රසායනික අවි සම්මුති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධය කිරීමට සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 15 August 2018
ශ්‍රී ලංකාව ආශ්රිත සාගර කලාපයට රසායන අපද්‍රව්‍ය එක්වීම ගැන පරීක්ෂණයක් කරන්න‘ ශ්‍රී ලංකාව ආශ්රිත සාගර කලාපයට රසායන අප ද්‍රව්‍යන් මුසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අදාල ආයතන පරීක්ෂණ කළයුතු බැව් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි. 15 August 2018
පළාත් ඡන්දය ඉක්මන් කරන්නැයි සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව කියයි පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ගන්නැයි පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව සියලුම දේශපාලන පක්ෂවලටත් මැතිවරණ කොමිසමටත් යෝජනා කර සිටී. 15 August 2018
‘ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන විමට ඉල්ලා සිටියහොත් ඊට ඉඩ දෙනවා‘ ඒකාබද්ධ විපක්ෂය ස්වාධින වීමට ඉල්ලා සිටියොත් ඊට ඉඩ දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 15 August 2018
කොචින් ගුවන් ගමන් 18 වැනිදා තෙක් අත්හිටුවයි දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය නිසා එම ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් අගෝස්තු මස 18 වැනිදා වන තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ. 15 August 2018
කතානායක පනත් දෙකකට අත්සන් තබයි සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමේ සංශෝධන පනතට සහ බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනතට කතානායක කරු ජයසූරිය මහතා අද (15) අත්සන් යෙදූ බව එම මාධ්‍ය අංශය පවසයි. 15 August 2018
අල්ලස් - දූෂණ විමර්ශනයට උපාධිධාරීන් 200 ක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට විමර්ශන නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 200 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව එහි කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය. 15 August 2018
නිශාන්ත වික්‍රමසිංහ දුන් නියෝගයකින් ශ්‍රී ලංකන් සමාගමට කෝටියකට අධික පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් කළමණාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබු ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් 15 August 2018
පස් කන්දක් කඩා වැටී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය වටවලින් අවහිර වෙයි හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව වටවල පොලිසිය කියයි. 15 August 2018
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) විවෘත කර තිබේ. 15 August 2018
‘නේවී සම්පත්’ රිමාන්ඩ් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්‘ ලබන 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය. 15 August 2018
‘කතරගම මහ දේවාලයේ යතුර ඉල්ලා ආයෙත් අධිකරණයට යනවා’ රුහුණු මහා කතරගම දේවාලයේ කපු තනතුර පද්මසිරි රංජිත් අදිකාරම් මහතාට දෙන්නැයි ලබා දී ඇති අධිකරණ තීන්දුව වත්මන් කපු තනතුර දරණ තැනැත්තන් පිළිනොගන්නා බැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ යළි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නීතිඥ කැලූම් කුමාරසිංහ මහතා පැවැසීය. 15 August 2018
මාලගමුව ඝාතන සැලැස්ම ගැන පොලිසිය ප්‍රශ්න කරයි ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරිමේ සැලැස්ම පිළිබඳව පෑලියගොඩ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මාලගමුව මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර අද (15) ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 15 August 2018
අ‘පුර නගර සභා මූල්‍ය වංචාවට තවත් දෙන්නෙක් රිමාන්ඩ් අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (3879482) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකාරියක සහ සැකකරුවෙකු මේ මස 24 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (15) නියෝග කළේය. 15 August 2018
වැස්ස නිසා කොචින් යන ගුවන් යානාවල ප්‍රමාදයක් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත ගංවතුර තත්වය නිසා අද (15) දින උදෑසන 9.00 ට කොචින් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 165 දරණ ගුවන් යානයේ ගමන් ගැනීම පස්වරු3.00 දක්වා ප්‍රමාද කළ ද , එම ප්‍රදේශයේ පවතින වැසි සහිත කාළගුණික තත්වය නිසා මෙම ගුවන් ගමන් වාරය අවලංගු කර දමා ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 15 August 2018
