(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බැවින් නව පක්ෂයක් ඇරඹීම සඳහා ජනතාවගෙන් අදහස් ලබාගැනිමට තමන් බලාපොරොත්තු වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා සභාපතීත්වය දරණ දෙමළ ජාතික සභාවේ කාර්යාලයක් යාපනය කන්දර් මඩම්හි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේය.
අලුත් පක්ෂයක් ආරම්භ කිරීම සඳහා ඔබලාගේ අදහස් ලබාගැනීමට මම කැමැත්තෙන් පසුවනවා හැබැයි නව පක්ෂයක් ආරම්භ කිරීම පහසු කටයුත්තක් වුනත් එය පවත්වාගෙන යෑම පහසු නැහැ.
නව පක්ෂයක් ලියාපදිංචි කරන්න කාලයක් යනවා. එමෙන්ම මැතිවරණයකදි කුමන ලාංඡනයකින් තරඟ කරනවාද යන ප්‍රශ්නයත් පැන නගිනවා. 2009 දී දෙමළ ජාතික සන්ධානය භාරගත් නායකත්වය සහ ඒ අයගේ ක්‍රියාකාරීත්වය උතුරේ ජනතාව අතර පරාජය වෙලා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
දෙමළ ජනතාව වෙනුවෙන් නායකත්වය ලබා ගන්න කියල මට ගොඩක් පාර්ශව යෝජනා කරනව ඒකට උත්තරයක් දෙන්න ඕන කියන වගකීම මට තියනවා අවුරුද 60 ක් තිස්සේ දෙමළ ජාතික දේශපාලනය විසින් ඉතිහාසය මට භාරදුන්න වගකීම මම හොඳින් තේරු අරන් තියෙන්නේ 2013 වසරෙ පටන් ගත්ත උතුරු පලාත් සභාවේ ආයු කාලය තව සති කිහිපයකින් ඉවර වෙනවා.
ඉන් පසුව එළඹෙන දේශපාලනය ගැන හොඳින් සංකීර්ණ විදිහට කල්පනා කරලයි තියෙන්නේ ඒ ගැන දෙමළ ජාතික සභාව ගැන සාකච්ඡා කරල තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.
‘එමෙන්ම ජිනිවා සමබන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුද යන්න බොහෝ පිරිස් මගෙන් අහනවා.
ඒ ගැන උතුරු පළාත් සභාව තීරණයක් අරගෙන තිබෙනවා. ඒ තමයි රජය මානව හිමිකම් කොමිසමේ යෝජනා හි 30/1 සහ 34/1 යන යෝජනාවන් තවම ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වී ඇති නිසා2019 මාර්තු මාසයට පෙර සම්පුර්ණයෙන් එම යෝජනා ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් කොමිසම ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කරන්න නැත්නම් මෙරට පිහිටුවන විශේෂ ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන්නගනැත්නම් ලංකාව ආරක්ෂක මණ්ඩලයට ගෙන එන්න ඕන කියලා මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් කරනවා., යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමස්සිනාලා රට ගිනි තියන්න වගේ හදන්නේ..
තමාගේ මෝඩකම් ගැන ප්‍රසිද්ධ පාපොච්චාරණයක්. තව ටික දවසක් ගිහිල්ලා සාමකාමී, දුක්වින්ද දෙමළ ජනයාගෙන් හොඳ පෝරියල් එකක් ලැබුණා නම් මොලේ තවත් පෑදෙයි. හොඳම දේ තමයි පැත්ත පළාතක තියා ගන්නේ නැතිව යවන එක. දේශපාලකයන්ට කිසිම දවසක සමාව දෙන්න එපා. බලය හම්බ වුණු ගමන්ම කරන්නේ අර කරපු ජරා වැඩ අායෙමත් ඉස්සල්ලටත් වැඩියෙන් කරන එකයි. ලංකාවේ කට්ටියට දේශපාලකයන් ගැන මනා අවබෝධයක් තියනවනේ...
ජනතාවගේ ඉල්ලීමට වඩා අද දේශපාලන වශයෙන් අනාථ වී සිටින හා ජනතාව අතර ප්‍රතික්ෂේප වී සිටින විග්නේශ්වරන්ට අලුත් දේශපාලන පක්ෂයක් හදාගෙන මහ ඇමතිකමට තරග කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති අතර ඊළඟ පළාත් සභා මැතිවරණයෙන් පසු ඔහු නියත වශයෙන්ම ජාතික දේශපාලනයෙන් ඉවතට විසිවනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටිය කියලත් හිතන්න අමාරුයි මේවාගේ අදහස් තියෙන කෙනෙක්.