(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු 232ක් අලුතින් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලුතින් බිම ඇතිරිල්ලක් මිලදී ගැනීමටත් යෝජනා ඉදිරිපත් වී ඇත.
පාර්ලිමේන්තු සභා ගර්භයේ දැනට භාවිතා කෙරෙන්නේ පාර්ලිමේන්තුව ඉදි කෙරුණු අවස්ථාවේ එහි සවි කෙරුණු පුටු බවත් සමහර පුටු මේ වන විට බොහෝ සේ අබලන්වී ඒවායේ සුවපහසු බවද හීනවෙමින් පවතින බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු සංකීර්ණයම පුළුල් නවීකරණයකට ලක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.එහි පළමු අදියර යටතේ පාර්ලිමේන්තුවේ වැසිකිළි පද්ධතිය නවීකරණය කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පටුවල ගණන්හිලව් කොහොමද දන්නේ නැහැ නේද? වාඩි නොවීත් ඔයපුටු අබලන් වෙනවා නම් එංගලන්තය වගේ මන්ත්‍රීවරු වාඩිවෙලා හිටියොත් මාස්පතා පුටු ගෙන්වන්න වේවි...!!! මේ අයට හොඳ ලණු පැදුරු...
මෙම ප්‍රවෘත්තියේ පොඩි වැරදීමක් තිබෙන බවක් අපට නම් පෙනෙන බැවින් එය මෙසේ නිවැරදි වන්නේ නම් එය වඩාත් සුදුසුයි. මෙහි සඳහන් පුටු වෙනුවට ලාඩන් 464 මිලදී ගත යුතුමයි. එමෙන්ම පුන්නක්කු බාල්දිත් 232ක්ම ගතයුතුයි. මේවා යෝජනා නොව ඉතා ඉක්මණින් ගත යුතුමයි.
මේ නුගත්, බුද්ධිහීන, අන්ත දුෂිත , ජනතාව රවටන , ජනතාවගේ හිමිකම් ඒවගේම ජනතාවගේ මුදල් හොරා කන , මිනීමරු , ශ්‍රී ලංකාවේ දේශපාලුවනේ , එංගලන්තේ පාර්ලිමේන්තුවට ගිහින් බැලුවොත් ඔබලාට වැටහේවි ( මොලයක් තිබුනොත් ...) සුව පහසුවට වඩා ජනතාවගේ - රටේ කාර්යය වැදගත් කොට සලකන දේශපාලකයන් එහි සිටින්නේ කියා. එහෙ ඔය සැප පහසු කැරකෙන ,ඇලවෙන පුටු නැහැ. රෙක්සින් වලින් කුෂන් කරපු දිග බැංකු තියෙන්නේ. එක බැංකුවක මන්ත්‍රීවරු රාශියක් වාඩිවෙලා තමයි පාර්ලිමේන්තු සැසිය පවත්වන්නේ. තවදෙයක් ...අපේ ලස්සන රට නැත්තටම නැති කල මේ දේශපාලුවන්ට " පුටු " නොවෙයි දෙන්න තියෙන්නේ " පැදුරු " දාලා බිම ඉඳගන්න දීලා " පිදුරු " කවන්නයි වටින්නේ.
පළමුවෙන් වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීම ඉතාම කාලෝචිත යෝජනාවක්. ඇඳගෙන ඉන්න වස්ත්‍රවලම කැත කරගන්න කට්ටියට අපි අනුකම්පා කරන බව ඇත්ත. ඒ වුණාට දැනටමත් ඔය පැත්තෙන් එන ගඳ උහුලන්න අමාරුයි.
වැසිකිලි පද්ධතිය සවිකරලා ඉවර වුනාට පස්සේ පුටු ගේනවා නම් හොඳයි නේද? සැරෙන් සැරේ ඔය හැටි මාරු කරන්න වියදම් යනවනේ.
ඔය පුටු මොරටුවේ හදන්න බැරිද? හොඳ වඩුකාරිමිකයන් ඉන්න රටක අැයි පුටු පිටරටවලින් ගෙන්වන්නේ . දුරස්ථ ගම් වල ගොඩනැගිලි නැහැ . පුටු නැහැ . ඉස්සල්ලම ඉගෙන ගන්න ළමයිට පුටු ටිකක් හදල දුන්නොත් හොඳ නැද්ද? අපි තවම මොන කයිවාරු කීවත් අනුන්ගේ හිඟමන් වලින් පවතින රටක් . පාර්ලිමේන්තුව අවංක වෙන්න ඕනේ . අනුර දිසානායක සහෝදරයා මේ ගැන මොකද කියන්නේ ?
