මුහුදේ පෙරළුණු යාත්‍රා දෙකෙහි ධීවරයින් 4ක් බේරාගනී මසුන් මැරීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් පෙරළී යාමෙන් අතුරුදන් වී සිටි ධීවරයින් සිව් දෙනෙකුව වෙනත් ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන විත් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. 19 August 2018
තහනම් පොලිතීන් වැටලීමට පොලිසියට බලය තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමේ කටයුතු පොලීසියටත් පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වෙයි. 19 August 2018
පිළිකා ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට්ටුව ළඟදීම පිළිකා ඖෂධ ඇතුළු තවත් ඖෂධ සහ උපකණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පති කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 19 August 2018
අපරාධ වැටලීම් වලින් වනජිවීයට කෝටි තුනක ආදායමක් වනජිවී අපරාධ වැටලීම් මගින් ගිය වසරේ දී රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක ආදායමක් උපයා ගෙන ඇතැයි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 19 August 2018
දුම්රිය වෘත්තීය සමිති ජනපති හමුවෙන්න යයි දුම්රිය රියැදුරු , නියාමක පාලක ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන්ගේ වැටුප් තල සම්බන්ධ මතුවී තිබෙන ගැටලූව පිළිඳබව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන 23 වනදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 19 August 2018
මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න යනබව ඒකාබද්ධය කියයි දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය හැකි දැයි යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. 19 August 2018
හැටන්-නුවරඑළිය මාර්ගයේ ගමනා ගමනය එක් මං තීරුවකට සීමා කෙරේ හැටන්- නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල නැරඹුම් මධ්‍යස්ථානය අසළ පිහිටි කන්දක් එම ස්ථානයේ තිබු බස් නැවතුම්පොලද කඩාගෙන ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මං කීරුවකට සීමා කර ඇතැයි පොලීසිය පවසයි. 19 August 2018
කෝටියක කේරල ගංජා උතුරු මුහුදේ පාවෙමින් තිබියදී අත්අඩංගුවට යාපනය කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පා වෙමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 යි ග්‍රෑම් 500 ක් නාවික හමුදාව විසින් සොයා ගනු ලැබීය. 19 August 2018
හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු 8 ක් අත්අඩංගුවට පිළියන්දල මිරිස්වත්ත බණ්ඩාරනායක නිවාස සංකීර්ණයේ අද (19) අලුයම සිදු කළ ක්ෂණික සෝදිසි මෙහෙයුමක දී හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි. 19 August 2018
විදුලි රැහැන්වලට කොකු ගසා විදුලිය ගත් 110 ක් අත්අඩංගුවට විදුලි රැහැන් වලට කොකු ගසා නිවෙස් වලට හොරෙන් විදුලිය ලබාගත් බව කියන තොටලග කජීමාවත්තේ පුද්ගලයින් 110 දෙනෙකු විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය හා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. 19 August 2018
රට බේරා ගන්න අලුත් පෙරමුණක් එනවා - සමන්ත විද්‍යාරත්න මේ වන විට රට පත්ව ඇති අගාධයෙන් ගොඩගැනීමට පවතින දේශපාලන ක්‍රමය තුළ කිසිදා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙරමුණ ගැනීම උදෙසා රටට ආදරය කරන විද්වතුන් ඇතුළු දේශප්‍රේමීන් එකතු කරගෙන ජාතික විද්වත් සංවිධානයේ මූලිකත්වයෙන් ලබන 2019 වසර මුලදී නව දේශපාලන පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 18 August 2018
උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටේ උඩරට දුම්රිය මාර්ගයේ හැටන්-කොටගල කොටගල දුම්රිය සථාන අතර සංගිමලේ බිංගය ප්‍රදේශයේ 109 වන කිලෝ මීටර් කණුව ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (18) පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණි ඇතැයි දුම්රිය නිලධාරීහු පවසති. 18 August 2018
ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති වෙයි පාකිස්තානයේ නව අගමැතිවරයා වශයෙන් එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18 වැනිදා) පෙරවරුවේ ඉස්ලාමාබාද් නුවරදී දිවුරුම් දුන්නේය. දකුණු ආසියාවේ රටවල් අතුරින් න්‍යෂ්ඨික අවි වලින් බලසම්පන්න රටක් වන පාකිස්තානය මේ වන විට දිනෙන් දින පිරිහෙන අර්ථිකයකට මුහුණ දෙමින් මහත් වියවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින රටක් වශයෙන් අන්තර්ජාතික විචාරකයන්ගේ වර්ගීකරණයට පාත්රවී තිබේ. 18 August 2018
තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම ඉවතට තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම මෑතදී ඉවත් කර ඇතැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ චෝදනා කරති. 17 August 2018
