සුජිත් හේවාජුලිගේ
ආණ්ඩුවට එරෙහිව ලබන 5 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පවත්වන ස්ථානය 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ මෙම උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ ආණ්ඩුව පලවා හරින ජන බලය කොළඹට යන තේමාව යටතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදවසක ඉටු නොවෙන "දවල් හීන" දකින්න කාටත් අයිතියක් තියෙනවා. දැන් ඔය කීවෙනි බලවේගයද අප්පා?
වතුර බෞසර් ටිකක් සහ කඳුළු ගෑස් ටිකක් වැඩියෙන් තියා ගත්තොත් හොන්දයි නේද? පාරේ තියන දේවල් වලට හානි කලොත් පාවිච්චි කරන්න. සංවිධායකයෝ බෙන්ස්, වලින් ඒයි, මිනිස්සු පාගමනේ යයි ඕවා අපිට අලුත් දේවල් නෙමේ.
සමන්ත විහිළු වලට හොඳ තැන් හැමතැනම නෑ කියලා නාමල්ට කියන්න.
දැන් මොකටද දන්නේ නැහැ මේ උද්ඝෝෂණ හා සතයග්‍රහ පවත්වන්නේ? රාජපක්ෂලාට සහ ඔවුන්ගේ ගෝලයින්ට උසාවීවල තියන සියලු මීනීමැරුම්, අපරාධ, දූෂණ, වංචා හා අයාත පරිහරණයන් පිළිබඳව පැමිණිලි ඉල්ලා අස්කර ගන්න. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පසුගිය පාලන කාලයේ සිදුවූ අපරාධ, දූෂණ හා අල්ලස් ගැනීම් ගැන සිදුකරන පරීක්ෂණ අත් හිටුවන්න. විශේෂ ජනාධිපති කොමිෂන්සහා මගින් සිදු කරන ශ්‍රී ලංකන් හා මිහින් එයාර් වංචා දුෂණ හා අායාත පරිහරණය පිළිබඳව පරික්ෂණ නවත්වන්න කියලා වෙන්න ඇති. එහෙම නම් රටේ නමගිය හොරුන්, අපරාධකරුවන්, දූෂිතයින්, පාතාලනායකයින් අනිවාර්යෙන්ම මේ උද්ඝෝණයට පැමිණේ.
නුගේගොඩින් පටන් අරගෙන දැන් කී වතාවක් ජන බලය පෙන්නලා ආණ්ඩුව එලෙව්වාද? බාගේ බෝතලෙයි බත් පැකට් එකයි විතරක් මඳි ආණ්ඩුවක් ගෙදර යවන්න. පුද්ගල වන්දනාව වෙනුවට හරි හමන් ප්‍රතිපත්තියකුත් තියෙන්න ඕනෑ. ඔය එ්කාබද්ධයට යන එන මඟක් නැතිවෙනවා " මහින්ද" කියන අකුරු හතර නැති වුනොත්...
ඔබ දෙපලම කියන දේ සත්‍ය අසත්‍ය වගේම සියලු දේශපාලකයින් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැක. මක්ද යත් මොවුන් අහිංසක රට වැසියන් මුලා කොට ඒ වටිනා ඡන්දයෙන් බලයට විත් ඒ ජනතාවගේ සහ රටේ යහපත සහ දියුණුව සඳහා ඇති මුදල් සහ සම්පත් ඔවුන්ගේ සුකවිහරණය උදෙසා පරිහරණය කොට ඡන්දය දුන් නොදුන් ජනයා ඔවුන් විසිකරන කටු සූප්පු කරන්න බලුකුකන් බවට පත් කරයි. මෙය නැවත මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාව එක දජයක් යටතේ ආගම් භේද ජාති භේද දුරලා ප්‍රවුඩ ඉතිහාසයක් ඇති සාමකාමී ආර්ථිකයෙන් කෘෂිකර්මාන්තයෙන් නව නිපදවීම් ඇති කර්මාන්තශාලා බිහි කර ශක්තිමත් දියුණු රාජ්‍යයක් කොට ලොවට පෙනෙන සේ සිටිය යුතුයි.
කරුණාකරලා ඕක නගරෙන් පිට තැනක් තියාගන්නවද? මොකද, අපිට පාරේ රස්තියාදු වෙන්නේ නැතිව වෙලාවට ගෙදර යන්න තියෙනවා. අපි නම් ඔය රැලි එකකටවත් එන්නේ නැහැ.