(සුජිත් හේවාජූලිගේ)
පළාත් සභා සීමානිර්ණ වාර්තාව පිළිබඳ දිනක විවාදයක් මැති සබයේ දී අනිද්දා (24) පැවැත්වෙන බව කතානායක කාර්යාලය පවසයි.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆවුසර් මුස්තාපා මහතාය.
විවාදය පෙරවරු 11.00ට ආරම්භ කර පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිතය. ඉන්පසු සීමානීර්ණ වාර්තාව මැති සබයේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය පවසයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පළාත් සභා නිර්ණ වාර්තාව ඉකුත් මාර්තු 6 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන්නම් ඔය පළාත්සභා අහෝසි කරන්න නැත්නම් , කරුණාකර පරණ ක්‍රමයටම ඕක කරන්න , අලුත් ක්‍රමයට සිටින මන්ත්‍රීලා ප්‍රමාණය වගේ දෙගුණයක් ඕකට පත්කර ගත්විට ඔවුන් නඩත්තු කරන්න වෙන්නෙත් අපටමයි