’’මං කෙලින් මිනිහෙක්’’ තාවකාලිකව අත්හිටුවයි අසංක සායක්කාර අධ්‍යක්ෂණය කළ ’’මං කෙලින් මිනිහෙක්’’ වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය කටයුතු කර ඇත. 17 August 2018
නකල්ස් ව්‍යාපෘතිවලට තවම පරිසර අධිකාරියේ අවසරය නෑ නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ ප්‍රේරණ කලාපයට අයත් ඉඩම්වල විවිධ ව්‍යාපෘති සිදු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී නැතැයි ද, ව්‍යාපෘති සිදු කිරීමට පරිසර ඇගයීම් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නැතැයි ද මධ්‍යම පරිසර අධිකාරිය අද (17) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දුන්නේය. 17 August 2018
සරත් මධු සමුගනී දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා අද (17) අභවප්‍රාප්ත විය. 17 August 2018
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක් දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු වැසි හේතුවෙන් රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 17 August 2018
නෙළුවේදී ලක්ෂ පහක් කොල්ලකයි - සැකකරුවෙකු අත්අඩංගුවට නෙළුව පුද්ගලික මුල්‍ය ආයතනයක නිලධාරීන් දෙදෙනකු ළඟ තිබූ රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් අද (17) කොල්ලකා ඇති බව නෙළුව පොලිසිය පැවැසීය. 17 August 2018
සුරක්ෂා රක්ෂණය ගැන පාසල් පෙළ පොත්වල දැන්වීමක් ලබන වසර සඳහා මුද්‍රණය කරනු ලබන පාසල් පෙළ පොත්වල ‘‘ සුරක්ෂා‘‘ රක්ෂණයට අදාළ දැන්වීමක් ඇතුළත් කර ඇත. 17 August 2018
සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ජනපතිට ලිපියක් සයිටම් ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ලබාදී ඇති නිසා සයිටම් ආයතනය පිළිබඳව සත්‍ය හෙළි කළ ශිෂ්‍යයින්ට එරෙහිව ක්‍රියාත්මක නීතිමය පියවර ද නතර කිරිමට මැදිහත්වන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ලිපියක් යවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි. 17 August 2018
තෙල් මිල අඩු වැඩි වීම ගැන හොයන්න කමිටුවක් තෙල් මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 17 August 2018
හැටන්-කොළඹ මාර්ගය තාවකාලිකව වසා දමයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශය නායයාමට සක්‍රීය වීම නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමු බව හැටන් පොලිසිය කියයි. 17 August 2018
කොස්තාපල්ට පහර දී අධිවේගයෙන් පනින්න ගිය අලව්ව ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට බණ්ඩාරගම ගැලනිගමින් අණ නොතකා ධාවනය වූ ලොරියක් කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ කොතලාවල පිවිසුමෙන් පිටවීමේ දී පොලිස් කොස්තාපල්වරයකුට පහර දී පලා යාමට උත්සාහ කළ ලොරියේ රියදුරු අද (17) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 17 August 2018
වාද්දුව වෙරළ සාදයේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් වාද්දුව වෙරළාසන්න හෝටලයක පැවති සාදයකදී පුද්ගලයන් සිව් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පුද්ගලයන් දෙදෙනා අද (17) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට අතිරේක මහේස්ත්‍රාත් කල්හාර ලියනගේ මහත්මිය නියෝග කළාය. 17 August 2018
රජය පත්කළ ප්‍රධානීන් තිදෙනකුගේ සුදුසුකම් යළි සොයයි රජය විසින් මෑතකදී පත්කරන ලද තවත් ප්‍රධානීන් තිදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 17 August 2018
අල්ලස් හා දූෂණ පැමිණිලි 1217 ක් ගැන විමර්ශන අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපැයීම් පිළිබඳ පැමිණිලි 1217ක් සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශන පවත්වන බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. 17 August 2018
කොචින් ගුවන්තොට වසා තිබුණත් ශ්‍රී ලන්කන් මගීන්ට අමතර පහසුකම් දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් 18 වැනිදා තෙක් වසා දැමුණු කොචින් ගුවන්තොටුපොළ ලබන 26 වැනිදා තෙක් තව දුරටත් වසා දැමීමට ගුවන්තොටුපෙළ බලධාරීන් කටයුතු කර තිබේ. 17 August 2018
ඥානසාර හිමිගේ සැත්කම සඳුදා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම ලබන සඳුදා (20) සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පැවසීය. 17 August 2018
‘සීඅයිඩීය පැමිණ ප්‍රකාශ සටහන් කරගැනීම දේශපාලන පලි ගැනීමක්‘‘ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාලව තමන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීම සහමුලින්ම දේශපාලන උවමනාවන් මත සිදුවුවක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 17 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026