( අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය හා මඩකලපුව ආවරණය වන පරිදි නැගෙනහිර මුහුදේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු අද (02) සිට ආරම්භ කීරිමට නියමීතය.
මේ අනුව ද්වි - මාන භූකම්පන දත්ත රැස්කිරිම සදහා BGP - Pioneer නැමැති නෞකාව උපයෝගි කරගෙන තිබේ. ශ්‍රි ලංකා රජය මෙම ගවේෂණ කටයුතු ලොව ඛණිජ තෙල් ගවේෂණයේ ප්‍රමුඛතම ප්‍රංශයේ ටෝටා සමාගමට ලබාදි තිබේ.චිනයේ නිෂ්පාධිත BGP - Pioneer නැමැති නෞකාව දින 42ක් තුළදි නැගෙනහිර මුහුදේ කිලෝමීටර් 5000ක වපසරියක් ආවරණය කරමින් මෙම ගවේෂණ කටයුතු වල නියැලේ.
මෙම නෞකාව වරෙක ගොඩ බිමට ආසන්න වෙමින් ගමන් කරණ අතර තවත් වරෙක දියඹින් ගමන් කරමින් මෙම දත්තයන් රැස් කරයි.
මේ නිසා ධිවර ප්‍රජාවට සිය කර්මාන්ත කර ගෙන යෑමේදි නෞකාව පිළිබදව අවබෝධයක් ලබාදෙමින් දැල් එලිමේදි එම කටයුතු වලට බාධා නොවන ලෙස සිදුකරගෙන යෑමට දැනුවත් කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල ප්‍රාදේශිය ධිවර පරික්ෂක තිලක් බණ්ඩාර සෙනරත් මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මානනීය ප්‍රවීන ජ්‍යොතිෂවේදීන් 9 දෙනෙකුගේ උපදේශකත්වයෙන් පලවූ සුරගුරු සඟරාවේ 2011 ජූලි - අගෝස්තු කලාපයේ 7 වැනි පිටුවේ 2011 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් මැයින් ලිපියක් පලවුණා.
දැනට අවුරුදු 20-30ක විතර ඉඳන් කියනවා තෙල් තිබෙනවා කියලා. නමුත් තවම බැරිවුණා... ඕවා ගොඩ අරගන්න. මුහුද යට තෙල් තිබෙනවා නම් ඕවා ගොඩගන්න දියුණු තාක්ෂණය දැන් ලෝකයේ තිබෙනවා. ඔය වැඩේ ඔච්චර සංකීර්ණ නැත. තෙල් හොයාගත්තොත් ගොඩගන්න අවුරුදු 20ක් ගතවෙන්නේ නැහැ. මට හිතෙන විදිහට මේ ගොල්ලන් ගවේශණය කරන්නේ තෙල් නොවේ, මුහුද යට තිබෙන වෙනත් සම්පතක වෙන්න බැරිද? අපට තෙල් ගවේෂණ කරන බව කියමින් අපේ මුහුදු පතුලේ තිබෙන යම් වටිනා ඛනිජ ද්‍රව්‍යයක් හෝ පුරාණ ගිලුණු නැව්වල තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන්න දේවල් ගොඩ අරගෙන මේ ගොල්ල හොරෙන් පිටරට ගෙනියනවා වෙන්න බැරිද? මින් ඉදිරියට මෙම ගවේෂණ නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස අපි රජයට බල කරන්න ඕනේ... නැත්නම් අපේ සම්පත් ඔය තිබුණු විදිහට මුහුද යට තිබුණා වේ.
ඕක දැන් කොච්චර කල් ඉඳන් කරනවද? එදා මහින්ද ඉන්දියාවට දුන්න තුට්ටු දෙකට තෙල් සොයන්න. ඒ දවස්වල පිටරටින් ණය ගන්න කොට අනුර කුමාර පාර්ලිමේන්තුවේදී ඇහුවා (මහින්දගේ කාලේ) කොහොමද මේ ණය ගෙවන්නේ කියලා. එතකොට එදා දීපු උත්තරේ තමයි අපට තෙල් ලැබුණු ගමන් අපි ඒවා ගෙවනවා කියලා. ඔහොම තමයි අපේ ජනතාව පත්කර ගන්න කාපාලුවෝ දේශප්‍රේමී වෙස්මුහුණ ගෙන කලේ සහ කරන්නේ. ඕවා කාට විශ්වාස කරන්න පුළුවන්ද? පුල්මුඩේ තියෙන අද්විතීය ඛනිජ සම්පත අද තුට්ටු 2ට පිටරට පටවනවා. එ්ක ලබන තත්වයට ගෙනාපු අසෝක පීරිස් මහත්තයව අයින් කරලා එ්ක පාඩු ලබන බව පෙන්වලා පිටරටට තුට්ටු 2 ට විකුණා දමන්න තමයි එකම බලාපොරොත්තුව..
ඛණිජතෙල් ගවේෂණය ලංකාවේ අපිට ඡන්ද කාලයට අහන්න ලැබෙන සුරංගනා කතාවක් විතරමයි. පසුගිය ආණ්ඩුව කාලයෙත් ඔය වගේ කතා අහන්නට ලැබුණා. හැබැයි අපිට හැමදාම ලෝක වෙළද පළෙන් ගිනිගානට තෙල් ගෙනැල්ලා, බදුත් ගහලා, සංස්ථාවත් ලාභයක් තියාගෙන වික්ක එක තමයි කෙරුවේ. අන්තිමට තෙල් හොයන්න වියදම් වූ සල්ලිවලටත් අපිටම ගෙවන්න වෙනවා.
මේ තෙල් ඡන්දයක් කිට්ටුවෙනකොට මුහුදින් මතුවෙන අරුම පුදුම තෙලක්. තෙල් බෙදනවා බෙදනවා ඉවරයක් නැහැ, දැන් සෞදියත් බයවෙලා මේ තෙල් නිධිය ගැන.