‘සියළු ආගම් වලින් උගන්වන දයාව කරුණාව වැරදි ලෙස අර්ථකථනය සමාජයට අහිතකර බලපෑමක්‘ සියළුම ආගම්වලින් උගන්වන දයාව සහ කරුණාව වෛරයක් ලෙස වැරදියට අර්ථ කථනය කිරීම නිසා ශ්‍රී ලාංකික සමාජයට අහිතකර බලපෑමක් සිදුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම මරදමඩු පුදබිමේදී අද (15) පැවසීය. 15 August 2018
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් නීත්‍යනූකුල භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කිරිමෙන් පසු සැඟව සිටි සැකකරුවකු වසර තුනකට පසුව ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 August 2018
අවුකන රජමහා විහාරයේ සංවර්ධනයට චීනයෙන් ලක්ෂ 10 ක් අවුකන රජමහා විහාරස්ථානය මුල්කර ගනිමින් චීන ජාතික භික්ෂුණීන් වහන්සේ නමක් සහ ව්‍යාපාරිකයන් එක්ව අවුකන ප්‍රදේශයේ දහම් පාසල් සිසු සිසුවියන්ට සහ චීන දායකත්වයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කළහ. 15 August 2018
ප්‍රබල ආවා සාමාජිකයින් සිව් දෙනෙකු කඩුත් එක්ක අත්අඩංගුවට යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ප්‍රබල ආවා සාමජිකයින් සිව් දෙනෙකු දින දෙකක් තුළදී අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි. 15 August 2018
දැරියක උස්සාගෙන යන්න හැදූ උකුස්සකු අල්ලා වනජීවියට බාරදෙයි අනුරාධපුර සුචරිතගමට පෙරේදා (14) පැමිණි විශාල උකුස්සකු කුඩා දරුවන් සිවුදෙනකු පැහැර ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ලැබූ දරුවකුට රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර ගම්වාසීන් එක්වී අල්ලාගත් උකුස්සා අනුරාධපුර වනජීවී කාර්යාලයට බරදී ඇත. 15 August 2018
තුරුණු දිරිය ණය ක්‍රමයට ව්‍යාපාර සැලසුම් 783 ක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) විසින් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ‘තුරුණු දිරිය’ ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැලසුම් 783 මේ මාසය වනවිට සකස් කර පවතී. 15 August 2018
කැබිනට් පත්‍රිකාව නාවාට දුම්රිය සමිති රැස්වීමක් අද දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුව අනුව එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොලැබීම නිසා 15 August 2018
කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි : මහජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (15) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත. 15 August 2018
කොළඹ නගර සබේ මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩිවේ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව තීරණය කර ඇත. 15 August 2018
මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධියට මහින්ද සීඅයිඩියට කැඳවයි ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටී. 15 August 2018
ඉංජිනේරු වෙසින් කතුන් රැවටූ අයෙක් අත්අඩංගුවට සිවිල් ඉංජිනේරුවකු බව පවසා තරුණියන්ට විවාහ පොරොන්දු දී ඔවුන් සතු දේපල හා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 15 August 2018
ලොරි දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ ලොරි රථ දෙකක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර මිනීමරු වංගුව ප්‍රදේශයේදී අද (15) අලුයම 4.45 ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 15 August 2018
ලොව ජීවත්වීමට සුදුසුම නගර අතර පළමු තැන වියානා නුවරට ‘ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම’ නගරය ලෙස කිරුළු පැළඳීමට ඔස්ටි්රයාවේ වියානා නගරය සමත්ව තිබේ. 14 August 2018
ඒකාබද්ධය ජී.එල් පීරිස්ගේ සභාපතීත්වයෙන් පක්ෂනායක කමිටුවක් පිහිටුවීමට යයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් පක්ෂනායක කමිටුවක් පත්කිරීමට අද (14) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ තීරණය කළහ. 14 August 2018
මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි මහනුවර මහ රෝහල මගින් සිදුකළ පළමු අක්මා බද්ධ සැත්කම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවත් අක්මාව ආශ්‍රිතව සිරෝසියස් (Cirrhosis) රෝගී තත්ත්වය හා අක්මා පිළිකාවට බදුන්වූවන්ගේ ජිවිත බේරා ගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබුණු නමුත් මහනුවර මහ රෝහල සිදුකළ විශ්මිත සැත්කමින් පසු රෝගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වන බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර මහතා පැවැසිය. 14 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026