ඒ කියන්නේ තව 7ක් කියන එකද.. බුදු අම්මෝ
පුටු වෙනුවට හැකිළිය හැකි නිදන ඇඳන් සවිකළොත් හොඳයි නේද? සැපයුම පළපුරුදු සැපයුම්කරුවකු වන අර කෝට්ටේ චීවරධාරීන් වහන්සේලාටවත් බාර දෙමු නේද?
පුටු මිලදී ගන්න පුළුවන් මොරටුවෙන් සිරිලක දේ සිරි සැප දේ. පිට රට්ටින් ගෙන්වන්න අවශ්‍ය. නැහැ පාප් වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ ශුද්ධ වූ මෙහෙයට ඉඳ ගැනීමට පුටුව සැදුවෙත් ලංකාවේ දක්ෂයෙක් අපේ. රත්තරන් පුටුම ඕනද ඒ තරම්ම ශුද්ද අයද.?
ඒක හොඳයි. මේ වෙනකොට වැඩේ කරලා ඉවර ඇති.
ආන්න පුටු වසංගතේ පැතිරිලා. මොළ ටික තියන්න පුටු ඕනේ වෙලා. ඔකේ ඇතුලේ ඉන්නා කට්ටියට එක්කෙනාට වැසිකිලි පද්දතියක් හැදුවත් මදි. එතරම් හොඳ මොළ තියෙන්නේ. රටේ ජනතාවට තියන වැදගත්ම ප්රශ්නය තමා පුටු ප්රශ්නය. කීදෙනෙක් කියනවද අපි බිම වාඩිවෙලා හරි ජනතාවට සෙත සලසමු, සහනයක් දෙමු, ජිවන බර අඩුකරමු කියලා.
පැදුරු ටිකක් ගත්තා නම් වඩාත් යෝග්‍යයි මම හිතන්නේ...
එළා පැදුර පිළ මත අපෙ මී මුත්තන්... කථා කළා එදවස අල වැල ගියතැන්... කියනා කිසිම හරයක් නැති උමතූවදන්... පැදුරත් හොඳ වැඩියි ඔහෙලට නේද බොලන්...
යහපාලන ආණ්ඩුව බලයට පැමිණ ගතවූ වසර තුනහමාරක කාලය තුළ රටේ පැවැති සියලුම සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න විසඳා ඇති නිසාද රටේ ජනතාවට බලපාන වෙනත් ප්‍රශ්න කිසිවක් නැති නිසාත් කේතුමති රාජ්‍යයකට සමාන රටක ජීවත්වන ජනතාව ලෙස අප කල්පනා කරන්නේ අපට අනෙක විධ සැප සම්පත් හා සුඛ විහරණයන් ලබා දෙමින් කුසට නිසි ආහාරයක් නැතිව සිරුරට වැරහැලී ඇඳගෙන දිවා රෑ නොබලා නින්දක් නොමැතිව ජනතා සේවයට කැප වෙමින් අපව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය මහජන නියෝජිතයන්ගේ රැළගේ සුවපහසුව හා සුබ සාධනය ගැනම නිසාත් මේ මොහොතේ කල යුතුව ඇත්තේ මේ නඩයේ වැටුප් වැඩිකර පාර්ලිමේන්තු මන්දිරය ශක්‍ර භවන ලෙස නවිකරණය කර පඬුපුල් ආසන 225ක්ම සවිකර, දිව්‍ය රථ දෙසිය විසිපහක් ලබාදී දිව්‍ය භෝජන සපයා මේ රැල නඩත්තු කරීම ගැන පමණයි.
ඒ රටේ අගමැති තනිකර කෙළින්නේ පිස්සු..
මේක ඇත්තක් නම් මේ පුටු 232 යි.. බස්නාහිර පළාත් සභාවේ ඉසුර දේවප්‍රියට වුවමනා පුටු 106 යි... එකවරම ගෙන්නන්න. එතකොට ලොකු වට්ටමක් ගන්න පුළුවන් වෙයි. කාට හරි ලොකු කොමිස් එකකුත් ගන්න පුළුවන් වෙයි.
පාර්ලිමේන්තුවේ පුටුවක මිල දෙලක්ෂ පනස්දාහක් නොවේ, දෙලක්ෂ හතලිස් දාහක් කියාලා මහා ඇමති තුමා කිව්වනේ. තව සැප දෙන්න ඕනි නේ ඒ කට්ටියට. ඒ නිසා ඒ ගානට ගමු.
පශ්චාත් බාගය රත් කරන එක හැර වෙන කිසිම හරවත් දෙයක් නොකරන මොවුන්ට සැප පුටු අවශ්‍යයි අත්‍යාවශ්‍යයෙන්ම.... ජයවේවා!!!
මේ අම්බරුවන්ගේ මොලය හොඳින් ආරක්ෂා වෙලා තියෙන්නම ඕනේ.. එ් නිසා " මොලය ආරක්ෂාවීමට හොඳ පුටු අවශ්‍ය බැවින් උපරිම සුවපහසුව ඇති පුටු මෙන්ම පුන්නක්කු බාල්දි සහ නාස්ලනු" (සම "හරක් "අම්බරුවන්ට නාස්ලනු එකකට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බැවින් 225 මෙන් දෙගුණයක ප්‍රමාණයක් මිලදී ගන්නා මෙන් කාරුණිකව සදහන් කිරීමට කැමැත්තෙමු) අලුතෙන්ම මිලදී ගැනීම අප නම් ඉහළින්ම අනුමත කරන්නෙමු.
පරපුටුවන්ට තවත් පුටු මක්කටෙයි? බොලාට ලක්ෂ දහයේ පුටුවත් ඕනෑවෙයි
එංගලන්තයේ තියෙන්නේ බංකු. ඇත්තටම මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද මන්දා. මේවට විරුද්දවයි පාරට බහින්න ඕන.
හොඳ පුටු නැත්නම් මොලේ තැලෙයි කියලා බය ඇති...
වැසිකිලි පද්ධතිය නවීකරණය කලයුත්තේ අර රෝසි නෝනගේ වැසිකිලියට වඩා ප්‍රමිතියෙන් ඉහලට.
මෙතනත් සුපුරුදු අඬෝවැඩියාව දාලා. ඇහුවොත් කියන්නේ පාර්ලිමේන්තුව කඩා වැටෙන්න. 225ක් හරක්ලු... පස්ස රත් කරනවලු... බදු සල්ලිලු... ඉතින් ඔය මන්ත්‍රීවරු ඔතනට පත් කරන්නේ පිටසක්වලින්ද? නෑ. ලංකාවේ ජනතාව තමයි. තමන්ට හොඳ නිසානේ පත් කරගත්තේ. කට ඇරියොත් දේශපාලනේට බනින මිනිහා තමන්ගේ දුවගේ පුතාගේ මඟුලට සාක්කියට අත්සන් කරන්න එන්න කියන්නේ දේශපාලකයට. පාරෙ ඉර කපලා දඩ ලිව්වොත් තමන් අහවලාගේ අහවලා කියලා ලිස්සලා යන්න හදන්නේ... දේශපාලකයා එක්ක ෆොටෝ ගහන්න ලැබුණොත් පොරකනවා. හැබැයි බොරුවට මේ වගේ තැන්වල ඇවිල්ලා සමාජේ හදන්න කතා කරනවා.
පංචස්කන්ධ 225ක් වැජඹෙන දියවන්නා ඔය මාලිගාවට පුටු 232ක් ගන්නේ මොන මගුලකටද? අමතර පුටු හත යන්නේ කාගේ ගෙදරටද? බයිසිකල් කටුව පැදගෙන, කටුක ගල්පාරේ පයින් ඇවිදපු මේ උත්තමයාණන්ට බෙන්ස් කාර් නැතිව ගමන් බිමන් බැරුව වගේම, පයට පාවඩ නැතුව පොළොවේ පය ගහලා යන්නත් බැහැ වගෙයි! ඊළඟට උඩුවියන් ඉල්ලාවි ! පුටුවල සුවපහසු බව හීනවී තිබෙන නිසා, සභා ගර්භය තුළ කූල් එකේ නින්ද යාම අඩුවී ඇතිබැවින් මේ උදවියගේ රාජකාරි කටයුතු පවා පමාවෙන බැවින් පුටු ප්‍රශ්නයට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා ! දිරාගිය පුටුවලින් වැටී කොන්ද කැඩුනොත්, ඒකටත් වග කියන්න වෙන්නේ ඡන්දෙ දීලා දියවන්නාවට යවපු අයටමයි !!! පාර්ලිමේන්තු කැන්ටිමේ කෑමබීම වල ඇති අති උසස් ප්‍රමිතිය මෙන්ම එහි ප්‍රමාණයද අඩු කළොත්, පාර්ලිමේන්තුවේ වැසිකිළි පද්ධතිය නවීකරණය කිරීම තව වසර කිහිපයකට කල්දැමිය හැකි බව බොහෝ දෙනාගේ මතයයි...