(ටී.කේ.ජී.කපිල )
ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔන්ඩෙරා (itsunori ondera) මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය.
එතුමා සමඟ දූත පිරිස 19 ක් පැමිණි අතර ඔවුන් අද රාත්‍රී 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම පිරිස (22) වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ජනාධිපති, අගමැති ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නායකයින් රැසක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දැන් ආරක්ෂක ඇමතිලාගෙන් වැඩක් නැහැ. ජපානයේ මුදල් ඇමති ආවනම් තමයි රටට වැඩක් වෙන්නේ.
ඒ කිව්වේ තව තවත් ණය ඉල්ලා ගන්න වෙන්න ඇති නේද ?