(නිමල කොඩිතුවක්කු)
රැකියා විරහිත උපාධිධාරින් 4100ක් සඳහා පත්විම් ලිපි ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (20) සිදුකෙරිණි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ව්‍යාපෘති කළමනාකරණ සහ යෞවන කටයුතු අමාත්‍යංශය ඇතුළු අමාත්‍යාංශ සඳහා එම පිරිස අනුයුක්ත කර තිබේ.
වත්මන් ජාතික රජය බලයට පත්ව 2017 වර්ෂය අවසන් වනවිට සෘජුව ලියාපදිංචි කළ සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව හාර ලක්ෂ තිස්දහසක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පැවසීය.
මෙම කාළය තුළ ස්වයං රැකියා , විදේශ රැකියා ආදි සියල්ල එක් කළ විට ලක්ෂ හතකට පමණ රැකියා, ආදායම් මාර්ග ඇතිකර ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදි වැඩිදුරටතත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ජාතික ප්‍රතිපත්ති හා ආර්තික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප : ඉෂාන් සංජීව





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා...හා මේ ලක ලෑස්තිවෙන්නේ ළඟදී පැවැත්වෙන "අම්බරුවන් තේරීමේ මහා තරගයට " පෙර සූදානමක් නේද?
හරිම අසාධාරණයි... අවුරුදු ගාණක්.. උපාධියක් අරගත්තත් ළමයි ගෙදර... ලංකාවේ හැම දෙයක්ම කරන්නේ විදෙස් විනිමයෙන් නේද?
උපාධිය අර ගත්තු පලියට රැකියාවල් දෙන්නේ මොන රටේද ? ඇයි පුද්ගලික අංශයේ රැකියාවලට නොයන්නේ. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දකවා නොමිලේ ලැබිලා ඊළඟට රජයේ රැකියා නොලැබුනොත් මුළු රටටම ඇඟිල්ල දික් කරනවා. ලැබුනොත් රාජකාරි වෙලාවේ , දවසෙම අයිස් ගහලා බදු ගෙවන්නෙත් නැති පඩියක් අරන් ඒකත් මදි කියනවා. මේ සමහර උගත්තුන්ගේ ආත්මාර්ථකාමී ආකල්ප හදන්න බැහැ
අපි 2013 අයින්වුණේ අපිටත් නෑ.හරිම අසාධාරණයි.2017 අයින්වුන අයටත් රැකියා ලැබුණා.....
තනිකරම දේශපාලන හෙන්චයියන්ට පත්විම් ලබාදිමක්. කිසිම ලකුණු ලබාදිමේ පදනමක් නැහැ.
20000ක් දෙනවා කියල 4000ක් නේ දීල තියෙන්නේ
මෙතන ඉන්න අයගෙන් 99%ක්ම වාගේ කාන්තාවන්. තව ටික දවසකින් විශ්වවිද්‍යාලවල තත්වයත් ඒකම වෙයි. පේන විධියට අපේ අධ්‍යාපනය ක්‍රමය තුලින් ස්ත්රින් සඳහා කෘතිම වරණයක් ඇතිකෙරේ.
දෙන රැකියාවල් සහ උපාධිය අතර සම්බන්දතාවයක් තිබෙනවාද ඔහේ දෙන්නන්වාලේ රැකියාවල් දෙනවාද? අර රැකියාවල් දස ලක්ෂයට අමතරවද මේ 4100.