(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නිවාඩු කාලය තුළදීම ඇගයීම් කර අවසන් කිරීමට අවශ්‍ය වූ හෙයින් උසස් පෙළ විභාගය වෙනුවෙන් මුළින් සකස් කළ කාලසටහන සංශෝධනය කිරීමට සිදු වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා අධ්‍යාපන ඇමැතිවරයා වෙත ලබා දුන් වාර්තාවක සඳහන් වේ.
උසස් පෙළ විභාග කාලසටහනෙහි අගට යෙදී තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි යන විෂයන් කාලසටහනෙහි මැදට ගැනීමට අවශ්‍ය වූ හෙයින් විශේෂ කමිටුවක් පත්කර කාලසටහන සංශෝධනය කළබවද එම වාර්තාවේ සඳහන් වේ.
කාල සටහන සංශෝධනයේදී පාලක පරීක්ෂක මණ්ඩලවල නිරත ආචාර්ය මහාචාර්යවරුන්ගේ යෝජනාද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යක්ෂවරුන්ගේ ද යෝජනා සැලකිල්ලට ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට ඉවර වුන එක හොදයි!