බස් වර්ජනය අද මැදියම් රැයෙන් නවතී නව දඩ පති‍්‍රකාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සේවකයින් ආරම්භ කළ පෞද්ගලික බස් රථ වර්ජනය අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට නතර කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක යූ. කේ. කුමාරරත්න රේනුක මහතා පැවසීය. 17 August 2018
භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරිමේ ව්‍යාපෘතියක් අලූතින් දුම්රිය මැදිරියක් මිලදී ගැනීමට රුපියල් මිලියන 60ක් වැයවන නිසා රුපියල් බිලියන 2.4ක මුදලක් වැයකර භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි දෙසීයක් අලූත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව අරඹා තිබේ. 17 August 2018
මාලිංග මහනුවර පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. 17 August 2018
‘විශ්ව විද්‍යාල පද්ධතිය ගමන් කරන්නේ රටට නුසුදුසු ලෙසයි’ මුදල් සහ රාජ්‍ය දේපළ අවභාවිත වන රාජ්‍යයක් ලෙස පිළිගැනෙන ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට වියදම් කරන මුදල් වලින් ලැබෙන ප්‍රතිඵල ඵලදායි ද යන්න ගැටලූව විශ්ව විද්‍යාලවලින් උපාධි අරගෙන පිටවන 17 August 2018
‘හිටපු ජනපතිවරයා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක්‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් මිස හතුරෙක් නොවන බව ඕනෑම කෙනෙක් පිළිගන්නා කාරණයක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය. 17 August 2018
මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක්‍රමයටද නව ක්‍රමයටද පක්ෂ අතර මත ගැටුමක් පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කොට්ඨාස වෙන්කිරීමේ සීමා නිර්ණය කොමිසම් වාර්තාව මෙම මස 24 වැනිදා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නමුත් මැතිවරණය පැවැත්විය යුත්තේ නව ක්‍රමය යටතේද නැතිනම් පැරණි ක්‍රමයටම ද යන්න පිළිබඳව දේශපාලන පක්ෂ අතර මේ වන විට මත ගැටුමක් ඇතිව තිබේ. 17 August 2018
හේන් ගොවිතැන් සඳහා අවස්ථාව දෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරු ඇමැතිගෙන් ඉල්ලති මෙරට සාම්ප්‍රධායික කෘෂිකාර්මික ක්‍රමයක්වන හේන් ගොවිතැන සඳහා වැඩිපුර අවස්ථාව ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 17 August 2018
කැලණිය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක පැය 18ක ජල කප්පාදුවක් කැලණිය වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 17 August 2018
‘මොළේ කළදක් ඇති කෙනෙක් මහින්දගෙන් සාක්කි ගන්න සීඅයිඩීය එවන්නේ නෑ’ මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (17) ප්‍රකාශ කළේය. 17 August 2018
නයාරු මුහුදේ මසුන් මැරීමට ආ දකුණේ ධීවරයෝ ආපසු යති මුලතිව් නයාරුහි සිටි සංචාරක් ධීවරයින් හේතුවෙන් ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් හා පැවති විරෝධතාවන් වලින් අනතුරුව දකුණු පළාතේ සිට නයාරුවල මසුන් ඇල්ලීමට පැමිණි ධිවරයින් සිය ධීවර ආම්පන්න රැගෙන නැවත දකුණු පළාත් වෙත මේ වන විට පිටත්වීම ආරම්භ කර තිබේ. 17 August 2018
මැණික් ගැරූ හිටපු මන්ත්‍රී ඇතුළු 15 ක් අත්අඩංගුවට අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයට අයත් අඹන්ගඟේ නීතිවිරෝධී ලෙස මැණික් ගැරීමේ ජාවාරමක යෙදී සිටි බව කියන සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නියාමකවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 August 2018
අතුරුදන් වු ගුරුවරිය ඝාතනය කළැයි සැමියාගෙන් පාපොච්ඡාරණයක් දැනට මාස එකහමාරක පමණ කාලයක සිට නිවසින් අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබු පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක වන 36 හැවිරිදි එක්දරු මවක වන තම විවාහක බිරිඳ අභිරහස් ලෙස ඝාතනය කළ බවට ඇගේ සැමියා විසින් පොලිසියට පාපොච්චාරණයක් කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 17 August 2018
මහින්දගෙන් ප්‍රශ්න කරන්න සී.අයි.ඩී.ය එයි ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණීමට නියමිතය. 17 August 2018
පෞද්ගලික බස් රථයකට හික්කඩුවේ දී ගල් ප්‍රහාර තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට හික්කඩුව පටුවත ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 17 August 2018
මාදම්පේ අනතුරකින් දෙදෙනක් මරුට අධික වේගයෙන් ගමන්කර ඇති යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවගේ ගැටීමෙන් යතුරු පැදිකරු සහ කාන්තාව යන දෙදෙනාම මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය කියයි. 17 August 2018
