(කාංචන කුමාර ආරියදාස )
ගලේවෙල කලාවැව හංදියේ බස් නැවතුම්පොළක නිදාසිටි යාචකයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවීම දෙස බලා සිටි ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු සැකපිට අද (30) දින ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දඹුල්ල බස් නැවතුම්පළට අනියුක්තව සේවය කරන අයෙකු බස්නැවතුමක නිදාසිටි යාචකයෙකුට ඉතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් පසුගියදා ගලේවෙල පොලීසියෙන් වාර්තා වී තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබූ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම පහරදී ඝාතනය කරන අවස්ථාවේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඒ දෙස බලාගෙන සිටින අයුරු පොලිසිය නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව සිද්ධිය වළක්වා ගැනීම වළක්වා නොගැනීම සහ ඝාතනයට අනුබලදීම යන චෝදනා යටතේ මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු සඳහන් කළේය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේම පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු හා දිවා කාලයේ ගලේවෙල තැපැල් කාර්යාලයේ සේවය කොට රාත්‍රී කාලයේ ත්‍රිරෝද රථ රියදුරකු ලෙස සේවය කරන අයෙකු බව පොලිසිය කියයි. මියගිය යාචකයාගේ මළ සිරුර තවමත් දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ ශිත ගබඩාවේ තැන්පත් කර තිබෙන බවත් මෙතෙක් ඔහු කාගේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමට නොහැකි වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක පසුවන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට පවතින තොරතුරු අනුව එම පුද්ගලයා තවත් යාචකයෙකු සමග මෙම බස් නැවතුම්පොළේ එදින නිදාගෙන තිබූ බවත් එම යාචකයා ද වයස අවුරුදු 75ක පමණ දැඩි වයෝවෘද්ධ පුද්ගලයකු බව පොලීසිය කියයි. ඔහුගෙන් ද මේ වන විට ඇසින් දුටු සාක්ෂි සටහන් කරගෙන ඉදිරි අධිකරණ කටයුතු සඳහා සාක්ෂි විමසීමට එම පුද්ගලයාගෙන් අවශ්‍ය පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
250 කට අධික ප්‍රමාණයක් බෝම්බ ගසා මරනකම් බලා සිටි රඡයේ මැති ඇමති සහ නිලධාරින් එලියේ. මුදලක් හොයාගන්න හයර් දුවන්න ආව දෙදෙනෙක් ඇතුලේ. මේ අවනඩු කාට කියන්නද.
මෙවැනි මිනිසුන් ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි.
සිද්ධිය වළක්වා ගැනීම වළක්වා නොගැනීම සහ ඝාතනයට අනුබලදීම යටතේ අර අහිංසකයෝ දෙන්නා ගත්තා නම් පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන සිටි රටේ නායකයින් අත්අඩංගුවට ගන්න ඕන අනිවාර්යයෙන්ම. පොඩි මිනිහට එක නීතියකුත් දේශපාලුවන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන අමුතු රටක්.
මෙහි වැඩි වරද තියෙන්නේ මෙතැන රජයේ සේවකයෙකුත් බලා සිටීමයි මෙහිදී ඔහුට රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම යටතේත් විනය ක්‍රියාමාර්ගයක් ගතයුතු වෙනවා..