(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
රත්තොට, විල්ගමුව සිට රිවස්ටන් දක්වා මාර්ගය පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලීක සාකච්ඡාවක් පසුගියදා රත්තොට ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදි අනාවරණය වුයේ රිවස්ටන්හී පවතින වාහන තද බදය අවම කිරීම සඳහා වාහන නැවතුම් ස්ථාන කිහිපයක් ඇති කිරීම,හෙළ බොජුන් හලක් ස්ථාපනය කිරීම, කටාරම්තැන්න වැව සංචාරකයන්ට නැරඹීමට සුදුසු පරිදි සකස් කිරීම, සංචාරකයින්ට නවාතැන් ගැනීමට බංගලාවක් ඉදිකිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සංචාරක අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලබා දීම ඇතුළු කාරණා රැසක් එහිදි සාකාච්ඡාවට ලක්විය.
මේ දක්වා සංචාරකයින්ට පහසුකම් සංවර්ධනය කර නොමැති ස්ථාන හඳුනා ගෙන කඩිනමින් ඉදිරි කටයුතු සිදු කිරීමට ද එම රැස්වීමේ දී තීරණය විය.
ඒ අනුව රත්තොට,රිවස්ටන් සිට විල්ගමුව දක්වා මාර්ගය පුළුල් කිරීමට අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස පසුගියදා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
මේ සඳහා රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා මෙන්ම , ප්‍රාදේශීය සභා සභාපති යු.ජි.ටි.කුමාරසේන සහ රත්තොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමින්ද මල්තුංග යන මහත්වරුන් සහ රත්තොට පොලිස් ස්ථානාධිපතිතුමා ද සහභාගී වූහ.
එසේම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිහු ද මේ සඳහා එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් රිවර්ස්ටන් සොදුරු බිමටත් ආයුබෝවන්...
ඒ සුන්දරත්වයත් ඉවරයි.හෙළ බොජුන් හලක්, බංගලාවක් ඉදිකිරීම....මේ හදන්නේ තවත් ගසා කෑමක්මයි. ආණ්ඩුව ගානේ තමන්ට අවශ්‍ය හෝටලයක් දාගන්නට හැර වෙන දෙයක් නොවේ. මාතලේ රජයේ රක්ෂිත ඉඩම්වල තේක්ක ගස් අනවසරයෙන් කපා කොළඹට අදිමින් හෝටල් ඉදිකළ උදවිය ඒ රහ දන්නා නිසා අලංකාර කදු වැටියට යන මග දෙපස ඩෝසර් කර කොන්ක්‍රීට් බැමි යොදා පැයට කිලෝ මීටර් 60-70 වේගයෙන් කන්දට නැග්ගට පස්සේ බලන්න තිබෙන්නේ මොකටද ? ඔය ගමනේ අලංකාරය ඇත්තේ නොයිදුල් වැසි වනාන්තර වැනි තුරු වැල් අතරින් යන සුන්දර කම නිසාමයි. අධික බැවුම් සහිත කදු කපා නාය යාම් වැලක්වීමට කම්බි දැල්, කොන්ක්‍රීට් බැමි යොදා පරිසරය විනාස කරන්නට එපා, එපා එපා. දැවැන්ත හෝටල් එපා. පාර අයිනේ කුඩා තේ කඩ, රොටී කඩ එළවලු පලතුරු කඩ සහිතව මේ සුන්දර පරිසරය රකින්නට දේශපාලන බේදයකින් තොරව එක්වන්න. මේ දේශපාලකයින් බලන්නේ බලය ගිලිහෙන්නට පෙර තවත් පරම්පරාවකට කහවණු සෙවියහැකි ක්ෂණික ව්‍යාපෘතියක් පටන්ගැනීමයි. පාර පලල්කල යුතු බව දනිමි. එය කලයුත්තේ දීර්ඝ කාලීනව, පැරණි වෙහෙර විහාර, තේවතු වල කළා සේ පටු තැන ගල් වලින් බැමි බැද පරිසරයට හානි නොකර අලංකාරය සහ ස්වභාවික පරිසරය රැකගනිමින්.