පස් කන්දක් කඩා වැටී හැටන්-කොළඹ මාර්ගය යළි අවහිර වෙයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යළිත් පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බව හැටන් පොලිසිය කියයි. 17 August 2018
මාලගමුව ඝාතන සැලැස්ම ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප සංවිධායකවරයකුවූ බෙවන් පෙරේරා මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර අද (16) ප්‍රකාශයක් ලබා ගත්තේය. 16 August 2018
පොලිස් කාන්තාවන්ට ලිංගික බලපෑම් කළ ඕඅයීසීට වැඩ වරදින ලකුණු කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලිංගික බලපෑම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයකුට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් විනය පියවර ගැනීමට නියමිත බව එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 16 August 2018
ඕඅයිසීගේ මේස ලාච්චුවේ තිබූ පොලිස් පොත අතුරුදන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිගේ කාර්යාලයේ මේස ලාච්චුවේ තිබූ පොලිස් සටහන් පොතක් අතුරුදන්වීම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙස පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ කාර්යභාර නිලධාරීවරයා අද (16) සියලුම පොලිස් ස්ථාන වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 16 August 2018
ඒඑස්පී දළුවත්තගෙන් පහරකෑ තරුණයාට කන්න දීලත් නෑ හම්බන්තොට පැවැති විරෝධතාවයක දී සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාගේ පහරකෑමට ලක්වූ සුසන්ත බණ්ඩාර කරුණාරත්න නම් තරුණයාට පහරදීමට අමතරව ආහාර ලබා නොදී මානුෂික අවශ්‍යතා නොසලකා හැර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව සිදු කළ මූලික විමර්ශනයේ දී සනාථ වී ඇත. 16 August 2018
ඉන්දීයාවේ හිටපු අගමැතිගේ අවමඟුලට සභානායක යයි අභාවප්‍රාප්ත ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමඟුල් උත්සවය සඳහා රජය නියෝජනය කරමින් සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගී කරවීමට රජය තීරණය කර තිබේ. 16 August 2018
ඉරාන නැවේ ගැටුණු යාත්‍රාවේ සිටි ධීවරයෝ බේරා ගැනෙති ගොඩබිමේ සිට නාවික සැතපුම් 30ක් පමණ මුහුදේදී ඉරානයට අයත් වෙළඳ නෞකාවක ගැටී අනතුරට ලක්ව මුහුදේ ගිලෙමින් සිටි මිරිස්සේ “අංජු පුතා” බහු දින යාත්‍රාවේ ධීවරයින් පස් දෙනා වෙනත් බෝට්ටුවක් මගින් බේරා ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි. 16 August 2018
මහාවංශය අධ්‍යයනයට වෙනම ආයතනයක් මහාවංශය අධ්‍යයනයට වෙනම ආයතනයක් පිහිටුවන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. 16 August 2018
ටෙලිකොම් කොටස් විකිණීමේ තීරණයට වෘත්තීය සමිති විරෝධය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය පංගුව සතු කොටස් සියයට 4.74 ක් කොටස් වෙළඳපලට විකිණීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පාලනාධිකාරිය තීරණය කර ඇතැයිද එය ටෙලිකොම් ආයතනයේ ස්වාධීනත්වය මෙන්ම සේවක අයිතීන් අනතුරේ හෙලන තීරණයක් යැයි ද ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 August 2018
නැවත පදිංචි කිරීමේ වැඩසටහනට එක්සත් රාජධානියේ සහයෝගය තිස් වසරක යුද්ධය නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් ‘තිරසර නැවත පදිංචි කිරීමේ වැඩසටහනක්’ සඳහා සහයෝගය දීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත. 16 August 2018
සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස් පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩී බී අත්තනායක මහතාගේ වැඩ තහනම් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 16 August 2018
රුපියල 161.54ට යයි ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (16) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161.54ක් දක්වා පහළ ගියේය. 16 August 2018
පොලිස් කොමිසම ගැන ව්‍යවස්ථා සභාවට පැමිණිලි ජාතික පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කීපයක්ම ලැබී ඇති බව වාර්තාවේ. 16 August 2018
කාලසටහනේ විෂයන් 2ක අවුලෙන් උසස් පෙළ සිසුන් අමාරුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාල සටහන අවුල්කර ගැනීම නිසා සිසුන් පිරිසකට විෂයන් දෙකකට පෙනී සිටීමේ අවස්ථාව අහිමි වී ඇතැයි වාර්තාවේ. 16 August 2018
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි කළුරිය කරයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අද (16) අභාවප්‍රාප්ත විය.තෙවරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය හෙබ වූ අතල් බිහාරි වජ්පායි මහතා මිය යනවිට 93 වියේ පසුවිය. 16 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026