(ආරියරත්න රණබාහු සහ රංජිත් රාජපක්ෂ)
තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ. අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වේ.
ඒ අනුව පාන් පිටි කිලෝ එකක සිල්ලර මිල රුපියල් 95 සිට 100 දක්වා ඉහළ නැංවේ.මේ නිසා බේකරි නිෂ්පාදන ඉහළ දැමීමට සිදුවන බව පැවැසේ.
තිරිඟු ඇට ආනයනය කිරීමේදී අය කරන බදු ඉහළ යෑම සහ රුපියලේ මිල පහත වැටීම හේතුවෙන් මෙසේ පිටි මිල ඉහළ දැමීමට සිදු වූ බව ප්‍රීමා පිටි සමාගමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් පිටි ත්රස්තවාදයේ නිර්මාතෘන්ට ඔන්න ආයෙත් වේදිකා දෙවනත් කරන්න පුළුවන්.
පාන් ගෙඩියටත්, බක්කරේගේ චක්කරේ අනුව දැන් පාන් ගෙඩියේ ගාණත් තව රුපියල් 15කින් වත් ඉහළ යාවි. පාන් ගෙඩියක් හදන්න පිටි කිලෝ තුනක් විතර යනවනේ, ඒ අයගේ චක්කරේ හැටියට! ඉඳි ආප්පේ ගැන මොනවා කියන්නද? ආප්පයක් අද විකුණන ගානට අපි පුංච් සන්ධියේ ආප්ප 400ක් ගන්න පුළුවන්කම තිබුණා.. එ්ත් අද වගේ හුචක්කු නෙමේ, කබල් දෙකෙන්ම පුළුස්සපු රජ බඩු!
ඇයි හැමදෙයක්ම පිටරටින්ම ගෙන්වන්නේ? ස්වයංපෝෂිත රටක් කියලයි මිට අවුරුදු 10කට කලින් ඇහුවේ ඉගෙන ගන්න කාලේ.. ලංකාවේ කිසිම දෙයක් නැද්ද පිටි නිෂ්පාදනය කරන්න පුළුවන්? එසේත් නැත්නම් පිටි ගෙන්වන කොට ලැබෙන කොමිස් කුට්ටිය නැති වෙයි කියන බයෙන් මෙසේ කරනවද?
ඔබට සතුටුයිද දැන්?...
මට දැන් බොහොම සතුටුයි ඒ වගේම හරි සනීපයි. පාන් ගෙඩියේ ගාණ වැඩි වුනාම අපේ තත්වේ ඉහළ යනවා. එච්චරක්යැ ඒවා කාපුවාම යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවා!