(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 67 වැනි සංවත්සරය ඉරිදා (2) යෙදී ඇති අතර මෙවර එම සංවත්සර සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදුකරන බව එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.
එහි ප‍්‍රධාන ආගමික වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිය රාජ මහා විහාරස්ථානයේදී ඉරිදා (2) පස්වරුවේ පැවැත්වෙන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.
මෙහි හින්දු ආගමික ආශීර්වාද දේව මෙහෙය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදී පැවැත්වෙන අතර මුස්ලිම් ආගමික දේව මෙහෙයන් දෙකක් පළාත් සභා , පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී හා ජාතික ප‍්‍රතිපත්ති හා ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාගේ ප‍්‍රධානත්වයෙන් දවටගහ පල්ලියේදීත් පැවැත්වීමට නියමිත බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
කිතුණු ආගමික වැඩසටහන පැවැත්වෙන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් හලාවත මහ පල්ලියේදී සඳුදා (3) උදෑසන පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධානීන් , මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම සැමරුම් උත්සව සඳහා සහභාගීවීමට නියමිත බව ද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
පක්‍ෂයේ වාර්ෂික මහා සම්මේලනය ද මෙම මස අවසන් වන්නට පෙර පවත්වන බව මහ ලේකම්වරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට පත්කර සිටින නව නිලධාරී මණ්ඩලය වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් සහ මධ්‍යම කාරක සභාවක් පත්කරගැනීම ද ආසන බල මණ්ඩල නියෝජිතයින්ගේ ඡන්දයෙන් මෙම සම්මේලනයේදී සිදුකරන බව මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නිදහස් පක්ෂය ශක්තිමත්, නූතන, දූෂිතයන් නැති පක්ෂයක් බවට පත්වී තිබීම ගැන සතුටුයි.
පාන්ශුකූලේ දෙන්නේ කොහෙද... සිරිකොතේදීද? කන්න දීපු 'අත' එපා කියලා හංසයාට මුක්කු ගහපු අතේ වර්තමාන ලොක්කා නිසා අතට 'හංස ගීතය' ගයන්න සිද්ධ වුණා.
පක්‍ෂයේ සංවත්සරයට සම්බන්ධ වැඩ කටයුතුවලට සහභාගි නොවී වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කරන්නට පවත්වන උත්සාහයන්ට සහයෝගය දෙන සාමාජිකයින් හට මේ සැරේදීවත් විනයානුකුලව කටයුතු කරන්න පිට කොන්දක් කාටහරි තියෙයිද?