සුජිත් හේවාජුලිගේ
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇතැයි වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවැසීය.
රාමනායක මහතා මෙසේ පැවැසුවේ නුගේගොඩ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පැවැති ප්රවෘත්ති සකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් මැතිතුමා මේ විදිහට වැඩ කරන එක හොන්දයි. නමුත් පසු ගියදා රේල්ලු වැඩ වර්ජනය කරපු වෙලාවේ කීවනේ ඉස්ට්ර්යික් කරපු අයගේ නං ගම්, ලිපිනයන් , ටෙලිෆෝන් නොම්මර පවා සොයලා දෙනවා කියලා ඔබතුමා ප්‍රසිද්දියේ කීවා. එය ඉතාම භයානක දෙයක්. මෙම තොරතුරු අරගෙන කුපිතවී සිටින ජනතාව එම මිනිසුන්ට ශාරීරික සහ මානසික හිරිහැර කළහොත් මොන අපරාදයක්ද? මතකනේ . පොඩි ළමයෙකුට හරි හිරිහැර කලොත්. එවැනි කාලයක් තිබුන මේ රටේ. එම තත්වයට ඇදල දමන්න අයෙමත් ප්රශ්නය තියනවනම් නීතියේ පිහිට සොයන්න ඕනේ. මේ මගේ අදහසක් පමණයි.
අම්මප, වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද රන්ජන් පේන අහන්න? එයාගෙන්ම අහන්න ඕනද?
ඔය කියන්නේ දියවන්නාව ආසන්නයේ කාර් එකක් ඇතුලෙදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු එක ගැනද?
ඔබතුමන්ලා මහජන නියෝජිතයෝ හැටියට අරයගේ මෙයාගේ කුණු අවුස්සන්නේ නැතිව ගමට හා නගරයට බැහලා එහි වසන ජනතාවගේ මූලික ප්‍රශ්ණවත් විසඳන්න කටයුතු කරන්න. මහජනතාව මේවන විට සෞඛ්‍ය ප්‍රශ්ණ, ආර්ථික ප්‍රශ්ණ, පරිසර ප්‍රශ්ණ ආදී දහසක් ප්‍රශ්ණ වලින් මිරිකිලා ඉන්නේ. එක එක පුද්ගලයන්ට විරුද්ධව ඔබලා කරන රඟ පෑම් මහජනතාවට වැඩක් නැහැ.
මෙම නාට්‍යෙය් නිෂ්පාදකයා තවත් අනුවණ දෙයක් පිටුපසයි ඉන්නේ...
මෙයාට විරුද්ධව පැමිණිලි එකක් නොවේ කිහිපයක් කරන්න ඕනෑ. හෙල්පින් හම්බන්තොට තීන්දුව සම්බන්ධයෙන් වගේම මහින්දට නීති විද්‍යාලයේ අවසන් පරික්ෂණය සමත්වීම සඳහා විභාග වංචාවට ලක්කිරීම වගේම කුප්‍රකට චෝදනාවක් වන පාර්ලිමේන්තු පාරේ රථයක් තුල කාන්තාවක් සමග සිටීම වැනී කරුණු ප්රකටයි.
පක්ෂ, පාට මොකක් වුනත්, දේශපාලකයෙකු හිටපු අගවිනිසුරුවරයෙකුට එරෙහිව මෙසේ මෙවන් පැමිණිල්ලක් කිරීම රටේ පෙරට වඩා නීතියේ ආධිපත්‍යය තිබෙනා බවට හොඳ නිදර්ශනයක්. රන්ජන්ගේ නීතිවේදීන්ට මේ සඳහා අවශ්‍ය තරම් සාක්ෂි තිබෙනවා වෙන්නට පුළුවන්. නොඑසේනම්,මෙවන් බරපතල චෝදනාවක් බොරුවට කියා අමාරුවේ වැටෙන්නට කව්ද කැමති. මේ නඩුවේදී රටේ මහජනතාවට තමන් නොදත් බොහෝ දේ දැක බලා ගැනීමට හැකිවෙයි කියා අපට හිතාගන්නට පුළුවන්.... සත්‍යය දිනේවා.බොරුව වැනසේවා...!!!
මේ කතාව හරියටම හරි... හෘද සාක්ෂියට එකඟව කියලා එහාට මෙහාට පනින එක සාධාරණය කලේ සරත් සිල්වා .. මෙය රටට කළ ලොකු වරදකි.. මැරෙන්න පෙර ඔහු විසින් මෙය නිවැරදි කළ යුතුය.
රන්ජන් නමැති කකුළුවා දිය නටන තෙක් සැලියේ රැඟුම් දක්වයි!
ඉතා විශිෂ්ට දෙයක්... ඔබට අපේ සහය...
අට පාස් කෙනෙක් අගවිනිසුරුට එරෙහිව නඩු කියන්න වගේ. කොහෙන්ද හිනාවෙන්න ඕනේ...?
රංජන් රාමනායකට ජය වේවා!
මම නම් උගතුන්ගේ රාජකාරියට ඇඟිලි දික් කරන්න කලින් , ඒ අදාළ විෂය පථය හොඳින් ඉගෙන ගෙන රාජකාරියේද ප්‍රායෝගික දැනුමක් ලබා ගන්නවා. නීතියට අභියෝග කිරීම බයිස්කෝප් එකේ රඟපානවා වගේ ලේසි වැඩක් නෙවෙයි.
නඩුකරින්ටත් නඩු දාන ප්රජාතන්ත්රවාදී රටක් වෙලා ශ්‍රී ලංකාව
රන්ජන්ව ඉස්සරහට දාල නූලෙන් නටවන්නේ නාගානන්ද කොඩිතුවක්කු සහ සුගන්ධිකා ප්‍රනාන්දු වෙන්න ඕනේ. නැතිනම් ඔවැනි නීතිය පිළිබඳව බුද්ධිමත් හෝ උගතෙක් නෙවෙයි. මෙයා ගැලරියට රඟපාන්න හරි දක්ෂයි.
රන්ජන් ටිකක් 'ස්ලෝ ඩවුන්' උනානම් හොඳයි.. ඔබ මන්ත්‍රී කෙනෙක් නිසා වරප්‍රසාද පාවිච්චි කරන්න, ගැලරියට කතා කරල අමාරුවේ නොවැටී.
වයසට ගියාම ගොඩ පෙරකදෝරු වැඩක් හරි කර ගනියි.