(සුජිත් හේවාජුලිගේ සහ රන්ජිත් පද්මසිරි)
හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කළ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවී ඇත්දැයි යන්න පැහැදිලිව දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට යළි සිහි කැඳවීමක් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.
ම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සඳහන් කරමින් එවා ඇති ලිපියෙහි විජයකලා මහත්මියගේ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්දැයි යන්න නිශ්චිතව සඳහන් නොවන හෙයින් ඒ ගැන දැනුම් දෙන්නැයි ඉල්ලා කතානායකවරයා නීතිපතිවරයාට මෙසේ යළි සිහි කැඳවීමක් කරන බව කතානායක කාර්යාලයේ
ප්‍රකාශකයෙක් “ලංකාදීප” යට පැවැසීය.
විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය ගැන නීතිපතිවරයාගේ මතය සඳහන් ලිපිය කතානායකවරයාට ඊයේ (20) ලැබී තිබිණ.
එම ලිපියෙන් නීතිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත්තේ විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය
පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ කටයුතු කරන ලෙසය.
මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති නම් ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ පොදු එකඟත්වය මත හෝ කටයුතු කළ හැකි බවට ද නීතිපතිවරයා
උපදෙස් දී ඇත. හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට යාපනයේ දී ප්‍රකාශයක් කළේ ඉකුත් ජූලි මස 2 වැනිදාය.
මේ ප්‍රකාශයෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මැතිසබයේ උද්ඝෝෂණ කරමින් විජයකලා මහේෂ්වරන් මහත්මිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති නිසා ඇයට විරුද්ධව කටයුතු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. විජයකලා මහත්මියගේ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්දැයි යන්න පිළිබඳව කතානායකවරයා නීතිපතිවරයාගේ මතයවිමසුවේ ඉන් අනතුරුවය.
මේ සිද්ධියෙන් පසුව නීතිපතිවරයා ද පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව වාර්තාවක් ලබාගෙන තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් මිනිස්සුන්ට අමතක වෙනකන් අරයගෙන් මෙයාගෙන් අහා අහා ඉන්න.
ගොඩක් ඉහල නිලධාරීන් සහ දේශපාලකයින් ප්‍රශ්ණයකට "ඔව්" හෝ "නෑ" කියන කෙලින් පිළිතුරු දෙන්නෙ නෑ. මල්ලෙ පොල් වගේ උත්තර තමයි දෙන්නෙ. ඒකට එක හේතුවක් වගකීම ගන්න බයවීම. තමන්ගේ පිළිතුරමත අනෙක් අය ගන්න පියවර නිසා තමන්ට දෝශාරෝපන, ප්‍රශ්ණ ඇතිවෙයි කියන එක. තවත් හේතුවක් තමයි මල්ලෙ පොල් උත්තරයක් දුන්නම සමහර වෙලාවට අනේක් පාර්ශවය තමන්ට තේරෙන විදිහට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒකෙන් යහපතක් උනොත් ලකුණු ටික තමන්ට දාගන්න පුලුවන්. වැරදුනොත් මම නෙවෙයි කියල අතපිහගන්නත් පුලුවන්.
මේක මුලින්ම ඇහුවෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වෙලා ද නැත්ත කියලා තමයි. මොකද දඬුවම් නියම වෙන්නෙ උල්ල්ංඝණය වෙලා නම් විතරයිනෙ. ඇහුවම උත්තර දීලා තියෙන්නෙ යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් වගේ උත්තරයක්නෙ බේරගන්න පොටවල් හොයනවද කොහෙද..?
මේක කල්ගන්නේ යටපත් කරන්න තමයි. පැහැදිලිවම මෙයාගේ ප්‍රකාශයේ ඉතා හැගීම්බරව කියනවා අපේ ජනතාව නිදහසේ ඔලුව උස්සගෙන ජීවත්වෙන්නොන නං, ආයිත් කොටි සංවිධානය උතුරු නැගෙනහිරේ මතුවෙන්නොන බව. ඒ පමණක් නොවේ කොටි සාමාජිකයන් 12 දෙනක්ට මුදල් ආධාර දීම සඳහා සුවාමිනාදන් ඇමති විසින් ඉදිරිපත් කල කැබිනෙට් පත්‍රිකාව අහෝසිකළ පිළිබඳව ජනාධිපතිතුමාවත් මෙයා දැඩි ලෙස විවේචන කළා. ඔවුන් 12 දෙනාම තමන්ගේ බිම බේරන්න සටන්කළ වීරයෝ බවත් මෙයා කියනවා. අඩුම තරමින් දෙමල දන්නා එක නිලධාරියක් හෝ නීතිපති දෙපාර්තුමේන්තුවේ නැද්ද?
සාමාන්‍ය ජනතාව උත්තරය දන්නවා ඒ වගේම උත්තරය නම් හරිම සරලයි. ඒ නිසා නැවත නැවතත් ඔය විහිලු විමසීම් වලින් නිකන් වටිනා කාලේ කා දමන්නේ නැතිව අඩුතරමින් වෙනත් වැඩකට එම කාලේ මිඩංගු කලොත් කාගේ කාගේත් ශරීර සෞඛ්‍යට හොද වෙයි.
මම හරියටම කියන්නේ කොහොමද ? අසවලාගෙන් අහන්න.
නිකන් බොරු රඟපෑම් අපට එපා මහත්මයෝ
දඩුවම් කරන්න දුකයිද..?