(නිමන්ති රණසිංහ)
ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (31) නියෝග කළාය.
ඉකුත් 2017 වර්ෂයේ දී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවට කොල්ලූපිටිය පොලීසිය අධිකරණය වෙත කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
ඒ අනුව බෙංගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මාගල්කන්දේ සුදන්ත හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන ස්වාමින් වහන්සේ ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී’
එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස හඳුනාගෙන සිටි අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමියන් වෙත ඉකුත් නඩු දිනයේ දී අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුව නැවත කැඳවීම ද අද (31) සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ විනිසුරුවනි, එදා සරත් ෆොන්සේකාට අධිකරණ තීන්දුව දෙන අවස්ථාවේදී උසාවියේ පුටු පෙරලා විනිසුරුවරයාට බැනවැදී උසාවියට අපහාස කර රාජ්‍ය දේපලවලට අලාභහානි කළ උසාවියේ පිස්සු නැටූ නීති නිලධාරීන්ට විරුද්ධව නඩු පවරා අත්අඩංගුවට ගන්න ක්‍රියා නොකරන්නේ ඇයි? ඔවුන්ට රටේ වෙනම නීතියක්ද? අධිකරණ විනිසුරුවන් හැටියට ඔබලා ලැජ්ජා සහගත විය යුතු නේද? අනේ මෙහෙමත් රටක්...
හොඳටම කෑ ගහන හාමුදුරුවරු කට්ටිය. මේකෙන් තමයි ආණ්ඩුව ඇනගන්නේ. මේක තනිකරම මර්ධනය වෙනුවෙන් කරන වැඩක්. මෙහෙම නම් රනිල් මහත්තයෝ වැඩ කරන්නේ මොන ගම්පෙරලිය කළත් ඡන්දෙන් පරදින එක අනිවාර්යයෙන් සිද්දවෙනවා.
අද සිවුර ඇඳගෙන හිරේට බඩගාන එක මෝස්තරයක් වෙලා වගේ !!!
කතරගම පොලීසියේ වෙඩි පහරින් අහිංසකයෙක් මිය ගියාම පොලීසියට පහර දුන් පිරිස දවසක් දෙකක් ඇතුළත අත් අඩංගුවට ගත්තා. මින්නේරිය වන ජීවී නිලධාරීන්ට පහර දී කාර්යාලයට අලාභහානි කල අය එක දවසින් අත් අඩංගුවට ගත්තා. වෛද්‍යවරයා එක්ක තරහට ගලහ රෝහලට පහර දුන් වතු කම්කරුවන් වීඩියෝ දර්ශන තිබියදීත් තාම නිදැල්ලේ.
අල්ලස් ගත්තු ස්ත්‍රී දුෂණ නඩු කාරයන්ටනම් එවලේම ඇප.ලෝකෙන් උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි,ජය ශ්‍රී
ස්වාමීන්වහන්සේලාට මුලින්ම වරෙන්තුව පූජා කරලා ඊට පස්සේ මාංචු කුට්ටම් පූජා කරලා උසාවියට වඩම්මනවා කියලා ලියනවා මිසක් ගෞරවාර්හ පද නැතුව ලිවීම පාපයක්... හිර ගෙදර හෝ රිමාන්ඩ් එකෙත් වැඩ වාසය කරමින් හීල් දානය වළඳලා එහිම සැතපෙන්න සිදුවුණත් සඟ ගෞරවය නැති කරන්න හොඳ නැහැනේ...
රාජ්‍ය දේපළවලට හානි කළා නම් අත්අඩංගුවට ගන්නේ නැතුව මොනවා කරන්නද?