(රංජන් කස්තුරි)
ත්‍රීරෝද රථ නියාමනය කිරීම සඳහා කොමිසමක් පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද (20) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් එම නියාමන කොමිසම ක්‍රියාත්මක කෙරෙන බවද එම කොමිසම ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවද ඇමැතිවරයා කීවේය.
කෙසේ වෙතත් ත්‍රීරෝද රථ රියදුරන්ට වයස අවුරුදු 35ක් විය යුතු බවට නීතියක් ගෙන ඒමට තමා විරෝධය දක්වන බවද එලෙස නීති ගෙන ඒම තරුණයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකැයිද ඇමැතිවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පාරේ වාහනයක් පදවාගෙන යන කෙනෙක් නොවෙයිනේ. ඉතින් ත්‍රීවීලර් කාරයින්ගෙන් සෙසු ජනතාවට තිබෙන කරදර දන්නේ නැත. ත්‍රීවීලර් පාරෙන් ඉවත් කරන්න.
වහාම ත්‍රීවීලර් ලංකාවට ගෙන්වීම නවත්වන්න. ඒ වෙනුවට කුඩා කාර් තීරු අඩුකර ගෙන්වන්න. දැනට භාවිත කරන ත්‍රීවීලර් සදහා දැඩි නීති රීති ඇති කරන්න. මේ අය එක්ක වෙනත් වාහන රියදුරන්ට පාරක යන්න නැහැ. සයිලන්සර් වෙනස් කර විශාල ශබ්ද ඇති කරන ත්‍රීවීලර් සදහා දඩ ගසන්න
බමුණුආරච්චි මහත්මයාගේ ප්‍රකාශය පිළිගත නොහැක , ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ප්‍රමිතිය ඉතා පහල වන අතර , කුඩා මෝටර් රථ සදහා වන බද්ද වැඩිකොට ඇත , ත්‍රිවිලර් මාර්ගයෙන් ඉවත් කලොත් ගම් වල ජිවත්වන මිනිසුන් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නේ කොහොමද ? ත්‍රිවිල් එපා නම් එන්ජින් ධාරිතාව 700 දක්වා වන කාර් සම්පුර්ණයෙන්ම තිරුබද්දෙන් නිදහස් කරන්න , දැනට නිකුත් කල ඇති රියදුරු බලපත්‍රවලට රියදුරාගේ වැරද්දක් නැත්නම් 35 හෝ 25 දක්වා අත්හිටුවීම හෝ ටහනම් කිරීම බරපතල මානව හිමිකම් කඩ කිරීමකි , එහෙම කලොත් අපේ රටේ නිතිය පිලිබන්ධ විශ්වාශය ජාත්‍යන්තර දර්ශක වල පහල වැටීම අනිවාර්යයෙන් සිදුවේ , එවිට විදේශීය සමාගම් මෙහෙ ආයෝජනය කිරීමට මැලිකමක් දැක්වීම අනිවාර්යයෙන් සිදුවේ , ඉදිරියට නිකුත් කරන රියදුරු බලපත්‍ර 25 හෝ 35 දක්වා වැඩි කිරීමේ වරදක් මම නොදකිමි ,
ඔබට කියන්න තිබෙන්නේත් ඒ කතාවම තමයි. ඔබ ලංකාවේ වාහන පදවන්නේ නැහැනේ එම නිසා ත්‍රීවීලර් කාරයින්ගෙන් සෙසු රියදුරන්ට තිබෙන මානසික ආතතිය ගැන ඔබට අවබෝදයක් නැත.