(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
කොල්ලකෑමක් සිදුකිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අතර පිස්තෝල දෙකක් හා උණ්ඩ 20ක් පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර තණමල්විල ප්‍රදේශයේ පාතාල සාමජිකයකු ද වන බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.