චමිල් රූපසිංහ
විදෙස් රැකියාවන් ලබාදෙන බව පවසා කාන්තාවන් විශාල පිරිසක් රවටා මුදල් වංචා කළ පුද්ගලයකු පොලිසියට ලැබුණු තොරතුරක් මත පේරාදෙණිය පොලිසිය විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු විසින් විදෙස් රැකියාවන් ලබාදෙන බව පවසා රුපියල් 65,000 බැගින් කාන්තාවන් 35 දෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය විය.
මෙම සැකකරු මුල්ගම්පල පිහිටි ඔහුගේ නිවෙසේදී පේරාදෙණිය පොලිසිය විසින් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුගේ විදෙස් රැකියා ආයතනයක් ද මහනුවර ප්‍රදේශයේ ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරුට මොණරාගල පොලිසියේ ද පැමිණිලි 7 ක් ඇති බවත් තංගල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, බදුල්ල, ගලෙන්බිදුණුවැව, කුට්ටිගල, ඇඹිලිපිටිය, අගුණකොළපැලැස්ස ආදී ප්‍රදේශවල ද පොලිසිවලට පැමිණිලි ලැබි ඇති බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (1) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රැකියා දශ ලක්ෂයක් දෙනවා කියල ඡන්ද ගත්ත ආණ්ඩුව අත් අඩංගුවට ගන්න ක්රමයක් නැද්ද?