ගැටුමකින් පසු දර්ගා නගරයේ දෙදෙනක් රෝහලට අලුත්ගම දර්ගානගරයේ වැලිපිටියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු කැපුම් කෙටුම් තුවාල ලැබූ දෙදෙනකු අද (24) රාත්‍රී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. 24 September 2017
ලක්ෂ 45ක රත්තරන් ඉන්දියාවට පන්නන්න හදලා කිලෝ ග්‍රෑම් එකක පමණ බරකින් යුත් රත්තරන් තොගයක් තම සිරුරේ සඟවා ගෙන නීතිවිරෝධීව ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 24 September 2017
ඇමැති රිෂාඩ්ගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් මෙරටට පදිංචිකිරීම තමන්ගේ මැදිහත්වීම මත සිදුවන බවට සමාජජාලා වෙබ් අඩෙවි හරහා තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම අමාත්‍යංශය කියයි. 24 September 2017
සාරිපොට අල්ලන්න ළමයින් යෙදවීම ගැන තවත් පරීක්ෂණයක් පාසැල් වේලාව තුළ උත්සව වලට සම්බන්ධ කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛණයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය කරමින් ලොව දිගම ඔසරිපොට අල්ලා ගෙන සිටීමට පාසැල් ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 24 September 2017
1000 දුම්රිය ටිකට්පත 3000ට විකුණලා මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය මගීන් සඳහා නිකුත් කරනු ලබන සීඝ්‍රගාමී දුම්රිය ප්‍රවේශ පත රුපියල් 1000.00 ටිකට් පතක් රුපියල් 3000.00 ට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 24 September 2017
හිඟ බිල්පත් ගෙවන්න මහා භාණ්ඩාගාරයට බිලියන 4 ක් බිලියන 6.6ක නොගෙවූ මහා මාර්ග සංවර්ධන බිල්පත් ගෙවීම සඳහා අධිවේගී මාර්ගවලින් උපයා ගත් බිලියන 4ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. 24 September 2017
පන්නල කම්හලක ගින්නක් පන්නල කර්මාන්තපුරයේ තිබු රබර් ෂිට් නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (24) සවස හටගත් ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බව පන්නල පොලිසිය පවසයි. 24 September 2017
කොළඹ ආ විශේෂ දුම්රියක් පිලිපනී අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ දුම්රියක් හෙනරත්ගම - තඹුත්තේගම අතරදී අද (24) සවස 3.30ට පමණ පිලිපැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි. 24 September 2017
කසල තේ කිලෝ 2000ක් කොටගලින් අල්ලයි ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 2000 ක් කොටගල ක්‍රීඩා පිටිය අසල දී සොයා ගත් බව දිඹුල-පතන පොලීසිය කියයි. 24 September 2017
ඇමරිකාව උතුරු කොරියාවට යුද ශක්තිය පෙන්වයි ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරයට ආසන්නයෙන් පියාසර කරවූ බව පෙන්ටගනය පවසයි. 24 September 2017
මත්පෙති සමග අයෙක් සැකපිට මොරටුව ප්‍රදේශයේ ජංගම මත්ද්‍රව්‍ය අලෙවිසැලක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු මත්පෙති 800ක් (24) අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 24 September 2017
අනුරාධපුරයේ තරුණ පෙම්වතුන් 304ක් පොලිස් බාරයට අනුරාධපුර මහ නගර සභාව මගින් පාලනය වන ‘රිවර් පාර්ක්‘ උද්‍යානයේ සහ ‘නේචර් පාර්ක්‘ උද්‍යානයේ කළ විශේෂ වැටලීමකදී තරුණ පෙම්වතුන් 304 දෙනකු පොලිස් බාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසිය රැගෙන ආ බව පොලිසිය කියයි. 24 September 2017
ලොරියක් ගසක ගැටී දෙදෙනකු මරුට පොල්ගහවෙල ඇල නාරම්මල මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් අද (24) උඩපොල හන්දිය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොල්ගහවෙල පොලිසිය පවසයි. 24 September 2017
දුම්රිය අතරමග - මගීහු අපහසුතාවට කොළඹ සිට යාපනය දක්වා ඊයේ (23) රාත්‍රියේ පැමිණි සීග්‍රගාමී දුම්රිය යාපනයට ධාවනය නොකර වව්නියාව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීහූ 300කට ආසන්න පිරිසක් අපහසුතාවට පත් වූහ. 24 September 2017
ගලිගමුවේ කඩ සාප්පු රැසක් ගිනි ගනී කෑගල්ල ගලිගමුව නගරයේ වෙළෙඳසල් කිහිපයක අද (24) අලුයම ඇති වූ ගින්නකින් වෙළෙඳසල් කිහිපයක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ගිනි නිවන රථ තුනක් යොදා ගෙන ගින්න පාලනය කිරිමට පියවර ගෙන තිබුණි. 24 September 2017
විදුලි සැර වැදී අයෙක් මරුට යකඩ කෙක්කක් ආධාරයෙන් දෙල් කැඩීමට ගිය බව කියන පුද්ගලයකු එම යකඩ කෙක්ක අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් විදුලිය වැදී මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 23 September 2017
