(එස්.එස්.එස්.ගුණරත්න)
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අනුරාධපුර ස්නායු ශල්‍ය වෛද්‍යවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර තවත් සිසුවෙක් ගිරාදුරුකෝට්ට පොලිසිය මඟින් අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්ව විද්‍යාල පරිශ්‍රයේ මහාමාර්ගය අසල සිය මෝටර් රථය නවතා සිටියදී සිසුන් පිරිසක් වෛද්‍යවරයාට පහරදී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිසුන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.
අත්අඩංගුවට ගත් මෙම සිසුවා ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර පේරාදෙණිය පොලීසිය මගින් සිසුවා පිළිබඳව ගිරාදුරුකෝට්ට පොලීසියට ලබා දුන් තොරතුරු අනුව ඔහු පිළිබඳ විමසිල්ලෙන් සිටි පොලීසිය අද සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු හෙට (23) මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයක් හික්මීමක් හෝ හොද නරක තේරුම් කරගැනීමට නොහැකි මෙවන් අය කිනම් උපාධියක් ලබාගතත් එහි ඵලය කුමක්ද? මෙවන් අයගෙන් රට අවංක සේවයක් සිදුවේද?
උසස්පෙළට ඒ තුනක් ගත්තට , උසස් විනයක් හික්මීමක් ගරුකිරීමක් ඉගෙන ගෙන නැති සිසුන් උපාධිය ගත්තටඒ අය සමාජ පිළිකාවන්ය , පාසල් අධ්‍යාපනය තුළ සා.පෙළ , උ .පෙළ පන්ති වලදී විනය පිරිහීම තුල , විශ්ව විද්දියල දකවා පැතිර ගොස් ඇත.
රටේ මිනිස්සු නීතිය හා සාමය ගැන කතා කරනවා. රටේ හැමතැනම එකම නීතිය ක්‍රියාත්මක නැත්තෙ ඇයි? විශ්ව විද්‍යාලයේ පරිශ්‍රය තුළ නීති ක්‍රියාත්මක කරන්න සිසුන්ට අයිතිය දුන්නෙ මොන පනතෙන්ද?