( දිල්රුක්ෂි ග්‍රේරු)
බුදු දහමට නිග්‍රහ වන අන්දමින් ලියා ඇති ‘බුදුන්ගේ රස්තියාදුව‘ නම් කෘතිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.
බුදුන් වහන්සේට සහ බුදු දහමට අගෞරව වන පරිදි මෙම කෘතිය එළි දක්වා ඇති නිසා ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් කම්පාවට හා චිත්ත පීඩාවට පත්ව සිටින බවත් අමාත්‍යවරයා එම ලිපියෙන් දන්වා තිබේ.
එහි කර්තෘවරයා වන කේ.කේ. ඒ ශ්‍රීනාත් චතුරංග නැමැති ලේඛකයාට , මුද්‍රණකරුවන්ට, ප්‍රකාශකයන්ට, බෙදාහරින්නන්ට සහ අලෙවි කරන්නන්ට දණ්ඩ නීතී සංග්‍රහයේ 290, 290 ඒ සහ 291-ඕ වගන්තිය යටතේ සපරාධි වරදක් සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන්වේ.
එම නිසා එහි අනතර්ගත කරුණු සළකා බලමින් අදාල පාර්ශවයන්ට කඩිනමින් පරීක්ෂණයක් පවත්වා නඩු පවරා දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එම ලිපියෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම ලිපියේ පිටපත් ජනාධිපති සහ අගමැතිවරයාටද යොමු කර ඇතැයි අමාත්‍යංශය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොත නිසා ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් කම්පාවට හා චිත්ත පීඩාවට පත්ව සිටින බව හිතන්න අමාරු නේද? මීට වඩා බුදුන් වහන්සේට සහ බුදු දහමට අගෞරව වන පරිදි කටයුතු කරන සහ හැසිරෙන අය කොපමණ ඉන්නවද? ඒ අය ගැනත් නීතිමය පියවර ගන්න බලන්න.
යන්තන්වත් ඔබලාගේ ඇස් ඇරීම පිළිබද අපගේ ප්‍රසාදය
ඔබතුමාට බොහොම පින් ඒ ගැන බැලුවට.
සිංහල බෞද්ධයාට බුදුදහමට එළිපිට අවමන් කරන්න පටන් ගත්තේ යහපාලකයෝ පැමිණියාට පසුවයි. නගරාධිපති කාර්යාලයේ තිබුණ බුදුරුව ඉවත් කළා. ඔහොමයන් අපි පාරට බැස්ස දවසට වෙනදේ ගැනත් සිතන්න
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ මේක ලියපු, මුද්‍රණය කරපු සියලු දෙනා නිදහස් වෙනවා. ඔන්න ලංකාවේ නීතිය
අනිවාර්යෙන්ම හොදම දඩුවමක් දෙන්න