ඩි.ජී.සුගතපාල            

                               
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගුටිබැට හුවමාරුවකින් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.


මෙසේ තුවාල ලබා ඇත්තේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් තිදෙනෙකු සහ ඉංජිනේරු පීඨයේ සිසුන් දෙදෙනෙකි.


ඉංජිනේරු පිඨයේ සිසුවියක් තල්ලුකර දැමිමේ සිද්ධියක් නිසා දෙපිරිස අතර බහින් බස් විමක් ඇතිවි පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ. 


උසස් තාක්ෂණ ආයතනය අවට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර අක්මිමණ පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.