සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු සංකිර්ණය පිටුපස ලඳු කැලයේ කොළ දිවි රංචුවක් මේ දිනවල නිතර සැරිසරන බව වාර්තා වේ.
මේ කොළ දිවි රංචුව නිතර සැරිසරන්නේ යැයි පැවැසෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය පිටුපස නාවික හමුදා කඳවුරට ආසන්න ලඳු කැලයේය.නාවික නිලධාරීන් ද මෙම කොළ දිවියන් දැක ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුව අවට ලඳු කැලයේ සිටි කොළ දිවියෙකු මීට වසර කිහිපයකට පෙරද වනජීවී නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවත් කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු පොලිස් ස්ථානාධිපති කුෂාන් ලියනගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ කොළ දිවි රංචුවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතත් ඔවුන්ගෙන් පාර්ලිමේන්තුවට කිසිදු තර්ජනයක් නැති බවයි.
කොළ දිවි රංචුව ගැන වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට පියවර ගෙන ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවියාගේ ප්‍රියතම ආහාරය හරකායි.
කොළ දිවි රංචුවක් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ
ඔය පාර්ලිමේන්තුව හදල තියෙන්නේ පරන වගුරක. එහි වන සතුන් ඒ කාලේ හිටයා පාර්ලිමේන්තුව ඇතුලේ සත්තු වගේ කෑ ගහන සද්දේ ඇහිලා වෙන්න ඇති . දිවියෝ කලබල වෙලා තියෙන්නේ.
පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත පමණක් නොවේ, ඇතුලතත් එකට එකතු කරලාම වනජීවී එකට බාර දුන්න නම් නේද එය වඩා ඵලදායි වන්නේ?
හරක් කන්න එන්න ඇති !
කාටවත් කරදයක් නැති, මහජන මුදල් හුරා කන්නේ නැති අහිංසකයිනුත් පාර්ලිමේන්තුව පිටිපස්සේ හරි කමක් නෑ, ඉන්නවා කියල අහන එකත් සන්තෝසයක්!
අනේ, මුන්ව දිවියා කන්න ඕනේ....
කොලදිවියන් කවදාද මි හරක්ව කෑවේ..ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න මි හරක් ටික බයවෙන්න එපා. හැබැයි ..කොළ දිවියට පුලුවන්නම් මේ රට කන මීහරක් පට්ටිය දියවන්නාවෙන් නොවෙයි ලංකාවෙන්ම එලවන්න ...ඊට පහුවෙනිදා සිටම අපේ රට ලස්සන රටක් වේවි..
මෙන්න ඊළඟ හෙඩිම... පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දිවියෝ ලඳු කැලෑවේ ඉන්න කොළ දිවියන්ට තර්ජනයක්...
කලවැද්දෝත් ඉන්න එකේ කොලදිවියෝ ඉන්න එක පුදුමයක්ද?
මිනිස්සු හරියට සාප කරනවා " දිවියා කාපියව් " කියලා. ඒකද දන්නේ නැහැ.
නරින්ගේ ඉව වැටිලා වෙන්ඩ ඕනේ....
කොළ දිවියො බූරු මස් එහෙම කන්නෙ නැද්ද?
අපට නම් ප්‍රශ්නේ මුන්ගෙන් පාර්ලිමේන්තුවට තර්ජනයක් නොවීම !
ඇතුලේ මීහරක් රැළකුත් ඉන්න බව උන්ට ඉව වැටිලා ඇති!
ඔය අහිංසක සත්තූ කොහාට හරි ගිහින් දැම්මොත් නරකද උන්ගේ හිරිඔතප් බිදෙන්න ඉස්සෙල්ලා.
මේ ලඳු කැලයේ ඉන්න කොළ දිවි රංචුවගෙන්, මන් හිතන්නේ මහජතාවට ඇතුලේ ඉන්න අයගෙන් වගේ කිසිම හානියක් මෙතෙක් කල් වෙලා නැහැනේ . ඒ නිසා එය එතරම් ප්‍රශ්නයක් නෙමේ .
88,89,න් පස්සේ මේ ඇහැව්වමයි. කොලදිවි මුලු ලංකාව පුරා රංචු, රංචු හිටියා ඒ කාලෙ නම්. පාර්ලිමේන්තු පිටුපස ඉන්නවායැයි අහන්න ලැබීම සුභ නිමිත්තක් පොදුජනතාවට...
පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒ අයගේ කට්ටිය තමයි.
ඇතුලේ ඉන්න පොදු ජනයාගේ රීරි මාංශ උරා බොන 225ට අමතරව තවත් මාංශ බුද්ධිකයින් කට්ටියක් පිටතින්ද? සම්පූර්ණ එකම සත්තු වත්තක් කළා නම් නරකද?
ප්‍රශ්නයක් නැහැ ඇතුළේ ඉන්නේ කොළ කොටි නේ කොහොමහරි මුන්ටිකත් ඇතුළටම දමන්න
එළියේ කොළ දිවියේ ඇතුළේ කටුස්සෝ
ගැරඬි අල්ලන්නද දන්නේ නෑ.
කොළ දිවියන්ට හරක්ගාල ගැන ඉව වැටිලා වෙන්න ඇති මගේ හිතේ...
ඒ සතුන්ට පාඩුවේ ඉන්න දෙන්න..
සාමාන්‍යයෙන් කොලදිවියන් මීහරක්ට බය නැහැ. එ්කයි පාර්ලිමේන්තුව පැත්තේ ඉන්නේ...
පාර්ලිමේන්තුව ඇතුලේ ඉඩ තියෙන්නේ 225 කට විතරක් නිසා, පිටුපස ලඳු කැලයේ වැස්සට තෙමෙමින්, අව්වට වියැලෙමින් අපමණ දුක් ගැහැටක් විඳින මේ රංචුව ඇතුළට ගැනීම සඳහා ගොඩනැගිල්ල වහාම විශාල කිරීම සඳහා අතිරේක පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉක්මණින් සම්මත කරදෙන ලෙස ඉල්ලා සිටිමු.
දිවියන්ට පරලොව යන්න වෙනවා ලඟදීම, උතුරේ නම් දිවියෙක් මරපු එකට කීප දෙනෙක් හිරේ ගියා.. නමුත් බලමු දකුණේ මොකද වෙන්නේ කියලා?
හරකුන්ව අල්ලන්න ඇවිත් වගේ !!
ලංකාව් හරක් ටික පරිස්සම් කරගන්න.
ඉන්නවා ඇත්තේ කොය් වෙලාවේ හරි ගොනෙක් එනකන් වෙන්න ඇති. ඒ අයටත් හොඳහැටි තේරෙනවා තිරිසන් වුණත්...
"මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු පොලිස් ස්ථානාධිපති කුෂාන් ලියනගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ කොළ දිවි රංචුවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතත් ඔවුන්ගෙන් පාර්ලිමේන්තුවට කිසිදු තර්ජනයක් නැති බවයි." ඒ කියන්නේ ලජ්ජා භය නහර (බහුතරයකගේ) කැපිච්ච අයගේ මසුත් රස නැහැ කියලා කොළ දිවියොත් දැන් දන්නවා.
පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටික හොඳට බලා ගන්න වේවි !!!
වඩා හොඳයි පාර්ලිමේන්තුව සත්තුවත්ත බවට නම් කළානම්... දැනටමත් ජවිපය හැර එතන 219ක් ඉන්නවා.
දිවියම කාපිය...
ගිය ගිය නැන විනාශ කරන 225 ක රංචුවකුත් ඉන්නේ...
"ඕකුන්ව දිවියාම කාපිය " කියල ඉස්සර මිනිස්සු තම සතුරන්ට සාප කළා. අනේ දිවි මල්ලිලා. බඩගින්නක් හැදුනොත් ගම් වදින්නේ නැතිව වට පිටාවෙන්ම කෑම සොයාගත්තට අපේ අමනාපයක් නෑ. ඕන්න කියුවා.
බණ්ඩා හරි...
අනේ මේ රංචුව පාර්ලිමේන්තුව කියන එක රැස්වෙන දවසක් බලල සභා ගර්භයට යවල ඕකේ දොර වහන්න කවුරුත් නැද්ද. පරම්පරා හතකට නිවන් දකින්න පින් රැස් කර ගන්න පුළුවන් එහෙම කලොත්. අනේ දෙවියොවත් බලල ඒදේ කරල දෙන්න අපේ රට වෙනුවෙන්.