍රහාර වලින් මෙම ගුවන් යානය චිනවරයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයට කඩා වැටුණි.
එම තෙල් ටැංකිය දින හතක් ගිණි ගත් අතර මෙම ස්ථානය දැනට ලංකා ඉන්දියානු තෙල් සමාගම (අයි.ඕ.සි) නඩත්තු කරණු ලබයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd