(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය පිහිටි රජයේ ඉඩම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හේතු කර ගෙන බාලදක්ෂ පදක්කම් ලේකම්වරයා ඇතුළු ජනාධිපති බාලදක්ෂයින් පිරිසකට බැන තර්ජනය කර කලු ගලකින් පහරදීමට උත්සාහ කළ බව කියන මාතර මූලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
යාබද නිවසේ පදිංචි අදාල උප පොලිස් පරීක්ෂකවරයා එහි පැරණි මායිම් තාප්පය කඩා දමා බාලදක්ෂ මූලස්ථානය පිහිටි ඉඩමෙන් ද කොටසක් අල්ලාගෙන නව තාප්පයක් ඉදි කිරීමට උත්සාහ කළ බවත් ඒ ගැන විමසන අවස්ථාවේදී බැණ තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කළ බවත් මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් ඉන්දික ප්‍රසාද් මහතා පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
එසේ නව තාප්පය ඉදි කළ පසු බාලදක්ෂ මූලස්ථානයට අයත් රජයේ ඉඩමේ වතුර ටැංකිය උප පොලිස් පරික්ෂකවරයාගේ ගෙවත්තට ගොස් තිබෙන බවද “මෙය රජයේ ඉඩමක්” බවට ප්‍රදර්ශනය කර තිබු පුවරුව එම පොලිස් නිලධාරියා කඩා බිඳ දැමු බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති බාලදක්ෂයකු වු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද පසුගියදා එම ස්ථානයට පොලීසියද සමග පැමිණියේය.
එහිදී මාතර සහකාර පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශ මහතා අදාල තාප්පය ඉදි කිරීම නවතන ලෙස උපදෙස් දී උප පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දැඩි ලෙස අවවාද කළේය.
තවද ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිකිරිම් කටයුතු වලට එරෙහිව තහනම් නියෝගයක්ද ලබා දී තිබුණි.
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා සහකාර පොලිස් අධිකාරීවරයා වෙත උපදෙස් ලබා දී තිබේ.
මාතර සහකාර පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශ හා මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන යන මහත්වරු මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් නීතිය තමන්ය කියල හිතන පොලිස් මහත්වරු ඉන්න බවකුයි පෙනෙන්නේ.
මේ වගේම පොලිස් බලතල අවභාවිත කරලා ගමක්ම බිය වද්දන නිලධාරියෙක් ඉන්නවා, මං දැක්කා, කුණ්ඩසාලේ යක්ගහපිටිය ග්‍රාමයේ...මුළු ගමටම කුණු හහරුප කිය කියා, බැන වදිනමින්..හරිම නින්දිතයි....ගමම පොලිස් පතිටත් පැමිණිලි කරාලු..තාම පියවරක් ගෙන නැති බවයි ගමේ අය කිව්වේ