( තිළිණි ද සිල්වා )
විදෙස් ගත ලාංකිකයින්ට අවශ්‍ය උප්පැන්න සහතික , විවාහ සහතික ඇතුළු සියලූ ලිපි ලේඛන සහතික කර ගැනීමේ ක්‍රමවේදය දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් ගාලූ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19 ක මෙම ක්‍රමවේදය ව්‍යාප්ත කෙරෙන අතර ඉන් අනතුරුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 වෙතටම මෙම පහසුකම ව්‍යාප්ත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් කැනේඩියානු රජය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය හරහා රුපියල් මිලියන 6.8 ක් වටිනා උපකරණ ප්රදානය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය ඔස්සේ නව්‍ය , විමධ්‍යගත හා වඩාත් දියුණු කොන්සියුලර් සේවාවක් ඩිජිටල්කරණය ඔස්සේ ජනතාව වෙත සේවාවන් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයට නොපැමිණ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපිලේඛන සහතික කර ගැනීම පහසුවෙන්ම සිකර ගැනීමට මහජනතාවට ඉඩ සැලසෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඉකුත් 16 වැනි දා පැවැති දිසාපතිවරුන්ගේ සමුළුව අතරතුරදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලෝචිත හොඳ කර්තව්‍යක් .
විදෙස් ගත ලාංකිකයින්ට අවශ්‍ය උප්පැන්න සහතික , විවාහ සහතික ඇතුළු සියලූ ලිපි ලේඛන සහතික කර ගැනීමේ ක්‍රමවේදය දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනු ලංකාවේ තිබෙන තවත් එක දුෂිතම ආයතනයක් බව නොදන්නේ කවුරුන්ද. සැකයක්ව පවතින ප්‍රධානතම රුණක් වන ලංකාවේ රජයේ සේවයකර ( නිසි අවුරුදු ගණන් සම්පුර්ණ නොකරනලද ) ලොවපුරා විදෙස පදිංචිය ලබා ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන්, ලංකාවට පැමිණ ලංකාවේ පුරවැසිකම් ලබා හොර ලියකියවිලි ඉදිරිපත් කර විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකිවනසේ නිතිය සකස් නොකර වබෝධතා ගිවිසුමකට අත්සන් තබා පලක් තිබේද. මොවුන්ගෙන් බොහොදෙනා විදෙස ගතව අත්හේ රජයේ වියදමින් බවත් සදහන් කළ යුතුය.