හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ඔනූර්) බුදු දහමට නිගා කළැයි කියන ප්‍රකාශය සාවද්‍ය හා නොදැනුවත්කමින් සිදු කර ඇති බව එම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනය පහත දැක්වේ.
‘‘හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) බුදු දහමට නිගා කළා යැයි ප්‍රචාරය වන සාවද්‍ය පුවත් වාර්තාවන් සහ නොදැනුවත්කමින් සිදුකර ඇති ප්‍රකාශ ගැන අපගේ අවධානය යොමුව ඇත.
සම්මානනීය ගුවන්විදුලි නාට්‍ය අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති නාට්‍ය මාලාවක් “රේඩියෝ කථා” නමින් රාජ්‍ය ගුවන්විදුලි සේවාවක් වන ITN FM (FM 93.5 / 93.7) ඔස්සේ අගෝස්තු 03 දා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 සිට 10 තෙක් විකාශය වෙමින් පවතී.
ගුණ-ධර්ම මෙන්ම අධ්‍යාත්මික වර්ධනයේ පිරිහීම තුලින් ලාංකීය සමාජයේ ඇතිවී තිබෙන ගැටළු පිළිබද විචාරශීලීව හා ප්‍රායෝගිකව මෙම නාට්‍ය කතිකාවකට භාජනය කරයි. මෙම නාට්‍ය පිටපත් ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් පසුව අප කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්වීමට තීරණය කරන ලදී.
බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් අප වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් කිසිවිටෙක අමනෝඥ නොවන බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමු.
අප සංහිදියා කාර්යාංශය, අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ අනුග්‍රහය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, ජාතික එකමුතුව ගොඩ නගමින් බුදු දහමට ව්‍යවස්ථානුකූලව හිමි ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සියලු ජනකොටස් හා ආගම්වලට ගරු කරන, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මෙවන් අවස්ථාවක, එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් තම පෞද්ගලික දේශපාලන සම්බන්ධතා සහ පුද්ගලික න්‍යායපත්‍රයන් අනුව මෙලෙස සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීමත්, පිළිගත් ජනමාධ්‍ය සදාචාර අනුව අප කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක් හෝ නොවිමසා ගෞරවනීය ස්වාමීන්වහන්සේලා ඇතුළු පොදු මහජනතාව නොමග යැවීමටත් ගන්නා උත්සාහය තරයේ හෙලා දකිමු.
සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු විසින් රචනා කර අධ්‍යක්ෂණය කර, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් ප්‍රචාරය වන මෙම නාට්‍ය මාලවට සවන් දී ඒ පිලිබදව සාමකාමී, හරවත් සංවාදයකට කැමති ඕනෑම කෙනෙකු හා සම්බන්ධවීමට අප කාර්යාංශය සූදානම් බව ද මෙහිදී සදහන් කරනු කැමැත්තෙමු
මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබද අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට තීරණය කළෙමු.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දන්නේ නැති හින්ද අහන්නේ, මේ වැඩසටහන කවුරු වෙනුවෙන්ද, මම හිතන්නේ මීට වඩා දේවල් සංහිදියාව වෙනුවෙන් කිරීමට පුළුවන් නේද.
ප්රභාකරන් ලංකාව පුරා මිනි මරණ වෙලාවේ ඔබල කොහොද හිටියේෙ
"කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක්" මොනවද මේ කියන්නේ ? සරල සිංහලෙන් පැහැදිලි කරන්න බැරි ඇයි ? රටේ ජාතික ආගමික වටිනාකම් අපහාසයට උපහාසයට ලක් කරන් අයට නිසි දඬුවම් ලැබේවි
"මෙම නාට්‍ය මාලවට සවන් දී ඒ පිලිබදව සාමකාමී, හරවත් සංවාදයකට කැමති ඕනෑම කෙනෙකු හා සම්බන්ධවීමට අප කාර්යාංශය සූදානම් බව ද මෙහිදී සදහන් කරනු කැමැත්තෙමු" අපට සංවාද කතා අවශ්‍ය නැහැ. බුද්දාගම සම්බන්දව කියවෙන ප්‍රකට වැකි වලට සමාන එහෙත් විකෘති වැකි යොදවා ඇත්තේ ඇයිද කියා පැහැදිලි පිළිතුරක් දෙන්න.
නුඹලා ප්‍රතික්ෂේප කලාට අපි දැක්කානේ වෙලා තිබෙන සංහදිය.
සංහිදියාව කවුරුවත් අත නොදැම්මට ඉබේ ඇතිවේ. පොළොන්නරු යුගය බලන්න. පන්සල ,කෝවිල එකට. දැන් පන්සල් බිමෙම කෝවිල්. බල ලෝබින් අත නොදමන්නේනම් නොදැනුවත්ව සංහිදියාව ඇති වෙනු ඇත.
රටත් ජාතියත් ආගමත් වනසන සියලු දෙනා භංග වේවා!!!! ( රජය වගකිය යුතුයි )
ගුවන්විදුලි නාට්‍ය ක්ෂේත්රයේ "අධ්‍යක්ෂකල" කියල ජාතියක් නැහැ. ඉන්නේ" නිෂ්පාදකයෝ".ඔය කියන පුද්ගලයා කිසිම ගුවන්විදුලි ආයතනයක නාට්‍ය නිෂ්පාදක කමක් තියා පියුන්කමක්වත් කරපු කෙනෙක් නොවෙයි. ඔහු රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් කන්දරාවක් ලබා ගෙන පෞද්ගලිකව ඔහු ලියු නාට්‍ය වගයක් තැටි ගත කරලා තියනවා දැනට කලකට පෙර. ඔය නාට්‍ය ටිකම ඔහු පුස්තකාල සේවා මණ්ඩලයෙන් ප්‍රකාශන ආධාර සඳහා ඉදිරිපත් කළම ඒවා ආගමික, සංස්කෘතික, සාරධර්ම විරෝධී බව පෙන්වා දී ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පෞද්ලිගලික වියදමෙන් පල කල (2012)"නිහොන් සැප ලැබේවා" පොතේ පෙරවදනේ සඳහන් වෙනවා. ගුවන්විදුලි නාට්‍ය සම්මාන ප්රදානයේදී හොඳම රචක සම්මානය ඔහුට හම්බු වෙච්ච විදිහ (කොල්ල කාපු) කෙරුනේ ජිල්මාර්ට් එකකින් බව දන්නෝ දනිති. රාජ්‍ය නොවන සංවිධානය කාක්කෝ කරන විනාසය බරපතලයි. මුන්ගේ සංවිධානය තහනම් කොට මේ නාට්‍යවලට අනුග්‍රය දැක්වූ නරුමයන්ට එරෙහිව කටයුතු කල යුතුයි!