ව්‍යවස්ථාවට වඩා සයිටම් ප්‍රශ්නයට තැන දිය යුතුයි ව්‍යවස්ථාව අනුමත කිරීමට වඩා සයිටම් ප්රශ්නය විසඳීමට රජය ප්‍රමුඛතාවය දිය යුතු යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. “මාස හතක් තිස්සේ වෛද්‍ය ශිෂ්‍යයින් 6500ක් දේශනවලට යන්නේ නෑ.සීමාවාසික වෛද්‍යවරු බිහි වෙන එක නැවතිලා නිසා මේ අවුරුද්දේ වෛද්‍යවරු 1200ක් රෝහල්වලට එන්නේ නෑ.මේක රජය වහාම විසඳිය යුතු ප්‍රශ්නයක්. 23 September 2017
පැනගිය සැකකරු යළි පොලිසියට බාර වෙයි මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ බුලත්සිංහල පොලිසියේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (22) රාත්‍රි 7.30 ත් 8.00ත් අතර කාලය තුළ සිර මැදිරියේ වැසිකිලිය ආසන්නයෙන් බිත්තිය කඩා කුහරයක් සාදාගෙන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. 23 September 2017
සම්මත වූ කෙටුම්පතට කතානායක අත්සන පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අද කතානායකවරයා අත්සන් තබා තිබේ. ඒ අනුව එය පනතක් ලෙස ක්‍රියාත්මක වෙයි. 22 September 2017
මහින්දගේ ගෙදර හොරෙන් ගිය තරුණයා රිමාන්ඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට තහනම් පිහියක් ද ඇතැතිව අයුතු ලෙස ඇතුලූවීමට ගිය සැකකාර තරුණයා ලබන 6 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ පරාර ධාන මහේස්තරාැනිත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය. 22 September 2017
ඡන්ද කල්දැමීමට එරෙහිව නිරීක්ෂණ සංවිධාන එක්වෙයි පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත හරහා රජය පළාත් සභා ඡන්දය කල් දැමීමේ උත්සාහයක නිරත වන බැවින් එම උත්සාහය පරාජය කිරීමට තනිව හා සාමූහික ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පහක් අද (22) අවධාරණය කළේය. 22 September 2017
කාලය අවසන්වන සභා තුනේ පාලනය ආණ්ඩුකාරවරුන්ට සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන්වීමෙන් පසුව ඒවායේ පාලනය මැතිවරණය පවත්වන තුරු එම පළාත් තුනේ ආණ්ඩුකාරවරුන්ට පැවරෙන බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (21) පැවැසීය. 22 September 2017
රතුපස්වල සිද්ධියේ කෝප්රල් හා සැරයන්ට ඇප පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාවට සිදු කළ උද්ඝෝෂණයේ දී වෙඩි තබා පහර දිම් සිදුකළැයි චෝදනා ලැබ සිටින යුද හමුදා මාණ්ඩලික සැරයන් හා කෝප්‍රල්වරයාට අද (22) ඇප නියම කැරිණි. 22 September 2017
කොම්පඤ්ඤවීදියේ වාහන අංගනයක අත්බෝම්බ තුනක් කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ රක්ෂණ සංස්ථාවට අයත් වාහන අංගනයක වාහනයක් යට තිබි අත්බෝම්බ තුනක් අද (22) පෙරවරුවේ සොයා ගෙන තිබුණි. 22 September 2017
ඔසරි පොට අල්ලන්න සිසුන් ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශනයක් මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී ඇති බවත් ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 September 2017
වස්ගමුව වනජීවි කාර්යාල ආයුධ කාමරය සොරු කඩති වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයේ ආයුධ කාමරය කිසියම් පිරිසක් විසින් කඩා එහි තිබූ ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් රිපිටර් වර්ගයේ තුවක්කු 02 ක් සහ බෝර 12 තුවක්කු 02 ක් සොරාගෙන ගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි. 22 September 2017
ලක්ෂ 30 ක වල්ලපට්ටා සමඟ අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 22 September 2017
අට කෝටියක් සමග යුවළක් රේගු දැලේ පැටලෙති රුපියල් අට කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 22 September 2017
සිමෙන්ති කන්ටේනරයක් කොළතැන්නේ දී දුම්රිය මාර්ගයට කඩා වදී කොළඹ සිට වැලිමඩට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් අද (22) උදෑසන බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී දුම්රිය මාර්ගයට කඩා වැදීමෙන් දුම්රිය ධාවනයට බාධා සිදුවු බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 22 September 2017
කොටහේන අලුත් මාවත අද සිට වැසේ කොටහේන අලුත් මාවත මාර්ගය අද(22) රාත්‍රී 9 සිට ලබන 25 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි. ජලනල එළීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් මෙසේ කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලිසිය දන්වා සිටී. 22 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026