(මහින්ද නිශ්ශංක)
තිරිඟු පිටි මිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිශ්පාදන මිල වැඩි කිරීම සම්බන්ධව අද (02) දිනයේ තීරණයක් ගනු ලබන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
තිරිඟු පිටි මිල වැඩි කිරීම පිළිබඳව ‘ප‍්‍රීමා’සමාගමෙන් සහ ‘සෙරන්ඩිබ්’සමාගමෙන් පැහැදිලි පිළිතුරක් මෙතෙක් ලබා නොදීම නිසා පාන් ඇතුළු බේකරි නිශ්පාදන මිල වැඩි කිරීම පිළිබ`දව තීරණයක් ගැනීම අද දිනය කල් දැමු බවද සභාපතිවරයා පැවසීය.
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිත පිරිස ඊයේ (01) පස්වරුවේ රැස්වී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව පැවසු සභාපති ජයවර්ධන මහතා තිරිඟු පිටි නිශ්පාදන සමාගම් දෙක පෙරේදා (01) වනතුරු වැඩිකළ මිලට තිරිඟූ පිටි නිකුත් කිරීම සිදුකර නොමැති බවද මේ නිසා මිල වැඩි කිරීමේ ගැටළුවක් පවතින බවද පැවසීය.
තිරිඟු පිටි මිල වැඩි කිරීමට අමතරව බේකරි නිශ්පාදන සඳහා යොදා ගනු ලබන අමුදව්‍ය ආනයන මිල ඉහළ යෑම ‘මාගරින්’ සහ ‘ෆාම් තෙල්’ මිලද විශාල වශ්‍යයෙන් ඉහළ යෑම අනුව පාන් ඇතුළු බේකරි නිශ්පාදන වල මිල වැඩි කිරීමට සිදුව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රු 05ට එපමණ දෙයක් නෙකරන්න